ගණන් කතාව 20:1-29

  • මිරියම් කාදෙෂ්වල මිය යයි (1)

  • මෝසෙස් විශාල ගලට සැරයටියෙන් ගහලා පව් කරයි (2-13)

  • ඒදොම්වරු දේශය හරහා යන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර දෙන්නේ නැහැ (14-21)

  • ආරොන් මිය යයි (22-29)

20  පළවෙනි මාසේදී ඊශ්‍රායෙල්වරු ෂින් පාළුකරයට ඇවිත් කාදෙෂ්වල කඳවුරු බැඳගත්තා.+ එහෙදී මිරියම්+ මිය ගියා. එයාව තැන්පත් කළේ ඒ ස්ථානයේමයි.  එතන සෙනඟට බොන්න වතුර තිබුණේ නැහැ.+ ඒ නිසා එයාලා එකතු වෙලා මෝසෙස්ටයි, ආරොන්ටයි විරුද්ධව කතා කරන්න පටන්ගත්තා.  සෙනඟ මෝසෙස්ට බැණබැණ+ මෙහෙම කිව්වා. “යෙහෝවා අපේ සහෝදරයන්ව මරපු වෙලාවේ අපිවත් මරලා දැම්මා නම් මීට වඩා හොඳයි.  ඔයාලා යෙහෝවාගේ සෙනඟව මේ පාළුකරයට ගෙනාවේ ඇයි? අපිවයි, අපේ සත්තුන්වයි මරලා දාන්නද?+  ඊජිප්තුවේ ඉඳන් අපිව මේ වගේ ජරා තැනකට මොකට එක්කන් ආවාද මන්දා!+ මෙහේ කිසිම දෙයක් වගා කරන්නත් බැහැ. අත්තික්කා, දෙළුම්, මිදි ඒ කිසි දෙයක් මෙහේ නැහැ. අඩුම තරමේ අපිට බොන්න වතුර ටිකක්වත් නැහැ.”+  ඒක ඇහුවාම මෝසෙස් සහ ආරොන් සෙනඟ ඉන්න තැනින් අයින් වෙලා ගියා. එයාලා හමු වීමේ කූඩාරමේ දොරටුව ළඟට ගිහින් දෙවියන් ඉස්සරහා දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගත්තා. ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ගේ තේජස එයාලා ඉස්සරහා දිස් වුණා.+  ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා.  “ඔයාගේ සැරයටිය අතට අරන් ඔයායි, ඔයාගේ සහෝදරයා වන ආරොනුයි සෙනඟව රැස් කරන්න. ඊටපස්සේ එයාලා ඉස්සරහා තියෙන විශාල ගලට කතා කරන්න. එතකොට ඒ ගලෙන් වතුර ගලාගෙන එයි. ඔයා එහෙම කරලා සෙනඟටත් එයාලාගේ සත්තුන්ටත් බොන්න වතුර දෙන්න.”+  මෝසෙස් යෙහෝවා කියපු විදිහටම දෙවියන් ඉස්සරහා තිබුණ එයාගේ සැරයටිය අතට ගත්තා.+ 10  ඊටපස්සේ මෝසෙස් සහ ආරොන් සෙනඟට ගල ළඟට එන්න කිව්වා. මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “කැරලිකාරයෙනි, මං කියන දේ අහන්න. ඔයාලා අපිට කියන්නේ මේ ගලෙන් වතුර දෙන්න කියලද?”+ 11  එයා එහෙම කියලා දෙපාරක් එයාගේ සැරයටියෙන් ගලට ගැහුවා. එතකොට ඒ ගලෙන් වතුර ගලාගෙන ආවා. සෙනඟත් එයාලාගේ සතුනුත් ඒකෙන් බිව්වා.+ 12  පස්සේ යෙහෝවා මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. “ඔයාලා දෙන්නා මාව විශ්වාස කළේ නැහැ. සෙනඟ ඉස්සරහා මාව ගෞරවයට පත් කළෙත් නැහැ.* ඒ නිසා මං දෙන දේශයට මේ සෙනඟව අරන් යන්න ඔයාලා දෙන්නාට අවස්ථාව ලැබෙන්නේ නැහැ.”+ 13  ඒ ස්ථානයේදී ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවාට බැන්න නිසා වතුර ගලාගෙන ආපු ඒ තැනට මෙරිබා*+ කියන නම තිබ්බා. ඒ අවස්ථාවේදී දෙවියන් සෙනඟ ඉස්සරහා තමන්ගේ නම ගෞරවයට පත් කළා. 14  මෝසෙස් කාදෙෂ් ඉඳන් ඒදොම්වල+ රජ ළඟට පණිවිඩකරුවෙක්ව යවලා මෙහෙම කිව්වා. “අපි ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්.