ගීතාවලිය 103:1-22

  • “මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා”

    • දෙවියන් අපේ වැරදි අපෙන් ඈත් කරනවා (12)

    • දෙවියන් තාත්තා කෙනෙක් වගේ දයාව පෙන්වයි (13)

    • අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා දෙවියන් සිහි කරනවා (14)

    • යෙහෝවාගේ සිංහාසනය සහ පාලනය (19)

    • දේවදූතයන් දෙවියන් කියන දේ ඉටු කරනවා (20)

දාවිත් රචනා කරපු ගීතයක්. 103  මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා.මගේ මුළු හදවතින්ම මම ඔහුගේ ශුද්ධ නමට ප්‍රශංසා කරනවා.   මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.ඔහු කරපු එක දෙයක්වත් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+   ඔහු ඔබේ හැම වරදකටම සමාව දෙනවා.+ඔබේ සියලුම දුක් වේදනාවලට සහනයක්* දෙනවා.+   ඔහු ඔබේ ජීවිතය මිනී වළෙන් ගලවගන්නවා.+ඔහුගේ නොසැලෙන ආදරයත් දයාවත් ඔටුන්නක් වගේ ඔබට පලඳවනවා.+   ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දේවලින් තෘප්තිමත් කරනවා.+රාජාලීන් වගේ ඔබේ තරුණකම අලුත් වෙන්නේ ඒ නිසයි.+   තාඩන පීඩනවලට ලක් වුණ අයට යෙහෝවා යුක්තිය ඉටු කරනවා.+ඔහු ඔවුන්ට ධර්මිෂ්ඨකමින් සලකනවා.+   තමන් වැඩ කරන විදිහ ගැන ඔහු මෝසෙස්ට දැන්නුවා.+තමන් කරපු දේවල් ගැන ඊශ්‍රායෙල්ගේ පුතුන්ව දැනුවත් කළා.+   යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරෙන් පිරුණු දෙවි කෙනෙක්.+   අපේ අතින් වෙන වැරදි ඔහු හැමදාටම මතකයේ තියාගන්නේ නැහැ.+ඔහු හැමදාටම අපිත් එක්ක අමනාපයෙන් ඉන්නෙත් නැහැ.+ 10  අපි කරපු වැරදිවල තරමටම ඔහු අපිට දඬුවම් කළේ නැහැ.+අපේ වැරදිවලට ලැබෙන්න ඕනෙ දඬුවම ඔහු අපිට දුන්නේ නැහැ.+ 11  ඔහු ගැන ගරුබියක් තියෙන අයට ඔහු පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!+ඒක අහසත් පොළොවත් අතර තියෙන පරතරය වගේ හිතාගන්නවත් බැරි තරම්! 12  බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේඔහු අපේ වැරදි අපෙන් ඈත් කරනවා.+ 13  පියෙක් තමන්ගේ පුතුන්ට දයාව පෙන්වනවා වගේයෙහෝවා තමන් ගැන ගරුබියක් තියෙන අයට දයාව පෙන්වනවා.+ 14  අපිව නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා ඔහු හොඳින් දන්නවා.+අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා ඔහු සිහි කරනවා.+ 15  දූවිල්ලට හැරිලා යන මිනිසාගේ ආයු කාලය තණකොළ ගසකට සමානයි.+කෙතේ තියෙන මලක් වගේ ඔහු පිපුණත්+ 16  හුළඟක් හමපු ගමන්ම ඒක ගහගෙන යනවා.ඒක එතන තිබුණාද කියලවත් හොයාගන්න බැහැ. 17  ඒත් යෙහෝවා ගැන ගරුබියක් දක්වන අයට+ඔහු පෙන්වන ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.*ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා.+ 18  ඔහුගේ නියෝග පිළිපදින්න වෙහෙසෙන,ඔහු ඇති කරපු ගිවිසුමට විශ්වාසවන්තව ඉන්න අයට+ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්න ලැබෙනවා. 19  යෙහෝවා ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ ස්ථිරව පිහිටුවලා තියෙනවා.+හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ පාලනය යටතේ.+ 20  යෙහෝවාගේ අණට කීකරු වෙන ඔහුගේ සියලු දූතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.දෙවියන් කියන දේ ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි, දෙවියන්ට ප්‍රශංසා කරන්න. 21  යෙහෝවාගේ කැමැත්ත ඉටු කරන,+ඔහුට සේවය කරන ස්වර්ගයේ සේනාවෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න. 22  යෙහෝවා නිර්මාණය කළ සියල්ලෙනි,ඔහු පාලනය කරන හැම තැනකදීම ඔහුට ප්‍රශංසා කරන්න. මගේ මුළු හිතින්ම මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා.

පාදසටහන්

හෝ, “ලෙඩ රෝගවලට සුවයක්.”
හෝ, “සදාකාලයෙන් සදාකාලයටම පවතිනවා.”