ගණන් කතාව 28:1-31

  • විවිධ පූජා ඔප්පු කරන විදි (1-31)

    • දිනපතා ඔප්පු කරන පූජා (1-8)

    • සබත් දවසේදී ඔප්පු කරන පූජා (9, 10)

    • හැම මාසෙකම ඔප්පු කරන පූජා (11-15)

    • පාස්කුව සමරද්දී ඔප්පු කරන පූජා (16-25)

    • සති උත්සවය කාලේ ඔප්පු කරන පූජා (26-31)

28  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා.  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම අණ කරන්න. ‘මට ඔප්පු කරන පූජාවන් මං නියම කරපු කාලවලදී මට ඔප්පු කළ යුතුයි.+ ඒවා මට අයිති ආහාර. මට මිහිරි* සුවඳක් ගේන්න ඒ පූජා ගින්නෙන් දවා ඔප්පු කරන්න.’  “ඔයා සෙනඟට මේ දේත් කියන්න. ‘යෙහෝවා වන මට ගින්නෙන් දවා ඔප්පු කළ යුතු පූජා මේවායි. අවුරුද්දක් වයස, කිසි කැළලක් නැති බැටළු පැටව් දෙන්නෙක්ව දවන පූජාවක් විදිහට දිනපතාම ඔප්පු කළ යුතුයි.+  එක බැටළු පැටියෙක්ව උදේට ඔප්පු කරන්න. අනිත් පැටියාව හිරු බැහැගෙන යනවාත් එක්කම* ඔප්පු කරන්න.+  ඒ හැම පූජාවක් එක්කම ධාන්‍ය පූජාවකුත් ඔප්පු කරන්න. සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින්* දහයෙන් කොටසකට ඔලීව ගෙඩි කොටලා හදාගත්ත තෙල් හින මිනුමකින්* හතරෙන් කොටසක් මිශ්‍ර කරලා ධාන්‍ය පූජාව විදිහට ඔප්පු කරන්න.+  ඒක නිතිපතා ඔප්පු කළ යුතු දවන පූජාවක්.+ ඒ පූජාව ඔප්පු කරන්න කියලා මං නියම කලේ සීනයි කන්දෙදියි. යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න ඒක ගින්නෙන් ඔප්පු කළ යුතුයි.  ඒ එක් එක් බැටළුවා එක්ක පාන පූජාවකුත් ඔප්පු කරන්න. පාන පූජාව විදිහට මත්පැන් හින මිනුමකින් හතරෙන් කොටසක් ඔප්පු කරන්න.+ ඒක ශුද්ධස්ථානයේ යෙහෝවා වන මං ඉස්සරහා වක් කරන්න.  අනිත් බැටළුවාවත් හිරු බැහැගෙන යනවාත් එක්කම* ඔප්පු කරන්න. මේ දවන පූජාව එක්කත් උදේ ඔප්පු කරපු විදිහටම ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කරන්න. යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න ඒ පූජාව ගින්නෙන් ඔප්පු කරන්න.+  “‘ඒත් සබත් දවසේදී+ දවන පූජාවක් විදිහට අවුරුද්දක් වයස, කිසිම කැළලක් නැති බැටළු පැටව් දෙන්නෙක්ව ඔප්පු කරන්න. ඒකත් එක්ක ධාන්‍ය පූජාවක් විදිහට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 10  දිනපතා ඔප්පු කරන දවන පූජා සහ ඒවා එක්ක ඔප්පු කරන පාන පූජාවලට අමතරව සබත් දවසේදී ඒ දවන පූජාවත් ඔප්පු කළ යුතුයි.+ 11  “‘මාසේ පළවෙනිදා වස්සන් දෙන්නෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් වයස කිසිම කැළලක් නැති බැටළු පැටව් හත්දෙනෙක්ව දවන පූජා විදිහට යෙහෝවා වන මට ඔප්පු කරන්න.+ 12  ඒ සතුන් එක්ක ධාන්‍ය පූජාත්+ ඔප්පු කළ යුතුයි. හැම වස්සෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ඔප්පු කරන්න. බැටළුවා එක්ක+ තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ඔප්පු කරන්න. 13  හැම බැටළු පැටියෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න. යෙහෝවා වන මට මිහිරි සුවඳක්+ ගේන්න ඒ දවන පූජා ගින්නෙන් ඔප්පු කරන්න. 14  ඒ සතුන් එක්ක පාන පූජාත් ඔප්පු කළ යුතුයි. හැම වස්සෙක් එක්කම වයින් හින මිනුමකින් දෙකෙන් කොටසක්+ ඔප්පු කරන්න. බැටළුවා එක්ක වයින් හින මිනුමකින් තුනෙන් කොටසක්+ ඔප්පු කරන්න. හැම බැටළු පැටියෙක් එක්කම වයින් හින මිනුමකින් හතරෙන් කොටසක්+ ඔප්පු කරන්න. අවුරුද්දේ හැම මාසයකම ඒ දවන පූජා ඔප්පු කරන්න. 15  දිනපතා ඔප්පු කරන දවන පූජා සහ ඒවා එක්ක ඔප්පු කරන පාන පූජාවලට අමතරව පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත් යෙහෝවා වන මට ඔප්පු කළ යුතුයි. 