ගීතාවලිය 100:1-5

  • සැදුම්කරුට ස්තුති කරයි

    • “යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න” (2)

    • ‘අපිව නිර්මාණය කළේ දෙවියන්’ (3)

ස්තුති දීමේ ගීයක්. 100  පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවාට ජය නාද නඟන්න.+   යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න.+ ප්‍රීති ඝෝෂා නඟමින් ඔහු ඉස්සරහට එන්න.   යෙහෝවා සැබෑ දෙවියන් කියලා තේරුම්ගන්න.*+ අපිව නිර්මාණය කළේ ඔහුයි. ඒ නිසා අපි අයිති ඔහුටයි.*+ අපි ඔහුගේ සෙනඟ, ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවෝ.+   ස්තුති කරමින් ඔහුගේ ගෘහයේ දොරටුවලින් ඇතුල් වෙන්න.+ප්‍රශංසා කරමින් ඔහුගේ ගෘහයේ මළුවට යන්න.+ ඔහුට ස්තුති දෙන්න. ඔහුගේ නමට ප්‍රශංසා කරන්න.+   මොකද යෙහෝවා යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.ඔහුගේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+

පාදසටහන්

හෝ, “පිළිගන්න.”
හෝ සමහරවිට, “අපි අපිවම නිර්මාණය කළේ නැහැ.”