ගලාතිවරුන්ට 4:1-31

  • තවදුරටත් දාසයන් නෙමෙයි පුතාලා (1-7)

  • පාවුල්ට ගලාතිවරුන් ගැන තිබුණ ආදරේ (8-20)

  • හාගර් සහ සාරා. ගිවිසුම් දෙකක් (21-31)

    • ඉහළ තියෙන යෙරුසලම, අපේ අම්මා, නිදහස් ස්ත්‍රියක් (26)

4  ඒත් හිතන්න උරුමය ලැබෙන කෙනා තාමත් පොඩි දරුවෙක් කියලා. හැම දෙයක්ම අයිති වෙන්නේ එයාට වුණත් එයා ඇත්තටම දාසයෙක් වගේ.  මොකද තාත්තා නියම කරලා තියෙන දවස එන කල් එයා ඉන්නේ ගෙදර සේවකයන් සහ එයාව බලාගන්න පත් කරලා තියෙන අය යටතේ.  අපිත් කාලයක් හිටියේ ඒ වගේ. අපි පොඩි දරුවන් වගේ මේ ලෝකයේ තියෙන බොළඳ අදහස්වලට වහල් වෙලයි හිටියේ.+  ඒත් නියමිත කාලය ආවාම* දෙවියන් තමන්ගේ පුතාව එව්වා. ඔහු ස්ත්‍රියකගෙන් ඉපදිලා+ නීතියට යටත් වෙලා හිටියා.+  දෙවියන් ඔහුව එව්වේ නීතියට යටත් වෙලා ඉන්න අයව මිල දී අරන් එයාලව නිදහස් කරන්නයි.+ ඒකෙන් ඔහුට පුළුවන් වුණා ඔහුගේ පුතාලා විදිහට අපිව හදා වඩා ගන්න.+  ඔයාලව දැන් පුතාලා විදිහට පිළි අරන් තියෙන නිසා දෙවියන් තමන්ගේ පුතාට දීපු බලය+ ඔයාලාගේ* හදවත්වලත් ක්‍රියාත්මක වෙන්න සලස්වලා තියෙනවා.+ “අබ්බා,* තාත්තේ”+ කියලා දෙවියන්ට කතා කරන්න ඒ බලය අපිව පොලඹවනවා.  ඉතින් ඔයාලා තවදුරටත් දාසයන් නෙමෙයි පුතාලා. ඔයාලා පුතාලා නම් දෙවියන් දෙන උරුමයත් ඔයාලට ලැබෙනවා.+  ඔයාලා දෙවියන්ව අඳුරගෙන හිටපු නැති කාලේදී දෙවිවරුන් නොවන අයට වහල් වෙලා හිටියා.  ඒත් දැන් ඔයාලා දෙවියන්ව දැන හඳුන ගෙනයි ඉන්නේ. ඇත්තටම කියනවා නම් ඔයාලව දැන හඳුන ගන්න පියවර ගත්තේ දෙවියන්. එහෙනම් ඇයි ඔයාලා දුර්වල,+ කිසි වටිනාකමක් නැති බොළඳ අදහස්වලට ආයෙත් හැරිලා යන්නේ? ඔයාලට ඕනෙ ආයෙත් ඒ දේවල්වලට වහල් වෙලා ඉන්නද?+ 10  ඔයාලා විශේෂ දවස්, මාස,+ කාලවල් සහ අවුරුදු වරද්දන්නේ නැතුව සමරනවා. 11  ඒක දැනගත්තාම මං ඔයාලා වෙනුවෙන් දරපු මහන්සියෙන් කිසි වැඩක් නැති වෙයි කියලා මට බයක් දැනුණා. 12  සහෝදරයෙනි, මාත් කලින් වැඩ කළේ ඔයාලා වැඩ කරපු විදිහට.+ ඒත් මං වෙනස් වුණා. ඉතින් දැන් මං ඔයාලාගෙන් ආදරෙන් ඉල්ලන්නේ මං වෙනස් වුණ විදිහටම වෙනස් වෙන්න කියලයි. ඇත්තටම ඔයාලා මට කිසිම වරදක් කරලා නැහැ. 13  ඔයාලා දන්නවා මම මුලින්ම ඔයාලා ළඟට ආවේ මට තිබුණ අසනීපයක් නිසා කියලා. ඒකෙන් තමයි මට ඔයාලට ශුභාරංචිය ගැන කියන්න අවස්ථාව ලැබුණේ. 14  මගේ අසනීපය නිසා ඔයාලට ගොඩක් කරදර වෙන්න වුණා. ඒත් ඔයාලා කොයිම වෙලාවකවත් මාව කොන් කළේවත් පිළිකුල් කළේවත්* නැහැ. ඒ වෙනුවට ඔයාලා මාව පිළිගත්තේ දෙවියන් එවපු දූතයෙක්ව පිළිගන්නවා වගේ. හරියට ක්‍රිස්තුස් යේසුස්ව පිළිගන්නවා වගේ. 15  ඒ කාලේ ඔයාලට තිබුණ සතුටට දැන් මොකද වුණේ? මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් ඔයාලා ඒ දවස්වල ඔයාලාගේ ඇස් වුණත් උගුල්ලලා මට දෙන්න ලෑස්ති වෙලා හිටියා කියලා.