ගණන් කතාව 33:1-56
33 ඊශ්‍රායෙල්වරු මෝසෙස් සහ ආරොන්ගේ නායකත්වය යටතේ+ කණ්ඩායම්වලට අනුව*+ ඊජිප්තු දේශයෙන් පිටතට ආවා.+ මේ වෙන කල් එයාලා ආපු ගමනේ විස්තර මේවායි.
2 යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට මෝසෙස් එයාලා නතර වුණ හැම තැනක්ම සටහන් කරගත්තා. එයාලා කඳවුරු බැඳගත්ත ඒ තැන් මේවායි.+
3 ඊශ්‍රායෙල්වරු ඊජිප්තු දේශයෙන් පිටත් වුණේ රමෙසේස්වල+ ඉඳලයි. පාස්කුවට පහුවෙනිදා+ ඒ කියන්නේ පළවෙනි මාසයේ 15වෙනිදා+ ඊජිප්තුවරු බලන් ඉද්දීම ඊශ්‍රායෙල්වරු නිර්භීතව* ඊජිප්තුවෙන් පිටත් වුණා.
4 එයාලා පිට වෙලා යන වෙලාවේ ඊජිප්තුවරු හිටියේ එයාලාගේ කුලුඳුලන්ව තැන්පත් කරමිනුයි. එයාලාගේ කුලුඳුලන්ට පහර දුන්නේ යෙහෝවායි.+ ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන්ට යෙහෝවාගෙන් ලැබුණ විනිශ්චය නිසයි එයාලට ඒ දඬුවම ලැබුණේ.+
5 ඊශ්‍රායෙල්වරු රමෙසේස් ඉඳන් සුක්කොත්වලට+ ගිහින් කඳවුරු බැඳගත්තා.
6 එයාලා සුක්කොත්වලින් පිට වෙලා ඒතාම්+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා. පාළුකරය ළඟයි ඒතාම් තියෙන්නේ.
7 ඊටපස්සේ එයාලා එතනින් ආපස්සට හැරිලා පීහහීරොත් කියන තැනට ගිහින් මිග්දෝල්+ ඉස්සරහා කඳවුරු බැඳගත්තා. පීහහීරොත් ඉඳන් බලද්දී බාල්ෂෙපොන්+ කියන තැන පේනවා.
8 පීහහීරොත්වල ඉඳන් එයාලා රතු මුහුද මැදින්+ ගමන් කරලා පාළුකරයට ආවා.+ එයාලා දවස් තුනක් ඒතාම්+ පාළුකරයේ ගමන් කරලා මාරාහ්+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා.
9 මාරාහ් ඉඳන් එයාලා ඒලිම්වලට ආවා. ඒලිම්වල දිය උල්පත් 12ක් සහ තාල වර්ගයේ ගස් 70ක් තිබුණා. ඒ නිසා එයාලා එතන කඳවුරු බැඳගත්තා.+
10 එයාලා එතනින් පිටත් වෙලා රතු මුහුද ළඟට ගිහින් නතර වුණා.
11 ඊළඟට එයාලා රතු මුහුද ළඟ ඉඳන් සින් පාළුකරයට+ ගිහින් කඳවුරු බැඳගත්තා.
12 එතනින් පිටත් වෙලා දොප්කාවලට ඇවිත් එහේ කඳවුරු බැඳගත්තා.
13 පස්සේ එයාලා දොප්කා ඉඳන් අලුෂ්වලට ගිහින් නතර වුණා.
14 එතනින් එයාලා රෙෆිඩිම්වලට+ ගිහින් කඳවුරු බැඳගත්තා. එතන සෙනඟට බොන්න වතුර තිබුණේ නැහැ.
15 ඊටපස්සේ එයාලා රෙෆිඩිම්වල ඉඳන් සීනයි+ පාළුකරයට ගිහින් එහේ නැවතුණා.
16 සීනයි පාළුකරයෙන් පිටත් වෙලා එයාලා කිබ්රොත්හත්තාවා+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා.
