ගීතාවලිය 1:1-6

  • වෙනස් මාර්ග දෙකක්

    • දෙවියන්ගේ නීතිය කියවද්දී ලැබෙන සතුට (2)

    • ධර්මිෂ්ඨ අය හොඳට පල දරන ගහක් වගේ (3)

    • දුෂ්ට අය සුළඟට ගහගෙන යන දහයියා වගේ (4)

1  දුෂ්ට අයගේ උපදෙස් පිළිගන්නේ නැති,පව්කාරයන් යන මාර්ගයේ යන්නේ නැති,+සමච්චල් කරන්නන් එක්ක ඇසුරු කරන්නේ නැති*+ කෙනා ඉන්නේ සතුටින්.   යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි.+ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි.*+   ඔහු දිය දහරා ළඟ හිටවපු,නියම කාලෙට පල දරන,කොළ මැලවෙන්නේ නැති ගහක් වගේ වෙයි. ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+   ඒත් දුෂ්ටයෝ ඒ වගේ නෙවෙයි.ඔවුන් සුළඟට ගහගෙන යන දහයියා වගේ.   විනිශ්චය කරන කාලයේදී දුෂ්ටයන්ට දඬුවමින් නිදහසක් ලැබෙන්නේ නැහැ.+ධර්මිෂ්ඨයන් රැස් වෙලා ඉන්න තැන පව්කාරයන්ට ඉන්න ලැබෙන්නේ නැහැ.+   ධර්මිෂ්ඨයන් යන මාර්ගය දැකලා යෙහෝවා සතුටු වෙනවා.+ඒත් දුෂ්ටයන් යන මාර්ගය විනාශ වෙලා යනවා.+

පාදසටහන්

හෝ, “එකට ඉඳගන්නේ නැති.”
මූ.අ., “ඔහුටම ඇහෙන තරම් සිහින් හඬකින් කියවයි.”