ගණන් කතාව 31:1-54

  • මිදියන්වරුන්ට දඬුවම් කරයි (1-12)

    • බාලාම්ව මරයි (8)

  • පැහැරගෙන ආපු බඩු බෙදන විදිහ (13-54)

31  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා.  “මිදියන්වරු+ ඊශ්‍රායෙල් සෙනඟට කරපු දේ නිසා එයාලට දඬුවම් කරන්න.+ ඊටපස්සේ ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මිය යනවා.”+  මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “මිදියන්වරු කරපු දේ නිසා එයාලට දඬුවම් කරන්න ඕනේ. ඒ නිසා දැන් යෙහෝවා වෙනුවෙන් සටනට යන්න ඔයාලා අතරේ ඉන්න පුරුෂයන්ව සූදානම් කරන්න.  හැම ගෝත්‍රයකින්ම පුරුෂයන් 1,000 ගාණේ තෝරගෙන එයාලව සටනට යවන්න.”  ඉතින් ඊශ්‍රායෙල්වරු දහස් ගාණක් අතරින්+ එක ගෝත්‍රයකින් 1,000 ගාණේ පුරුෂයන් 12,000ක් තෝරගෙන එයාලව සටනට සූදානම් කළා.  ඒ එක් එක් ගෝත්‍ර නියෝජනය කරපු පුරුෂයන් 12,000 එක්ක පූජක එලියාසර්ගේ පුතා වන පිනෙහාස්වත්+ මෝසෙස් පිටත් කරලා යැව්වා. අණ දෙන්න ඕනෙ කරන හොරණෑ+ සහ ශුද්ධ භාණ්ඩ අරන් යන වගකීම පැවරුණේ පිනෙහාස්ට.  යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහටම එයාලා මිදියන්වරුන්ට විරුද්ධව සටන් කරලා එයාලා අතරේ ඉන්න හැම පුරුෂයෙක්වම මරලා දැම්මා.  එයාලා මරපු අය අතරේ එවී, රෙකෙම්, ෂුර්, හූර් සහ රෙබා කියන මිදියන්වරුන්ගේ රජවරු පස්දෙනාත් හිටියා. බෙයොර්ගේ පුතා වන බාලාම්වත්+ එයාලා කඩුවෙන් මරලා දැම්මා.  ඒත් ඊශ්‍රායෙල්වරු මිදියන් ජාතික කාන්තාවන්ව සහ දරුදැරියන්ව වහලුන් විදිහට අරගෙන ආවා. මිදියන්වරුන්ට අයිති හැම සතෙක්වමත් එයාලට අයිති හැම දේමත් ඊශ්‍රායෙල්වරු අරන් ආවා. 10  මිදියන්වරු පදිංචි වෙලා හිටපු හැම නගරයක්ම සහ එයාලාගේ හැම කඳවුරක්ම ඊශ්‍රායෙල්වරු ගිනි තියලා විනාශ කළා. 11  ඒත් එයාලා අල්ලගත්ත මිනිසුන්වයි, පැහැරගත්ත සතුන්වයි, වස්තුවයි විනාශ කළේ නැහැ. 12  එයාලා ඒ මිනිසුන්ව, සතුන්ව සහ පැහැරගත්ත හැම දේම අරන් මෝසෙස්, පූජක එලියාසර් සහ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටපු තැනට ආවා. ඒ වෙලාවේ ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරු බැඳගෙන හිටියේ යෙරිකෝව සහ යොර්දාන් ගඟ ළඟ තියෙන මෝවබ් පාළුකරයේ.+ 13  මෝසෙස්, පූජක එලියාසර් සහ අධිපතීන් හැමෝම එයාලව හම්බ වෙන්න කඳවුරෙන් එළියට ගියා. 14  සටනට ගිහින් ආපු හමුදාපතීන් එක්ක ඒ වෙලාවේ මෝසෙස්ට හුඟක් කේන්ති ගියා. එයා හමුදාවේ සීයකට සහ දාහකට වෙන් කරලා තිබුණ කණ්ඩායම්වල ප්‍රධානීන්ට 15  මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා මේ කාන්තාවන්ව ඉතුරු කළේ? 16  එයාලා නේද පෙයෝර්වලදී+ යෙහෝවාට විරුද්ධව පව් කරන්න+ ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹෙව්වේ? එයාලා බාලාම්ගේ උපදෙස් අහලා ඒ දේ කරපු නිසා නේද යෙහෝවා සෙනඟට වසංගතයකින් පහර දුන්නේ?