17 ඊළඟට හෂේරොත්වලට+ ගිහින් නතර වුණා.
18 හෂේරොත් ඉඳන් එයාලා රිත්මාවලට ගිහින් කඳවුරු බැඳගත්තා.
19 රිත්මා ඉඳන් රිම්මොන්පෙරෙෂ්වලට ගිහින් කඳවුරු බැඳගත්තා.
20 රිම්මොන්පෙරෙෂ් ඉඳන් එයාලා ලිබ්නාවලට ගිහින් නැවතුණා.
21 පස්සේ ලිබ්නාවලින් පිටත් වෙලා රිස්සාවලට ගිහින් නතර වුණා.
22 ඊළඟට එයාලා කෙහෙලාතාවලට ඇවිත් එතන කඳවුරු බැඳගත්තා.
23 කෙහෙලාතා ඉඳන් ෂේෆර් කන්ද වෙන කල් ගිහින් එයාලා එහේ නැවතුණා.
24 ඊළඟට එයාලා ෂේෆර් කන්දේ ඉඳන් හරදා වෙන කල් ගිහින් නතර වුණා.
25 හරදාවලින් පිටත් වෙලා මක්හේලොත් කියන තැනට ගියා.
26 එතනින් එයාලා තහත්වලට ගිහින්+ කඳවුරු බැඳගත්තා.
27 ඊටපස්සේ තහත්වල ඉඳන් ටේරා වෙන කල් ගිහින් නතර වුණා.
28 එතන ඉඳන් එයාලා ගියේ මිත්කාවලට.
29 මිත්කාවලින් පිටත් වෙලා එයාලා හෂ්මොනාවලට ගියා.
30 එයාලා එතන ඉඳන් ඇවිත් කඳවුරු බැඳගත්තේ මොසේරොත්වල.
31 ඊළඟට මොසේරොත්වලින් පිටත් වෙලා බෙනෙයායකන්+ කියන තැනට ඇවිත් නතර වුණා.
32 එතනින් පිටත් වෙලා ගිහින් එයාලා කඳවුරු බැඳගත්තේ හෝර්හග්ගිද්ගාද් කියන තැන.
33 හෝර්හග්ගිද්ගාද් ඉඳන් එයාලා යොත්බාතා+ වෙන කල් ගියා.
34 ඊටපස්සේ එතනින් පිටත් වෙලා අබ්රොනාවලට ගිහින් නැවතුණා.
35 අබ්රොනාවලින් පිටත් වුණාට පස්සේ එයාලා කඳවුරු බැඳගත්තේ එෂියොන්ගෙබෙර්වල.+
36 එතනින් පිටත් වෙලා ෂින්+ පාළුකරයේ කාදෙෂ් කියන තැනට ඇවිත් නතර වුණා.
37 ඊළඟට එයාලා ඒදොම් දේශ සීමාවේ තියෙන හෝර් කන්ද+ ළඟට ගිහින් කඳවුරු බැඳගත්තා.
38 ඒ ස්ථානයේදී යෙහෝවා පූජක ආරොන්ට කිව්වා හෝර් කන්දට යන්න කියලා. ආරොන් හෝර් කන්දට ගියාට පස්සේ එයා එහෙදී මැරුණා. ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ ඉඳන් ඇවිත් අවුරුදු 40ක් ගත වෙලා තිබුණා. 40වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ පළවෙනිදායි ආරොන් මැරුණේ.+
39 ආරොන් මැරෙද්දී එයාට වයස අවුරුදු 123යි.
40 ඊශ්‍රායෙල්වරු තමන්ගේ දේශය ළඟටම ඇවිත් කියලා කානාන් ජාතිකයෙක් වුණ ආරද්වල රජට+ ආරංචි වුණා. ආරද්වල රජ ජීවත් වුණේ කානාන් දේශයේ නෙගෙබ් කියන ප්‍රදේශයේ.
41 ටික කාලයකට පස්සේ ඊශ්‍රායෙල්වරු හෝර් කන්දේ+ ඉඳන් පිටත් වෙලා ෂල්මොනා වෙන කල් ගිහින් නැවතුණා.
