ගණන් කතාව 34:1-29

  • කානාන්වල දේශ සීමා (1-15)

  • දේශය බෙදලා දෙන්න පුරුෂයන්ව පත් කරයි (16-29)

34  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා.  “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔයාලා කානාන් දේශයට ගියාම+ ඔයාලට උරුමයක් විදිහට ලැබෙන දේශයේ, සීමා මායිම් වෙන් කරන්න ඕනෙ මේ විදිහටයි.+  “‘දේශයේ දකුණු සීමාව, ඒදොම් දේශ සීමාව කිට්ටුව තියෙන ෂින් පාළුකරයේ ඉඳන් නැඟෙනහිර පැත්තේ තියෙන ලුණු මුහුද* දක්වා විහිදී යනවා.+  ඒ සීමාව, අක්‍රබ්බිම් බෑවුමේ+ දකුණු පැත්ත හරහා ගිහින් ෂින් දක්වා යනවා. එතන ඉඳන් කාදෙෂ්බර්නේයවල+ දකුණු පැත්තට විහිදී යනවා. ඊටපස්සේ ඒක හෂර්අද්දාර්+ පැත්තට හැරිලා අෂ්මොන් හරහා  ඊජිප්තු නිම්නය* දිගේ මහ මුහුද* දක්වා විහිදී යනවා.+  “‘දේශයේ බටහිර සීමාව මහ මුහුදේ වෙරළ තීරයයි.+  “‘දේශයේ උතුරු සීමාව මහ මුහුදේ ඉඳන් හෝර් කන්ද දක්වා දිව යනවා.  ඒක හෝර් කන්දේ ඉඳන් ලේබෝහමාත්*+ හරහා ෂෙදාද්+ දක්වා දිව යනවා.  එතන ඉඳන් ෂිප්‍රොන් හරහා ගිහින් ඒක හෂර්ඒනාන්වලින්+ අවසන් වෙනවා. දේශයේ උතුරු සීමාව ඒකයි. 10  “‘දේශයේ නැඟෙනහිර සීමාව හෂර්ඒනාන් ඉඳන් ෂෙපාම් දක්වා දිව යනවා. 11  ඒ සීමාව, ෂෙපාම් ඉඳන් ආයින්ට නැඟෙනහිරෙන් තියෙන රිබ්ලා* වෙන කල් යනවා. ඊටපස්සේ ඒ සීමාව, කින්නෙරෙත් මුහුදේ*+ නැඟෙනහිර පැත්තට වෙන්න තියෙන කඳු බෑවුම් හරහා 12  යොර්දාන් ගඟ දිගේ ලුණු මුහුද+ දක්වාම දිව යනවා. ඔයාලට උරුම වන දේශයේ+ සීමා මායිම් ඒවායි.’” 13  ඊටපස්සේ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “යෙහෝවා උරුමයක් විදිහට ගෝත්‍ර නමයටත් මනස්සේ ගෝත්‍රයේ ඉතුරු කොටසටත් දෙන්න නියම කරපු දේශයේ සීමා මායිම් ඒවායි. දාදු දාලා ඒකේ ඉඩම් බෙදලා දෙන්න.+ 14  රූබෙන් සහ ගාද් ගෝත්‍රවලට අයිති පවුල්වලටත් මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටත් එයාලාගේ උරුමය දැනටමත් ලැබිලයි තියෙන්නේ.+ 15  එයාලාගේ උරුමය විදිහට යෙරිකෝවට මුහුණ ලා, යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ තියෙන ප්‍රදේශය මේ වෙනකොටත් එයාලට දීලා තියෙනවා.”+ 16  යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 17  “ඔයාලට අයිති වෙන දේශයේ ඉඩම් බෙදලා දෙන වගකීම පැවරිලා තියෙන්නේ පූජක එලියාසර්ටයි,+ නූන්ගේ පුතා වන යොෂුවාටයි.+ 18  දේශයේ ඉඩම් බෙදලා දෙන වැඩේට උදව් කරන්න හැම ගෝත්‍රයකින්ම ප්‍රධානියෙක්ව තෝරගන්න.+ 19  මේ එයාලාගේ නම්. යූදා ගෝත්‍රයෙන්+ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්.+ 20  සිමියොන් ගෝත්‍රයෙන්+ අමිහුද්ගේ පුතා වන ෂෙමුවෙල්. 21  බෙන්ජමින් ගෝත්‍රයෙන්+ කිස්ලොන්ගේ පුතා වන එලිදාද්. 22  දාන් ගෝත්‍රයෙන්+ යොග්ලීගේ පුතා සහ අධිපතියෙක් වන බුක්කී. 23  යෝසෙප්ගෙන් පැවත ආපු+ මනස්සේ ගෝත්‍රයෙන්+ ඒෆොද්ගේ පුතා සහ අධිපතියෙක් වන හන්නියෙල්. 24  යෝසෙප්ගෙන් පැවත ආපු එෆ්‍රායිම් ගෝත්‍රයෙන්+ ෂිප්තාන්ගේ පුතා සහ අධිපතියෙක් වන කෙමූවෙල්. 25  සෙබ්‍යූලන් ගෝත්‍රයෙන්+ පානාක්ගේ පුතා සහ අධිපතියෙක් වන එලිෂාෆාන්. 26  ඉසකාර් ගෝත්‍රයෙන්+ අස්සාන්ගේ පුතා සහ අධිපතියෙක් වන පල්තියෙල්. 27  ආෂෙර් ගෝත්‍රයෙන්+ ෂෙලොමීගේ පුතා සහ අධිපතියෙක් වන අහිහුද්. 28  නෆ්තලී ගෝත්‍රයෙන්+ අමිහුද්ගේ පුතා සහ අධිපතියෙක් වන පෙදහෙල්.” 29  කානාන් දේශයේ ඉඩම් ඊශ්‍රායෙල් සෙනඟට බෙදලා දෙන්න යෙහෝවා පත් කළේ ඒ අයවයි.+

පාදසටහන්

ඒ කියන්නේ මළ මුහුද.
ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.
හෝ, “හමාත්වල දේශ සීමාව.”
මේක කානාන් දේශයේ නැඟෙනහිර දේශ සීමාවක්. හමාත් දේශයේ තියෙන රිබ්ලා කියන තැන නෙමෙයි.
ඒ කියන්නේ ගෙනසරෙත් විල නැත්නම් ගලීල මුහුද.