+ ‘අපි කොයි තරම් දුක් කරදරවලට මුහුණ දුන්නාද කියලා ඔබ හොඳින්ම දන්නවා. 15  අපේ පියවරු ඊජිප්තු දේශයට ගිය නිසා+ අපිට එහේ සෑහෙන කාලයක් ජීවත් වෙන්න වුණා.+ එහෙදී ඊජිප්තුවරු අපේ පියවරුන්ටයි, අපිටයි ගොඩක් නරක විදිහට සැලකුවා.+ 16  අපි අපේ දුක කියකිය යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා.+ ඔහු අපේ ඉල්ලීම අහලා දේවදූතයෙක්ව එවලා+ ඊජිප්තුවෙන් අපිව බේරගත්තා. දැන් අපි ඉන්නේ ඔබේ දේශ සීමාවේ තියෙන කාදෙෂ් නගරේ. 17  අනේ, අපිට ඔබේ දේශය හරහා යන්න අවසර දෙන්න. අපි ඔබේ කෙත්වතු මැදින්වත් මිදිවතු මැදින්වත් යන්නේ නැහැ. ඔබේ ළිංවලින් වතුර බොන්නෙත් නැහැ. රජගේ මාර්ගය දිගේ විතරක් අපි යන්නම්. ඔබේ දේශය පහු කරන කල් අපි ඒ මාර්ගයෙන් දකුණටවත් වමටවත් හැරෙන්නේ නැහැ.’”+ 18  ඒත් ඒදොම්වල රජ මෙහෙම කිව්වා. “මගේ දේශය හරහා යන්න මං ඔයාලට ඉඩ දෙන්නේ නැහැ. ඔයාලා මෙහෙට ආවොත් අපි ඔයාලට කඩුවෙන් පහර දෙනවා.” 19  එතකොට ඊශ්‍රායෙල්වරු එයාට මෙහෙම දන්වලා යැව්වා. “අපිට ප්‍රධාන මාර්ගය දිගේ විතරක් යන්න අවසර දෙන්න. අපි හරි අපේ සත්තු හරි ඔබේ දේශයෙන් වතුර බිව්වොත් අපි ඒකට හරියන්න සල්ලි දෙන්නම්.+ ඔබේ දේශය හරහා පයින් යන්න විතරක් අපිට ඉඩ දෙන්න. අපිට වෙන මුකුත් ඕනෙ නැහැ.”+ 20  ඒත් එයා “ඔයාලට අපේ දේශය හරහා යන්න අවසර දෙන්න බැහැ”+ කියලා කිව්වා. ඊටපස්සේ ඒදොම්වල රජ බලවත් හමුදාවක් සහ විශාල සෙනඟක් එක්ක ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න ආවා. 21  ඒ විදිහට ඒදොම්වල රජ ඊශ්‍රායෙල් සෙනඟට එයාගේ දේශය හරහා යන්න අවසර දුන්නේ නැහැ. ඒ නිසා ඊශ්‍රායෙල්වරු එතනින් පිටත් වෙලා ගියා.+ 22  ඊශ්‍රායෙල් සෙනඟ කාදෙෂ්වල ඉඳන් හෝර් කන්ද වෙන කල් ගියා.+ 23  ඒදොම් දේශ සීමාවේ තිබුණ හෝර් කන්දේදී යෙහෝවා මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. 24  “මෙරිබාවල වතුර දුන්න වෙලාවේ ඔයාලා දෙන්නා මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා.+ ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට මං දෙන දේශයට යන්න ආරොන්ට ලැබෙන්නේ නැහැ. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාත් මිය යනවා.+ 25  ඔයා ආරොන් සහ එයාගේ පුතා වන එලියාසර් එක්ක හෝර් කන්ද උඩට යන්න. 26  ආරොන් ඇඳගෙන ඉන්න නිලඇඳුම්+ ගලවලා එයාගේ පුතා වන එලියාසර්ට+ අන්දවන්න. ආරොන් එතනදී මිය යනවා.” 27  මෝසෙස්, යෙහෝවා කියපු විදිහටම කළා. මුළු සෙනඟම බලන් ඉද්දී එයාලා හෝර් කන්ද උඩට ගියා. 28  මෝසෙස්, ආරොන් ඇඳගෙන හිටපු නිලඇඳුම ගලවලා එයාගේ පුතා වන එලියාසර්ට ඇන්දුවා. ආරොන් කන්ද මුදුනේදී මැරුණා.+ පස්සේ මෝසෙස් සහ එලියාසර් කන්දෙන් බැහැලා ආවා. 29  ආරොන් මැරුණා කියලා දැනගත්තාම මුළු ඊශ්‍රායෙල් සෙනඟම අඬන්න පටන්ගත්තා. එයාලා දවස් 30ක් තිස්සේ ආරොන් ගැන දුක් වෙවී ඇඬුවා.+

පාදසටහන්

මූ.අ., “ශුද්ධ තැනැත්තා විදිහට මට ගෞරවය දුන්නේ නැහැ.”
තේරුම, “රණ්ඩුව.”