+ 16  ඒත් දැන් ඔයාලා මාව හතුරෙක් විදිහට දකින්නේ මං ඔයාලට ඇත්ත කියන හින්දාද? 17  සමහරු ලොකු උද්‍යෝගයකින් උත්සාහ කරනවා ඔයාලව එයාලාගේ පැත්තට නම්මගන්න. ඒත් එයාලා එහෙම කරන්නේ හොඳ චේතනාවකින් නම් නෙමෙයි. එයාලට ඕනෙ ඔයාලව මගෙන් ඈත් කරන්න. 18  කෙනෙක් ඔයාලාගේ යහපත ගැන හිතලා ඔයාලා ගැන උනන්දු වෙනවා නම් ඒක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි එහෙම වෙන්න ඕනෙ මං ඉද්දී විතරක් නෙමෙයි, හැම වෙලාවකම එහෙම වෙනවා නම් හොඳයි. 19  අනේ මගේ පුංචි දරුවෙනි,+ මට ආයෙත් ඔයාලා නිසා ප්‍රසව වේදනාවක් වගේ ලොකු වේදනාවක් දැනෙනවා. ඔයාලා ක්‍රිස්තුස් වගේ හිතන්න, වැඩ කරන්න පටන්ගන්න කල්ම* මට ඒ වේදනාව දැනෙයි. 20  ඇත්තටම ඔයාලා මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා මට හිතාගන්නවත් බැහැ! මට මේ වෙලාවේ ඔයාලා එක්ක ඉන්න තිබුණා නම් කොච්චර හොඳද! එහෙමනම් මට මීට වඩා කාරුණික විදිහට ඔයාලට කතා කරන්න තිබුණා. 21  නීතිය යටතේ ඉන්න ලොකු කැමැත්තක් තියෙන ඔයාලා, නීතියේ කියලා තියෙන දේ දන්නේ නැද්ද? 22  උදාහරණෙකට ඒකේ සඳහන් වෙනවා ආබ්‍රහම්ට පුතාලා දෙන්නෙක් හිටියා කියලා. එක් කෙනෙක් එයාට ලැබුණේ සේවිකාවගෙන්.+ අනිත් කෙනාව ලැබුණේ නිදහස් ස්ත්‍රියගෙන්.+ 23  සේවිකාවගේ දරුවා ඉපදුණේ සාමාන්‍ය විදිහට.+ හැබැයි නිදහස් ස්ත්‍රියගෙන් ලැබුණ දරුවා ඉපදුණේ දුන්න පොරොන්දුවක් නිසයි.+ 24  ඒ සිද්ධීන්වලට සංකේතවත් අර්ථයක් තියෙනවා. ඒ ස්ත්‍රීන් දෙන්නාගෙන් නියෝජනය වෙන්නේ ගිවිසුම් දෙකක්. හාගර්ගෙන් නියෝජනය වෙන්නේ සීනයි කන්දේදී ඇති කරගත්ත ගිවිසුමයි.+ ඒ ගිවිසුම යටතේ ඉපදෙන දරුවෝ ඉපදෙන්නේ දාසයෝ විදිහට. 25  හාගර්ගෙන් නියෝජනය වෙන කන්ද අරාබියේ තියෙන සීනයි කන්දයි.+ ඒ වගේම එයාගෙන් දැන් තියෙන යෙරුසලමත් නියෝජනය වෙනවා. මොකද යෙරුසලමයි, එයාගේ දරුවනුයි දැන් ඉන්නේ දාසයෝ විදිහට. 26  ඒත් ඉහළ තියෙන යෙරුසලම නිදහස් ස්ත්‍රියක්. ඇය තමයි අපේ අම්මා. 27  මොකද ලියවිලිවල මෙහෙම සඳහන් වෙනවා. “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වෙන්න. ප්‍රසව වේදනා නොවිඳින තැනැත්තිය හිතේ සතුටින් කෑගහන්න. මොකද ස්වාමිපුරුෂයෙක් ඉන්න ස්ත්‍රියට වඩා අත්හැරපු ස්ත්‍රියට ගොඩක් දරුවන් ඉන්නවා.”+ 28  සහෝදරයෙනි, ඔයාලත් හරියට ඊසාක් වගේ. මොකද ඔයාලත් දෙවියන් දුන්න පොරොන්දුව නිසා බිහි වුණ දරුවන්.+ 29  අතීතයේ වුණ දේ අදත් වෙනවා. එදා සාමාන්‍ය විදිහට ඉපදුණ දරුවා, දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඉපදුණ දරුවාට+ පීඩා කරන්න පටන්ගත්තා. අද වෙන්නෙත් ඒ දේමයි.+ 30  ඒත් ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මොකක්ද? “සේවිකාවයි, එයාගේ පුතාවයි මෙහෙන් යවන්න. මොකද උරුමය අයිති වෙන්නේ නිදහස් ස්ත්‍රියගේ පුතාට. සේවිකාවගේ පුතා එක්ක එයාට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”+ 31  ඉතින් සහෝදරයෙනි, අපි සේවිකාවකගේ දරුවෝ නෙමෙයි. අපි නිදහස් ස්ත්‍රියගේ දරුවෝ.

පාදසටහන්

මූ.අ., “නියමිත කාලය සම්පූර්ණ වුණාම.”
මූ.අ., “අපේ.”
හෙබ්‍රෙව් නැත්නම් ඇරමයික වචනයක්. ඒක දරුවෝ තාත්තාට ආදරෙන් කතා කරද්දී කියන වචනයක්. ගෞරවනීය හැඟීමකුත් ඒ වචනේ ඇතුළේ තියෙනවා.
හෝ, “මට කෙළ ගැහුවෙවත්.”
මූ.අ., “ක්‍රිස්තුස් ඔයාලා තුළ බිහි වෙන කල්ම.”