+ ඒක ඔයාලට අමතක වුණාද? 17  පිරිමි දරුවෝ හැමෝවමත් පුරුෂයෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙන කාන්තාවන් හැමෝවමත් දැන්ම මරලා දාන්න. 18  පුරුෂයෙක් එක්ක සම්බන්ධකම් පවත්වලා නැති දැරියන්ව විතරක් ඉතුරු කරන්න.+ 19  ඔයාලා හැමෝම දවස් හතක් යන කල් කඳවුරෙන් එළියට වෙලා ඉන්න. කෙනෙක් කාව හරි මැරුවා නම් නැත්නම් මළ සිරුරක් ඇල්ලුවා නම්+ ඒ කෙනා තුන්වෙනි දවසේදීත් හත්වෙනි දවසේදීත් පවිත්‍ර වෙන්න ඕනේ.+ ඔයාලා පැහැරගත්ත අයත් පවිත්‍ර වෙන්න ඕනේ. 20  ඔයාලා ළඟ තියෙන ඇඳුම් පවිත්‍ර කරගන්න. හම්වලින්, එළු රෝමවලින්, ලීවලින් හදලා තියෙන හැම දෙයක්මත් පවිත්‍ර කරන්න.” 21  ඊටපස්සේ පූජක එලියාසර් සටනට ගිහින් ආපු පුරුෂයන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය මේකයි. 22  ‘රන්වලින්, රිදීවලින්, තඹවලින්, යකඩවලින්, බෙලෙක්වලින් සහ ඊයම්වලින් හදපු භාණ්ඩ 23  ඒ කියන්නේ, ගින්නට ඔරොත්තු දෙන හැම භාණ්ඩයක්ම ගින්නට දාලා ආයෙත් ගන්න. එතකොට ඒවා පවිත්‍ර වෙයි. පවිත්‍ර කරන්න පාවිච්චි කරන වතුරෙනුත් ඒවා පවිත්‍ර කළ යුතුයි.+ ගින්නට ඔරොත්තු දෙන්නේ නැති හැම භාණ්ඩයක්ම වතුරෙන් හෝදන්න. 24  හත්වෙනි දවසේදී ඔබේ ඇඳුම් හෝදගෙන ඔබ පවිත්‍ර විය යුතුයි. ඊටපස්සේ කඳවුරට ඇතුල් වෙන්න ඔබට පුළුවන්.’”+ 25  යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 26  “පූජක එලියාසර් සහ පෙළපත්වල ප්‍රධානීන් එක්ක එකතු වෙලා පැහැරගෙන ආපු බඩුයි, අල්ලගෙන ආපු මිනිස්සුන්වයි, සත්තුන්වයි ගණන් කරන්න. 27  පැහැරගෙන ආපු දේවල් කොටස් දෙකකට බෙදන්න. ඒකෙන් එක කොටසක් සටනට ගිය අයට දෙන්න. අනිත් කොටස සටනට ගියේ නැති හැමෝටම බෙදලා දෙන්න.+ 28  සටනට ගිය අයට ලැබෙන කොටසෙන් පංගුවක් යෙහෝවා වන මට දෙන්න ඕනේ.* ඒ කියන්නේ එයාලට ලැබෙන මිනිස්සු සහ සත්තු* 500දෙනෙක්ගෙන් එක් කෙනා ගාණේ මට දෙන්න. ඒ විදිහට ගවයන්, එළුවන්, බැටළුවන් සහ බූරුවන් අතරින් කොටසක් මට දෙන්න. 29  එයාලට ලැබෙන කොටසෙන් වෙන් කරන ඒ පංගුව පූජක එලියාසර්ට දෙන්න. ඒක යෙහෝවා වන මට දෙන පරිත්‍යාගයක්.+ 30  ඊශ්‍රායෙල් සෙනඟට ලැබෙන කොටසෙනුත් පංගුවක් වෙන් කරන්න. ඒ කියන්නේ එයාලට ලැබෙන මිනිස්සු සහ සත්තු 50දෙනෙක්ගෙන් එක් කෙනා ගාණේ මට දෙන්න. ඒ විදිහට ගවයන්, එළුවන්, බැටළුවන්, බූරුවන් සහ ඇති කරන අනිත් සතුන් අතරින් කොටසක් වෙන් කරලා ඒක යෙහෝවා වන මගේ ශුද්ධ කූඩාරමේ වැඩ කරන+ ලෙවීවරුන්ට දෙන්න.”+ 31  මෝසෙස් සහ පූජක එලියාසර් යෙහෝවා අණ කරපු විදිහටම කළා. 