ගණන් කතාව 29:1-40

  • විවිධ පූජා ඔප්පු කරන විදි (1-40)

    • හොරණෑ පිඹින දවසේදී ඔප්පු කරන පූජා (1-6)

    • සමඟි වෙන දවසේදී ඔප්පු කරන පූජා (7-11)

    • පැල් උත්සවය කාලේදී ඔප්පු කරන පූජා (12-38)

29  “‘ඔබ හත්වෙනි මාසයේ පළවෙනි දවසේදී මට නමස්කාර කරන්න ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. එදාට වෙහෙස මහන්සි වෙලා කිසි වැඩක් කරන්න එපා.+ ඒක හොරණෑ පිඹිය යුතු දවසක්.+  ඒ දවසේදී වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් හත්දෙනෙක්ව දවන පූජා විදිහට ඔප්පු කරන්න. ඒ සතුන් කිසිම කැළලක් නැති උන් විය යුතුයි. යෙහෝවා වන මට මිහිරි* සුවඳක් ගේන්න උන්ව ඔප්පු කරන්න.  ඒ සතුන් එක්ක ධාන්‍ය පූජාවකුත් ඔප්පු කළ යුතුයි. වස්සා එක්ක තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ඔප්පු කරන්න. බැටළුවා එක්ක තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ඔප්පු කරන්න.  හැම බැටළු පැටියෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න.  ඔබේ වැරදිවලට සමාව ලබාගන්න පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත් ඔප්පු කරන්න.  ඔබ හැම මාසයකම ඔප්පු කරන දවන පූජාවලටත් දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒ එක් එක් පූජා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත්+ පාන පූජාවලටත්+ අමතරව ඒ පූජාත් ඔප්පු කළ යුතුයි. ඒවා යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න ගින්නෙන් දවා ඔප්පු කරන්න.  “‘හත්වෙනි මාසයේ දහවෙනි දවසේදී ඔබ මට නමස්කාර කරන්න ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදාට ඔබේ වැරදි ගැන දුක් විය යුතුයි.* ඒ දවසේ කිසිම වැඩක් කරන්නත් ඔබට අවසර නැහැ.+  එදාට යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න දවන පූජාවක් ඔප්පු කරන්න. ඒ වෙනුවෙන් කිසිම කැළලක් නැති+ වස්සෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් හත්දෙනෙක්ව ඔප්පු කරන්න.  ඒ එක් එක් සතා එක්ක ධාන්‍ය පූජාත් ඔප්පු කරන්න. වස්සා එක්ක තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ඔප්පු කරන්න. බැටළුවා එක්ක තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ඔප්පු කරන්න. 10  හැම බැටළු පැටියෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න. 11  ඔබේ වැරදිවලට සමාව ලබාගන්න පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත් ඔප්පු කරන්න. සමඟි වෙන දවසේදී* ඔප්පු කරන පාප පූජාවටත්+ දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒ එක් එක් දවන පූජා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත් අමතරව ඒ පාප පූජාවත් ඔප්පු කළ යුතුයි. 12  “‘හත්වෙනි මාසයේ 15වෙනි දවසේදී ඔබ මට නමස්කාර කරන්න ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. ඔබ එදාට වෙහෙස මහන්සි වෙලා කිසිම වැඩක් නොකළ යුතුයි. එදා ඉඳන් දවස් හතක් යෙහෝවා වන මං වෙනුවෙන් උත්සවයක් පවත්වන්න.+ 13  එදාට යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න දවන පූජාවක්+ ඔප්පු කරන්න. ඒ වෙනුවෙන් කිසිම කැළලක් නැති+ වස්සන් දහතුන්දෙනෙක්ව, බැටළුවන් දෙන්නෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් දහහතරදෙනෙක්ව ඔප්පු කරන්න. 14  ඒ එක් එක් සතා එක්ක ධාන්‍ය පූජාවකුත් ඔප්පු කරන්න. හැම වස්සෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ඔප්පු කරන්න. හැම බැටළුවෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ඔප්පු කරන්න. 15  හැම බැටළු පැටියෙක් එක්කම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න. 16  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත් අමතරව පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත් ඔප්පු කරන්න.