42 එතන ඉඳන් පූනොන්වලට ගිහින් කඳවුරු බැඳගත්තා.
43 පූනොන් ඉඳන් එයාලා ගියේ ඔබොත්වලට.+
44 ඊළඟට එයාලා මෝවබ්+ දේශ සීමාව ළඟ තියෙන ඉයෙඅබරිම් කියන තැනට ආවා.
45 ඉයිම් ඉඳන් දීබොන්ගාද්වලට+ ගියා.
46 දීබොන්ගාද් ඉඳන් එයාලා අල්මොන්දිබ්ලාතයිම් වෙන කල් ගිහින් නතර වුණා.
47 ඊළඟට එයාලා නෙබෝ+ කන්ද ඉස්සරහා තියෙන අබරිම්+ කඳුකරයට ගිහින් කඳවුරු බැඳගත්තා.
48 අන්තිමට එයාලා අබරිම් කඳුකරයේ ඉඳන් යොර්දාන් ගඟ සහ යෙරිකෝව ළඟ+ තියෙන මෝවබ් පාළුකරයට ගිහින් කඳවුරු බැඳගත්තා.
49 එයාලා දිගටම මෝවබ් පාළුකරයේ යොර්දාන් ගඟ අද්දර කඳවුරු බැඳගෙන හිටියා. බෙත්යෙෂිමොත් ඉඳන් ආබෙල්ෂිට්ටිම්+ වෙන කල් තියෙන ප්‍රදේශය පුරාම එයාලා විසිරිලා හිටියා.
50 යොර්දාන් ගඟ සහ යෙරිකෝව ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා.
51 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා කානාන් දේශයට ගියාට පස්සේ+
52 ඒ දේශයේ ඉන්න හැම කෙනෙක්වම පන්නලා දාන්න ඕනේ. එයාලා ගල්වලිනුයි,+ ලෝහවලිනුයි*+ හදලා තියෙන රූප ඔක්කොම විනාශ කරන්න. එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන තැන්* සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න.+
53 ඔයාලා අනිවාර්යයෙන්ම ඒ දේශය යටත් කරගෙන එහේ ජීවත් වෙනවා. මොකද මං ඒ දේශය ඔයාලට උරුමයක් විදිහට දෙනවා.+
54 දාදු දාලා එක එක ගෝත්‍රවලට සහ එක එක පවුල්වලට දෙන්න ඕනෙ ප්‍රදේශය තීරණය කරන්න.+ එයාලට දෙන ප්‍රදේශ තීරණය කරන්න ඕනෙ දාදු වැටෙන විදිහ අනුවයි. විශාල පවුල්වලට විශාල බිම් කොටසක් දෙන්න. කුඩා පවුල්වලට කුඩා බිම් කොටසක් දෙන්න.+ උරුමය බෙදලා දෙන්න ඕනෙ එක් එක් කෙනා අයිති ගෝත්‍රයට අනුවයි.+
55 “‘ඒත් ඔයාලා දේශයේ ඉන්න හැම කෙනෙක්වම පන්නලා දැම්මේ නැත්නම්+ එයාලා ඔයගොල්ලන්ට හිංසා පීඩා කරයි. එයාලා ඇස්වලට කටුවකින් අනිනවා වගෙත් ශරීරයට* උලකින් අනිනවා වගෙත් ඔයාලාගේ දේශයේදීම ඔයාලට හිරිහැර කරයි.+
56 ඔයාලා මං කියපු විදිහට කළේ නැත්නම් ඒ අයට ගේනවා කියපු හැම දඬුවමක්ම මං ඔයාලා පිටටත් ගේනවා.’”+
පාදසටහන්
^ මුල් භාෂාවේ තමන් අයිති හමුදා බළඇණියට අනුව කියන අදහස ඇතුළත් වෙනවා.
^ මූ.අ., “අත් උස්සගෙන.”
^ හෝ, “ලෝහ උණු කරලා.”
^ මූ.අ., “උස් තැන්.”
^ මූ.අ., “ඇලපතට.”