32  සටනට ගිය අය පැහැරගෙන ආපු දේවල්වලින් ඉතුරු වුණ දේවල් මේවායි. එළු බැටළු රැළෙන් හයලක්ෂ හැත්තෑපන්දාහක්, 33  ගව රැළෙන් 72,000ක්, 34  බූරුවන්ගෙන් 61,000ක්, 35  පුරුෂයෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වපු නැති+ කාන්තාවන් 32,000ක් ඉතුරු වෙලා හිටියා. 36  සටනට ගිය අයට එළු බැටළු රැළෙන් සතුන් තුන්ලක්ෂ තිස්හත්දාස් පන්සීයක් ලැබුණා. 37  එයාලා එළු බැටළු රැළෙන් සත්තු 675දෙනෙක්ව වෙන් කරලා ඒ සත්තුන්ව යෙහෝවාට දුන්නා. 38  ගව රැළෙන් එයාලට සත්තු 36,000ක් ලැබුණා. ඒකෙන් එයාලා ගවයන් 72ක් වෙන් කරලා යෙහෝවාට දුන්නා. 39  එයාලට බූරුවන් 30,500ක් ලැබුණා. ඒකෙන් එයාලා 61ක් වෙන් කරලා යෙහෝවාට දුන්නා. 40  එයාලට මිනිසුන් 16,000ක් ලැබුණා. ඒ අයගෙන් 32ක් වෙන් කරලා ඒ අයව යෙහෝවාට දුන්නා. 41  යෙහෝවා දෙවියන් අණ කරපු විදිහටම මෝසෙස් කළා. පැහැරගෙන ආපු මිනිසුන්ගෙන් සහ සතුන්ගෙන් කොටසක් එයා පූජක එලියාසර්ට දුන්නා.+ ඒක යෙහෝවා වෙනුවෙන් දුන්න පරිත්‍යාගයක්. 42  ඊශ්‍රායෙල් සෙනඟට ඒ කියන්නේ සටනට ගියේ නැති අයට මෝසෙස් දීපු කොටසයි මේ. 43  එළු බැටළු රැළෙන් සතුන් තුන්ලක්ෂ තිස්හත්දාස් පන්සීයක්, 44  ගව රැළෙන් සතුන් 36,000ක්, 45  බූරුවන් 30,500ක් සහ 46  මිනිසුන් 16,000ක් එයාලට ලැබුණා. 47  ඊශ්‍රායෙල් සෙනඟට ලැබුණ ඒ කොටසෙන් යෙහෝවාගේ ශුද්ධ කූඩාරමේ වගකීම් භාරව හිටපු+ ලෙවීවරුන්ට මෝසෙස් පංගුවක් දුන්නා.+ යෙහෝවා අණ කරපු විදිහට මෝසෙස් සෙනඟට ලැබුණ මිනිසුන් සහ සතුන් 50දෙනෙක්ගෙන් එක් කෙනා ගාණේ ලෙවීවරුන්ට දුන්නා. 48  ඊටපස්සේ ඊශ්‍රායෙල් හමුදාවේ සීයකට සහ දාහකට වෙන් කරලා තිබුණ කණ්ඩායම්වල ප්‍රධානීන්+ මෝසෙස් ළඟට ඇවිත් 49  මෙහෙම කිව්වා. “අපි යටතේ සේවය කරන පුරුෂයන්ව අපි ගණන් කරලා බැලුවා. එයාලාගෙන් එක් කෙනෙක්වත් අඩු වෙලා නැහැ.+ 50  ඉතින් අපි කැමතියි ඒ වෙනුවෙන් යෙහෝවාට යමක් දෙන්න. ඒ නිසා අපි එක් එක් කෙනා ළඟ තියෙන රත්තරන් ආභරණ, පාද සලන්, වළලු, මුද්‍රා තියන මුදු, කරාබු සහ අනිත් ආභරණ අපි ගෙනත් දෙන්නම්. අපේ වැරදිවලට සමාව ලබාගන්න අපි ඒ දේවල් යෙහෝවාට දෙනවා.” 51  මෝසෙස් සහ පූජක එලියාසර් එයාලා ගෙනත් දුන්න රත්තරන් ආභරණ හැම එකක්ම භාරගත්තා. 52  ඊශ්‍රායෙල් හමුදාවේ සීයකට සහ දාහකට වෙන් කරලා තිබුණ කණ්ඩායම්වල ප්‍රධානීන් යෙහෝවාට තෑගි කරපු රත්තරන් ආභරණවල බර ෂෙකෙල්* 16,750යි. 53  හමුදාවේ හිටිය හැම පුරුෂයෙක්ම තමන්ටම කියලා වටිනා දේවල් අරගෙනයි තිබුණේ. 54  හමුදාවේ සීයකට සහ දාහකට වෙන් කරලා තිබුණ කණ්ඩායම්වල ප්‍රධානීන් දුන්න රත්තරන් ආභරණ මෝසෙස් සහ පූජක එලියාසර් භාර අරන් ඒවා හමු වීමේ කූඩාරමේ තිබ්බා. එයාලා එහෙම කළේ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරපු විදිහ සෙනඟට මතක් වෙන්නයි.

පාදසටහන්

හෝ, “බද්දක් විදිහට යෙහෝවාට දෙන්න.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.