ගීතාවලිය 10:1-18

  • අසරණයාගේ උදව්වට ඉන්නේ යෙහෝවායි

    • දුෂ්ටයා අහංකාරකමින් කියයි “දෙවි කෙනෙක් නැහැ” කියලා (4)

    • අසරණයා යෙහෝවාගෙන් පිහිට පතයි (14)

    • ‘යෙහෝවා සදාකාලයටම රජකම් කරයි’ (16)

ל [ලාමෙද්] 10  අනේ යෙහෝවා, ඔබ මගෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි? මගේ දුකේදී මට පිහිට වෙන්නේ නැත්තේ ඇයි?+   දුෂ්ටයෝ අහංකාරකමින් අසරණයා පස්සේ පන්නගෙන යයි.+ඒත් ඔවුන්ගේ දුෂ්ට උපායන්වලට ඔවුන්ම හසු වෙයි.+   දුෂ්ටයා ඔහුගේ වැරදි ආශාවන් ගැන පුරසාරම් දොඩයි.+ඔහු කෑදර අයට ආශීර්වාද කරයි.*נ [නුන්]ඔහු යෙහෝවාට අගෞරව කරයි.   උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+   දෙවියනි, දුෂ්ටයා දිගින් දිගටම සාර්ථක වුණත්+ඔබේ නීති ඔහුට කවදාවත් තේරුම්ගන්න බැහැ.+ඔහුගේ සතුරන්ට ඔහු සමච්චල් කරයි.   “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් වෙන්නේ නැහැ” කියලා ඔහු හිතනවා.+ פ [පේ]   ඔහුගේ කටින් පිට වෙන්නෙම බොරු, ශාප සහ තර්ජන.+ඔහුගේ දිව අග තියෙන්නේ හානිකර, හිත රිද්දන වදන්.+   ඔහු ගොදුරක් එන කල් ගම්බිම්වල මඟ රැකගෙන ඉඳියි.ඔහු හැංගිලා ඉඳලා අහිංසකයන්ව මරලා දායි.+ ע [ආයින්] කිසිම හව්හරණක් නැති අයව අල්ලගන්න බලාගෙන ඉඳියි.+   සිංහයෙක් වගේ ඔහු හැංගිලා මඟ රැකගෙන ඉඳියි.+ ඔහු බලන් ඉන්නේ අසරණ කෙනෙක්ව අල්ලගන්නයි. ඔහු දැලක් දාලා ඒ අහිංසකයාව අහු කරගනියි.+ 10  අසරණයාව තළලා පොඩි කරලා බිමටම ඇදලා දානවා.පීඩාවට පත් වුණ අය දුෂ්ටයාගේ ග්‍රහණයට හසු වෙනවා. 11  “මං කරපු දේවල් දෙවියන්ට අමතක වෙලා!+ ඔහු අහක බලාගෙනයි ඉන්නේ! ඔහුට මේවා පේන්නේ නැහැ”+ කියලා දුෂ්ටයා හිතනවා. ק [කෝෆ්] 12  අනේ යෙහෝවා, නැඟිට+ ඔබේ මහත් බලය පෙන්වන්න.+ අසරණ අයව අමතක කරන්න එපා.+ 13  දුෂ්ටයා දෙවියන්ට අගෞරව කරන්නේ ඇයි? ඔහු හිතන්නේ “දෙවියන් මට කවදාවත් දඬුවම් කරන්නේ නැහැ” කියලයි. ר [රේෂ්] 14  ඒත් මිනිසුන් විඳින දුක් කරදර ඔබට පේනවා. ඔවුන්ට සහනයක් දෙන්න ඔබ බලාගෙන ඉන්නවා.+ අසරණයා පිහිට පතන්නේ ඔබෙන්.+පියා නැති දරුවාට උදව් කරන්නෙත් ඔබයි.+ ש [ෂින්] 15  දුෂ්ට, නපුරු කෙනාට තියෙන බලය නැති කරලා දාන්න.+ආයෙත් දුෂ්ටකම් කරන්න බැරි වෙන්නම ඔහුගේ බලය බිඳලා දාන්න. 16  යෙහෝවා සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරයි.+දුෂ්ටකම් කරන ජාතීන් පොළොවෙන් තුරන් වෙලා ගිහින්.+ ת [ටාව්] 17  යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වලට සවන් දෙනවා.+ ඔවුන්ගේ හිත් දිරිමත් කරලා+ ඔවුන්ට හොඳින් ඇහුම්කන් දෙනවා.+ 18  ඔබ පියා නැති දරුවාටත් පීඩාවට පත් වුණ කෙනාටත් යුක්තිය ඉටු කරලා දෙනවා.+එතකොට දූවිල්ලෙන් හදපු මිනිසාට ආයේ කවදාවත් ඒ අයව බියගන්වන්න ලැබෙන්නේ නැහැ.+

පාදසටහන්

හෝ සමහරවිට, “කෑදර කෙනා තමන්ටම ආශීර්වාද කරගනියි.”