Skip to content

පටුනට යන්න

ගණන් කතාව පොත

පරිච්ඡේද

පොතේ සාරාංශයක්

  • 1

    • හමුදාවට බඳවගන්න පුරුෂයන්ව ලියාපදිංචි කරයි (1-46)

    • ලෙවීවරුන්ව හමුදා සේවයෙන් නිදහස් කරයි (47-51)

    • කඳවුරේ කූඩාරම් ගහගන්න ඕනෙ පිළිවෙළ (52-54)

  • 2

    • කූඩාරම් ගැහුවේ කඳවුරේ එක පැත්තක ගෝත්‍ර තුනක් තියෙන විදිහටයි (1-34)

      • යූදා ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ නැඟෙනහිර පැත්තේ (3-9)

      • රූබෙන් ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ දකුණු පැත්තේ (10-16)

      • ලෙවී ගෝත්‍රය හිටියේ මැද (17)

      • එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ බස්නාහිර පැත්තේ (18-24)

      • දාන් ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ උතුරු පැත්තේ (25-31)

      • ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ (32-34)

  • 3

    • ආරොන්ගේ පුතාලා (1-4)

    • ශුද්ධ කූඩාරමේ සේවය කරන්න ලෙවීවරුන්ව තෝරගනියි (5-39)

    • කුලුඳුලන්ව බේරගනියි (40-51)

  • 4

    • කෝහාත්වරුන්ගේ වගකීම් (1-20)

    • ගේර්ෂොන්වරුන්ගේ වගකීම් (21-28)

    • මෙරාරීවරුන්ගේ වගකීම් (29-33)

    • ලියාපදිංචි කරපු අය ගැන සාරාංශයක් (34-49)

  • 5

    • අපවිත්‍ර තත්වයක හිටපු අයව නිරෝධායනය කරයි (1-4)

    • වැරදි පිළිගැනීම සහ වරද වෙනුවෙන් වන්දියක් ගෙවීම (5-10)

    • පුරුෂයාට ද්‍රෝහි වෙලාද කියලා දැනගන්න බිරිඳට තිත්ත වතුර බොන්න දෙයි (11-31)

  • 6

    • නසරීතවරයෙක් වෙන පොරොන්දුව (1-21)

    • පූජකයන් කරන ආශීර්වාද (22-27)

  • 7

    • ශුද්ධ කූඩාරම කැප කරද්දී ඔප්පු කරපු පූජා (1-89)

  • 8

    • ආරොන් පහන් හත දල්වයි (1-4)

    • ලෙවීවරුන්ව පවිත්‍ර තත්වයකට ගෙනෙයි. එයාලා සේවය පටන්ගනියි (5-22)

    • ලෙවීවරුන්ට සේවය කරන්න පුළුවන් වයස් සීමාව (23-26)

  • 9

    • නියමිත දවසේදී පාස්කුව පවත්වන්න බැරි වුණොත් (1-14)

    • ශුද්ධ කූඩාරමට ඉහළින් තිබුණ වලා ටැඹ සහ ගිනි ටැඹ (15-23)

  • 10

    • රිදී හොරණෑ (1-10)

    • සීනයි පාළුකරයෙන් පිටත් වෙයි (11-13)

    • පිටත් වෙලා යන්න ඕනෙ පිළිවෙළ (14-28)

    • ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න කියලා හොබාබ්ට කියයි (29-34)

    • සෙනඟ පිටත් වුණ වෙලාවේ මෝසෙස් කරපු යාච්ඤාව (35, 36)

  • 11

    • කන්කෙඳිරි ගාපු සෙනඟ පිටට දෙවියන් ගින්නක් එවයි (1-3)

    • සෙනඟ මස් ඉල්ලලා අඬයි (4-9)

    • මෝසෙස් අධෛර්යය වෙයි (10-15)

    • යෙහෝවා වැඩිමහල්ලන් 70දෙනෙක්ට ඔහුගේ බලය දෙයි (16-25)

    • එල්දාද් සහ මේදාද්; මෝසෙස්ට පාඩුවක් වෙයි කියලා යොෂුවා බය වෙයි (26-30)

    • වටුවන් එවයි; කෑදරකම නිසා සෙනඟට දඬුවම් කරයි (31-35)

  • 12

    • මිරියම් සහ ආරොන් මෝසෙස්ව විවේචනය කරයි (1-3)

      • මෝසෙස්, ඒ කාලේ හිටපු නිහතමානීම කෙනා (3)

    • යෙහෝවා මෝසෙස් වෙනුවෙන් කතා කරයි (4-8)

    • මිරියම්ට කුෂ්ඨයකින් පහර දෙයි (9-16)

  • 13

    • කානාන්වල තොරතුරු හොයලා බලන්න 12දෙනෙක්ව යවයි (1-24)

    • දහදෙනෙක් දේශය ගැන නරක තොරතුරු කියයි (25-33)

  • 14

    • සෙනඟ ආයෙත් ඊජිප්තුවට යන්න හදයි (1-10)

      • යොෂුවා සහ කාලෙබ් දේශය ගැන හොඳ තොරතුරු කියයි (6-9)

    • යෙහෝවාට කේන්ති යයි; සෙනඟට සමාව දෙන්න කියලා මෝසෙස් ඉල්ලයි (11-19)

    • දඬුවම: අවුරුදු 40ක් පාළුකරයේ ඉන්න වෙයි (20-38)

    • අමලෙක්වරු ඊශ්‍රායෙල්වරුන්ව පරද්දයි (39-45)

