ගීතාවලිය 101:1-8

  • විශ්වාසවන්තව වැඩ කරන පාලකයෙක්

    • ‘උඩඟු අය කරන දේවල් මම කොහොමටවත් ඉවසන්නේ නැහැ’ (5)

    • “ඔබට විශ්වාසවන්ත අය ගැන මම සතුටු වෙනවා” (6)

දාවිත් රචනා කරපු ගීයක්. 101  යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා ගී ගයනවා.* ඔබේ නොසැලෙන ආදරය සහ යුක්තිය ගැන ගායනා කරනවා.   දෙවියනි, ඔබ මගේ උදව්වට එන්නේ කවදාද? මගේ එකම ආශාව, සිහිකල්පනාවෙන් වැඩ කරලා නිර්දෝෂ ජීවිතයක් ගත කරන එකයි.* මට ඕනෙ නිවසේ ඉද්දීත් ඔබට විශ්වාසවන්තව ඉන්නයි.+   මම කවදාවත් කිසි කමකට නැති දේවල් දිහා බලන්නේ නැහැ. හරි මඟෙන් ඉවත් වෙලා ගිය අය කරන දේවල් මට පිළිකුලක්.+මම කොහොමටවත් ඔවුන්ව ඇසුරු කරන්නේ නැහැ.*   වංක සිත් තියෙන අයගෙන් මං ඈත් වෙලා ඉන්නවා.කිසිම වැරදි දේකට මං හවුල් වෙන්නේ නැහැ.   තමන්ගේ අසල්වැසියාට අපහාස කරන්න රහසින් බොරු පතුරුවන අයව+ මම නිහඬ කරනවා.* උඩඟු ඇස් සහ අහංකාර සිත් තියෙන අය කරන දේවල් මම කොහොමටවත් ඉවසන්නේ නැහැ.   පොළොවේ ඉන්න, ඔබට විශ්වාසවන්ත අය ගැන මම සතුටු වෙනවා.මාත් එක්ක ජීවත් වෙන්න මම ඔවුන්ට අවස්ථාව දෙනවා. මට සේවය කරන්න මං තෝරගන්නේ නිර්දෝෂ ජීවිතයක් ගත කරන* අයවයි.   වංක විදිහට වැඩ කරන කිසිම කෙනෙක්ට මගේ ගෙදර ඉඩක් නැහැ.බොරු කියන කාටවත් මාත් එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ.   සෑම උදෑසනකම මම පොළොවේ ඉන්න දුෂ්ට අයව නිහඬ කරනවා.*යෙහෝවා දෙවියන්ගේ නුවරේ නපුරුකම් කරන හැමෝවම මම නැති කරලා දානවා.+

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
හෝ, “ඔබට විශ්වාසවන්තව ඉන්නයි.”
හෝ, “ඒ දේවලට කොහොමටවත් හවුල් වෙන්නේ නැහැ.”
හෝ, “නැති කරලා දානවා.”
හෝ, “ඔබට විශ්වාසවන්තව ඉන්න.”
හෝ, “නැති කරලා දානවා.”