16  “‘පළවෙනි මාසයේ 14වෙනිදා යෙහෝවා වන මට ගෞරව කරන්න පාස්කුව සැමරිය යුතුයි.+ 17  ඒ මාසයේ 15වෙනිදා උත්සවයක් පැවැත්විය යුතුයි. ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි කන්න.+ 18  පළවෙනි දවසේදී මට නමස්කාර කරන්න ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. ඔබ ඒ දවසේ වෙහෙස මහන්සි වෙලා කිසි වැඩක් නොකළ යුතුයි. 19  වස්සන් දෙන්නෙක්, බැටළුවෙක් සහ අවුරුද්දක් වයස බැටළු පැටව්* හත්දෙනෙක් දවන පූජා විදිහට යෙහෝවා වන මට එදාට ගින්නෙන් ඔප්පු කරන්න. ඒ සතුන් කිසි කැළලක් නැති උන් විය යුතුයි.+ 20  ඒ සතුන් එක්ක ධාන්‍ය පූජාත් ඔප්පු කරන්න. හැම වස්සෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි+ ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ඔප්පු කරන්න. බැටළුවා එක්ක තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ඔප්පු කරන්න. 21  හැම බැටළු පැටියෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න. 22  ඔබේ වැරදිවලට සමාව ලබාගන්න පාප පූජාවක් විදිහට එළුවෙක්වත් ඔප්පු කරන්න. 23  හැමදාම උදේට ඔප්පු කරන දවන පූජාවට අමතරව ඒ පූජාත් ඔප්පු කරන්න. 24  ඒ විදිහට දවස් හතක් යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න ඒ පූජා ගින්නෙන් ඔප්පු කරන්න. ඒවා මට අයිති ආහාර. දිනපතා ඔප්පු කරන දවන පූජා සහ ඒවා එක්ක ඔප්පු කරන පාන පූජාවලට අමතරව ඒ පූජාත් ඔප්පු කරන්න. 25  හත්වෙනි දවසේදී මට නමස්කාර කරන්න ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඔබ ඒ දවසේ වෙහෙස මහන්සි වෙලා කිසි වැඩක් නොකළ යුතුයි.+ 26  “‘සති උත්සවය පවත්වන කාලයේ ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවෙන්+ යෙහෝවා වන මට අලුත් ධාන්‍ය ඔප්පු කරන දවසේදී+ ඔබ මට නමස්කාර කරන්න ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඔබ ඒ දවසේ වෙහෙස මහන්සි වෙලා කිසි වැඩක් නොකළ යුතුයි.+ 27  ඒ අවස්ථාවේදී වස්සන් දෙන්නෙක්, බැටළුවෙක් සහ අවුරුද්දක් වයස බැටළු පැටව් හත්දෙනෙක් දවන පූජා විදිහට ඔප්පු කරන්න. යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න ඒවා ඔප්පු කරන්න.+ 28  ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්න. හැම වස්සෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ඔප්පු කරන්න. බැටළුවා එක්ක තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ඔප්පු කරන්න. 29  හැම බැටළු පැටියෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න. 30  ඔබට සමාව ලබාගන්න එළු පැටියෙක්වත් ඔප්පු කරන්න.+ 31  දිනපතා ඔප්පු කරන දවන පූජා සහ ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලට අමතරව ඒ පූජාත් ඔප්පු කරන්න. පාන පූජාත් ඒවා එක්ක ඔප්පු කරන්න. පූජාවලට ඔප්පු කරන සතුන් කිසිම කැළලක් නැති උන් විය යුතුයි.+

පාදසටහන්

හෝ, “දෙවියන්ව සතුටු කරන්න.”
පේන විදිහට මෙතන කතා කරන්නේ හිරු බැස යන වෙලාව සහ අඳුර වැටෙන වෙලාව අතර කාලය ගැනයි.
ඒපාවකින් දහයෙන් කොටසක් කියන්නේ ලීටර් 2.2ක්. කි.ග්‍රෑ. 1කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.
හින මිනුමක් කියන්නේ ලීටර් 3.67ක්. උප. B14 බලන්න.
පේන විදිහට මෙතන කතා කරන්නේ හිරු බැස යන වෙලාව සහ අඳුර වැටෙන වෙලාව අතර කාලය ගැනයි.
ඒ කියන්නේ පිරිමි සත්තු.