ගලාතිවරුන්ට 1:1-24

  • සුබ පැතුම් (1-5)

  • වෙන කිසිම ශුභාරංචියක් නැහැ (6-9)

  • පාවුල් දේශනා කරන්නේ දෙවියන්ගෙන් ලැබුණ ශුභාරංචියක් (10-12)

  • පාවුල් ක්‍රිස්තියානියෙක් වෙයි. එයා මුල් කාලේදී කරපු සේවය (13-24)

1  මේ ලියුම ඔයාලට ලියන්නේ යේසුස්ගේ නියෝජිතයෙක්* වන පාවුල්. මාව නියෝජිතයෙක් විදිහට පත් කළේ මිනිස්සු නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස්+ සහ ඔහුව මරණයෙන් නැඟිට්ටවපු අපේ තාත්තා වන දෙවියන්+ තමයි මාව නියෝජිතයෙක් විදිහට පත් කළේ.  මමයි, මාත් එක්ක ඉන්න සහෝදරයන් හැමෝමයි ගලාති සභාවේ ඉන්න ඔයාලට අපේ සුබ පැතුම් එවනවා.  අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඔයාලට මහත් කරුණාවත්* සමාදානයත් ලැබෙන්න කියලා මං පතනවා.  අපිව මේ දුෂ්ට සමාජයෙන්* ගලවගන්න+ යේසුස් අපේ පව් වෙනුවෙන් ඔහුගේ ජීවිතය දුන්නා.+ ඔහු එහෙම කළේ අපේ තාත්තා වන දෙවියන්ගේ කැමැත්තට එකඟවයි.+  ඒ නිසා අපේ දෙවියන්ට සදාකාලයෙන් සදාකාලයටම ගෞරවය හිමි වෙන්න ඕනේ! ආමෙන්.*  ක්‍රිස්තුස් පෙන්නපු මහත් කරුණාව නිසා දෙවියන් ඔයාලව තෝරගත්තා. ඒත් ඔයාලා දැනටමත් ඒ තැනැත්තාගෙන් ඈත් වෙලා* වෙනත් ශුභාරංචියකට ඇහුම්කන් දෙන්න පටන් අරන්.+ ඔයාලා මේ තරම් ඉක්මනට ඒ වගේ දෙයක් කළේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බැහැ!  ඇත්තටම ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය ඇරෙන්න වෙන කිසිම ශුභාරංචියක් නැහැ. ඒත් සමහර අය හදන්නේ ඒ ශුභාරංචිය විකෘති කරලා ඔයාලට ප්‍රශ්න ඇති කරන්නයි.+  අපි කියපු ශුභාරංචියට වඩා වෙනස් ශුභාරංචියක් අපෙන් කෙනෙක් හරි ස්වර්ගයේ ඉඳන් ආපු දේවදූතයෙක් හරි ඔයාලට කියනවා නම් ඒ කෙනාට ශාප වෙන්න ඕනේ!  මං ආයෙත් ඔයාලට ඒ දේම කියනවා. කවුරු හරි ඔයාලා පිළිගත්ත ශුභාරංචියට වඩා වෙනස් ශුභාරංචියක් කියනවා නම් ඒ කෙනාට ශාප වෙන්න ඕනේ! 10  ඇත්තටම මං හදන්නේ මිනිස්සුන්ගේ හිත් දිනාගන්නද, දෙවියන්ගේ හිත දිනාගන්නද? නැත්නම් මං හදන්නේ මිනිස්සුන්ව සතුටු කරන්නද? මං තාමත් මිනිස්සුන්ව සතුටු කරන්න හදනවා නම් මං ක්‍රිස්තුස්ගේ දාසයෙක් කියලා කියන්න බැහැ. 11  සහෝදරයෙනි, ඔයාලා මේ දේ දැනගන්න ඕනේ. මං ඔයාලට කියලා දුන්නේ මිනිස්සුන්ගෙන් ලැබුණ ශුභාරංචියක් නෙමෙයි.+ 12  කිසිම මිනිසෙක් මට ඒක දුන්නෙවත් ඉගැන්නුවෙවත් නැහැ. ඒක මට එළිදරව් කළේ යේසුස් ක්‍රිස්තුස්. 13  මං යුදෙව් ආගම අදහපු කාලේ වැඩ කරපු විදිහ+ ගැන ඔයාලා හොඳටම දන්නවා. ඒ කාලේ මං දෙවියන්ගේ සභාවට හරිම දරුණු විදිහට පීඩා කරලා ඒකට ලොකු හානියක් කළා.+ 14  මගේ වයසේ හිටපු හුඟක් අයට වඩා මං යුදෙව් ආගමේ ලොකු දියුණුවක් ලබමින් හිටියේ. ඒ, මගේ මුතුන්මිත්තන්ගෙන් ආපු චාරිත්‍ර ගැන මට ලොකු උද්‍යෝගයක් තිබුණ නිසයි.+ 15  ඒත් මට මෙලොව එළිය දකින්න අවස්ථාව දීපු* දෙවියන් මට මහත් කරුණාව පෙන්නලා+ මාව තෝරගත්තා. ඔහු තීරණය කළා, 16  ඔහුගේ පුතා ගැන තොරතුරු හෙළි කරන්න මාව පාවිච්චි කරන එක හොඳ දෙයක් කියලා. යේසුස් ගැන ශුභාරංචිය වෙනත් ජාතීන්වල අයට කියලා දෙන්නයි ඔහු මාව තෝරගත්තේ.+ ඒක දැනගත්ත ගමන්ම මං ඒ ගැන උපදෙස් ගන්න කිසි මිනිසෙක් ගාවට ගියේ නැහැ. 17  මට කලින් නියෝජිතයන් විදිහට පත් කරලා තිබුණ අයව හම්බ වෙන්න මම යෙරුසලමට ගියෙත් නැහැ. ඒ වෙනුවට මං ගියේ අරාබියට. පස්සේ මං ආයෙත් දමස්කයට ආවා.+ 18  අවුරුදු තුනකට පස්සේ සීෆස්ව*+ හම්බ වෙන්න මම යෙරුසලමට ගියා.+ මම එහේ දවස් 15ක් එයාත් එක්ක හිටියා. 19  එහෙදී ස්වාමීන්ගේ සහෝදරයා වන යාකොබ්ව+ ඇරෙන්න වෙන කිසිම නියෝජිතයෙක්ව මට හම්බ වුණේ නැහැ. 20  මං ඔයාලට ලියලා එවන මේ දේවල් බොරු නෙමෙයි කියලා දෙවියන් ඉස්සරහා මට ස්ථිරවම කියන්න පුළුවන්. 21  ඊටපස්සේ මම ගියේ සිරියාව සහ සිලීසියාව කියන පළාත්වලට.+ 22  ඒත් යුදයේ සභාවල ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා හිටපු අය ඒ කාලේදී මාව අඳුරගෙන හිටියේ නැහැ. 23  එයාලා මං ගැන අහලා තිබුණෙත් මේ දේ විතරයි. “කලින් අපිට පීඩා කරලා සභාවලට ලොකු හානියක් කරපු මනුස්සයා+ දැන් හැමෝටම ශුභාරංචිය කියනවා!”+ 24  මගේ වෙනස ගැන අහලා එයාලා දෙවියන්ට ප්‍රශංසා කරන්න පටන්ගත්තා.

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “එසේම වේවා!”
හෝ, “ඒ තැනැත්තාව අත්හැරලා.”
මූ.අ., “අම්මාගේ කුසෙන් මාව එළියට ගත්ත.”
පේතෘස් කියලත් හඳුන්වනවා.