+ 17  “‘දෙවෙනි දවසේදී වස්සන් දොළොස්දෙනෙක්ව, බැටළුවන් දෙන්නෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් දහහතරදෙනෙක්ව ඔප්පු කරන්න. උන් කිසි කැළලක් නැති සතුන් විය යුතුයි.+ 18  නියම කරලා තියෙන විදිහට ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 19  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත් ඔප්පු කරන්න. 20  “‘තුන්වෙනි දවසේදී ගවයන් එකොළොස්දෙනෙක්ව, බැටළුවන් දෙන්නෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් දහහතරදෙනෙක්ව ඔප්පු කරන්න. උන් කිසිම කැළලක් නැති සතුන් විය යුතුයි.+ 21  නියම කරලා තියෙන විදිහට ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 22  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් විදිහට එළුවෙක්වත් ඔප්පු කරන්න. 23  “‘හතරවෙනි දවසේදී ගවයන් දහදෙනෙක්ව, බැටළුවන් දෙන්නෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් දහහතරදෙනෙක්ව ඔප්පු කරන්න. උන් කිසිම කැළලක් නැති සතුන් විය යුතුයි.+ 24  නියම කරලා තියෙන විදිහට ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 25  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත් ඔප්පු කරන්න. 26  “‘පස්වෙනි දවසේදී ගවයන් නමදෙනෙක්ව, බැටළුවන් දෙන්නෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් දහහතරදෙනෙක්ව ඔප්පු කරන්න. උන් කිසිම කැළලක් නැති සතුන් විය යුතුයි.+ 27  නියම කරලා තියෙන විදිහට ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 28  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් විදිහට එළුවෙක්වත් ඔප්පු කරන්න. 29  “‘හයවෙනි දවසේදී ගවයන් අටදෙනෙක්ව, බැටළුවන් දෙන්නෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් දහහතරදෙනෙක්ව ඔප්පු කරන්න. උන් කිසිම කැළලක් නැති සතුන් විය යුතුයි.+ 30  නියම කරලා තියෙන විදිහට ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 31  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් විදිහට එළුවෙක්වත් ඔප්පු කරන්න. 32  “‘හත්වෙනි දවසේදී ගවයන් හත්දෙනෙක්ව, බැටළුවන් දෙන්නෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් දහහතරදෙනෙක්ව ඔප්පු කරන්න. උන් කිසිම කැළලක් නැති සතුන් විය යුතුයි.+ 33  නියම කරලා තියෙන විදිහට ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 34  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් විදිහට එළුවෙක්වත් ඔප්පු කරන්න. 35  “‘අටවෙනි දවසේදී ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. ඔබ එදාට වෙහෙස මහන්සි වෙලා කිසිම වැඩක් නොකළ යුතුයි.+ 36  යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න එදාට දවන පූජාවක් ඔප්පු කරන්න. ඒ වෙනුවෙන් ගවයෙක්ව, බැටළුවෙක්ව සහ අවුරුද්දක් වයස බැටළු පැටව් හත්දෙනෙක්ව ඔප්පු කරන්න. උන් කිසිම කැළලක් නැති සතුන් විය යුතුයි.+ 37  නියම කරලා තියෙන විදිහට ඒ හැම සතෙක් එක්කම ධාන්‍ය පූජාවකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. 38  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් විදිහට එළුවෙක්වත් ඔප්පු කරන්න. 39  “‘ඔබට නියම කරලා තියෙන උත්සව දවස්වලදී+ යෙහෝවා වන මට ඔබ ඒ හැම පූජාවක්ම ඔප්පු කළ යුතුයි. ඔබ ඔප්පු කරන භාරවලට,+ කැමැත්තෙන් ඔප්පු කරන පූජාවලට,+ දවන පූජාවලට,+ ධාන්‍ය පූජාවලට,+ පාන පූජාවලට+ සහ හවුල් පූජාවලට+ අමතරව ඒ පූජාත් ඔප්පු කළ යුතුයි.’” 40  මෝසෙස්, යෙහෝවා දෙවියන් එයාට අණ කරපු හැම දේම ඊශ්‍රායෙල් සෙනඟට දැනුම් දුන්නා.

පාදසටහන්

හෝ, “දෙවියන්ව සතුටු කරන්න.”
මේකෙන් නිරාහාරව ඉන්න එක ඇතුළුව තමන්ටම දාගත්ත තහංචි අදහස් කළා වෙන්න පුළුවන්.
හෝ, “දෙවියන් එක්ක සාමකාමී බැඳීමක් ආයෙත් ඇති කරන දවසේදී.”