  • 15

    • පූජා ඔප්පු කරන්න ඕනෙ විදිහ (1-21)

      • ඊශ්‍රායෙල් ජාතිකයන්ටත් විදේශිකයන්ටත් එකම නීතිය (15, 16)

    • අත්වැරදීමකින් වුණ වැරදිවලට ඔප්පු කරන පූජා (22-29)

    • හිතාමතා කරන වැරදිවලට ලැබෙන දඬුවම (30, 31)

    • සබත් නීතිය කඩ කරපු කෙනෙක්ව මරයි (32-36)

    • නූල් රටාවකට ගැටගහලා ඇඳුම්වල වාටි සකස් කරන්න කියයි (37-41)

  • 16

    • කෝරා, දාතාන් සහ අබිරාම් කැරලිගහයි (1-19)

    • කැරලිගහපු අයට දඬුවම් කරයි (20-50)

  • 17

    • ආරොන්ගේ සැරයටියේ ආපු මල් පොහොට්ටු සාක්ෂියක් (1-13)

  • 18

    • පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ වගකීම් (1-7)

    • පරිත්‍යාගවලින් පූජකයන්ට ලැබෙන කොටස (8-19)

      • ලුණු මාර්ගයෙන් ස්ථිර කරගත්ත ගිවිසුම (19)

    • ලෙවීවරුන්ට දහයෙන් කොටසක් ලැබෙයි. ලෙවීවරුනුත් දහයෙන් කොටසක් දෙයි (20-32)

  • 19

    • රතු පාටට හුරු එළදෙන සහ පවිත්‍ර කරන්න පාවිච්චි කරන වතුර (1-22)

  • 20

    • මිරියම් කාදෙෂ්වල මිය යයි (1)

    • මෝසෙස් විශාල ගලට සැරයටියෙන් ගහලා පව් කරයි (2-13)

    • ඒදොම්වරු දේශය හරහා යන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර දෙන්නේ නැහැ (14-21)

    • ආරොන් මිය යයි (22-29)

  • 21

    • ආරද්වල රජව පරද්දයි (1-3)

    • තඹ සර්පයා (4-9)

    • ඊශ්‍රායෙල්වරු මෝවබ් දේශය මඟහැරලා යයි (10-20)

    • අමෝරිවරුන්ගේ රජ වන සීහොන්ව පරද්දයි (21-30)

    • අමෝරිවරුන්ගේ රජ වන ඕග්ව පරද්දයි (31-35)

  • 22

    • ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න කියලා බාලාක් බාලාම්ට කියයි (1-21)

    • බාලාම්ගේ බූරුවා කතා කරයි (22-41)

  • 23

    • බාලාම් කියපු 1වෙනි පණිවිඩය (1-12)

    • බාලාම් කියපු 2වෙනි පණිවිඩය (13-30)

  • 24

    • බාලාම් කියපු 3වෙනි පණිවිඩය (1-11)

    • බාලාම් කියපු 4වෙනි පණිවිඩය (12-25)

  • 25

    • ඊශ්‍රායෙල්වරු මෝවබ් කාන්තාවන් එක්ක අනාචාරයේ යෙදෙයි (1-5)

    • පිනෙහාස් වරදකරුවන්ව මරයි (6-18)

  • 26

    • දෙවෙනි පාරටත් ඊශ්‍රායෙල් ගෝත්‍රවල අයව ලියාපදිංචි කරයි (1-65)

  • 27

    • ෂෙලොපෙහාද්ගේ දුවලා (1-11)

    • මෝසෙස්ට පස්සේ යොෂුවාව පත් කරයි (12-23)

  • 28

    • විවිධ පූජා ඔප්පු කරන විදි (1-31)

      • දිනපතා ඔප්පු කරන පූජා (1-8)

      • සබත් දවසේදී ඔප්පු කරන පූජා (9, 10)

      • හැම මාසෙකම ඔප්පු කරන පූජා (11-15)

      • පාස්කුව සමරද්දී ඔප්පු කරන පූජා (16-25)

      • සති උත්සවය කාලේ ඔප්පු කරන පූජා (26-31)

  • 29

    • විවිධ පූජා ඔප්පු කරන විදි (1-40)

      • හොරණෑ පිඹින දවසේදී ඔප්පු කරන පූජා (1-6)

      • සමඟි වෙන දවසේදී ඔප්පු කරන පූජා (7-11)

      • පැල් උත්සවය කාලේදී ඔප්පු කරන පූජා (12-38)

  • 30

    • පුරුෂයන් වෙන පොරොන්දු (1, 2)

    • කාන්තාවන් වෙන පොරොන්දු (3-16)

  • 31

    • මිදියන්වරුන්ට දඬුවම් කරයි (1-12)

      • බාලාම්ව මරයි (8)

    • පැහැරගෙන ආපු බඩු බෙදන විදිහ (13-54)

  • 32

    • යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ නගර (1-42)

  • 33

    • ඊශ්‍රායෙල්වරු පාළුකරයේ කඳවුරු බැඳගත්ත තැන් (1-49)

    • කානාන් දේශය යටත් කරගන්න විදිහ ගැන උපදෙස් (50-56)

  • 34

    • කානාන්වල දේශ සීමා (1-15)

    • දේශය බෙදලා දෙන්න පුරුෂයන්ව පත් කරයි (16-29)

  • 35

    • ලෙවීවරුන්ට දුන්න නගර (1-8)

    • ආරක්ෂාව ලබා දෙන නගර (9-34)

  • 36

    • උරුමය ලැබුණ දුවලට විවාහය ගැන දුන්න නීතිය (1-13)