ගීතාවලිය 104:1-35

  • දෙවියන්ගේ පුදුමාකාර නිර්මාණයන් ගැන ඔහුට ප්‍රශංසා කරයි

    • පොළොව හැමදාටම පවතිනවා (5)

    • මිනිස්සුන්ට වයින් සහ කෑම ලබා දෙනවා (15)

    • “ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!” (24)

    • ‘ඔවුන්ගේ හුස්ම ඉවත් කළොත් ඔවුන් මිය යනවා’ (29)

104  මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+ මගේ දෙවි යෙහෝවා, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨද!+ ඔබ ගෞරවයෙනුත් තේජසිනුත් සැරසිලා ඉන්නවා.+   ඔබ ආලෝකය ඇඳුමක් වගේ පැලඳගෙන ඉන්නවා.+ඇතිරිල්ලක්* වගේ ඔබ අහස්තලය දිගහරිනවා.+   ඔබ අහස් වලාවන්ට ඉහළින් ඔබේ උඩුමහල් කාමර හදනවා.+රථයක නැඟ යනවා වගේ ඔබ වලාකුළු මත නැඟ යනවා.+ඔබ සුළඟ මත පිය නඟනවා.+   ඔබේ දූතයන්ව ඔබ ප්‍රබල සුළඟක්* වෙන්නත්ඔබේ සේවකයන් වන ඔවුන්ව ඇවිළෙන ගින්නක් වෙන්නත් සලස්වනවා.+   ඔබ සවිමත් අත්තිවාරමක් මත පොළොව ස්ථිරව පිහිටෙව්වා.+ඔබ ඒක හැදුවේ කවදාවත් නොසෙල්වෙන* විදිහටයි.+   සළුවකින් වහනවා වගේ ජල කන්දරාවකින් ඔබ ඒක ආවරණය කළා.+ ජලය තිබුණේ කඳුවලටත් වඩා ඉහළින්.   ඔබේ තරවටුව නිසා ජලය පලා ගියා.+ඔබේ ගිගුරුම් හඬ නිසා ජලය කැලඹුණා.ඒවා වේගයෙන් ගලාගෙන ගිහින්   ඔබ නියම කරපු තැන නතර වුණා.ඒ නිසා කඳු ඉහළට නැග්ගා.+ නිම්න පහළට බැස්සා.   ඔබ ජලයට සීමාවක් නියම කරලා එතනින් එහාට යන්න තහනම් කළා.+ඔබ එහෙම කළේ ආයේ කවදාවත් පොළොව ජලයෙන් වැහිලා යන්නේ නැති වෙන්නයි. 10  ඔබ ජල ධාරාවන් නිම්න දිහාවට ගලා යන්න සලස්වනවා.ඒවා කඳු අතරින් ගලා බහිනවා. 11  වනයේ ඉන්න හැම සතෙක්ම ඒවායින් බොනවා.කැලේ ඉන්න බූරුවොත් ඒවායින් පිපාසය නිවාගන්නවා. 12  කුරුල්ලෝ ඒවා අද්දර ලැගුම් ගන්නවා.උන් ගස් අතරේ ඉඳන් ගී ගයනවා. 13  ඔබේ උඩුමහල් කාමරවල ඉඳන් ඔබ කඳුකරයට වතුර ගලා එන්න සලස්වනවා.+ ඔබේ දෑතේ වීර්යයෙන් ලබා දෙන දේවලින් පොළොව තෘප්තිමත් වෙනවා.+ 14  ඔබ සතුන්ට කන්න නිල් තණකොළත්මිනිස්සුන්ට අවශ්‍ය පලා වර්ගත් වැඩෙන්න සලස්වලා+පොළොවෙන් කෑම ලබා දෙනවා. 15  හිත සතුටු කරන වයිනුත්+මුහුණ පැහැපත් කරන තෙලුත්ගත සිත තෘප්තිමත්* කරන කෑමත් ඔබ මිනිස්සුන්ට ලබා දෙනවා.+ 16  යෙහෝවාට අයිති ගස්වලට,ලෙබනොන්වල ඔහු පැළ කරපු දේවදාර ගස්වලටජලයෙන් කිසිම අඩුවක් නැහැ. 17  කුරුල්ලෝ ඒ ගස්වල කූඩු තනනවා. මාන කොක්කු+ ජුනිපර් ගස් අතරේ කැදලි හදාගන්නවා. 18  කඳු එළුවන්ට+ ඉන්න උස් කඳුත්බෙන්හාවුන්ගේ රැකවරණයට පර්වතත් ඔබ දීලා තියෙනවා.+ 19  ඍතු වෙන් කරලා හඳුනගන්න ඔබ සඳ හැදුවා.බැහැලා යන්න ඕනෙ කොයි වෙලාවටද කියලා හිරු හොඳින්ම දන්නවා.+ 20  ඔබ අඳුර ගෙනත් රාත්‍රිය උදා කරනවා.+වනසත්තු ඒ අඳුරේ සැරිසරනවා. 21  තරුණ සිංහයෝ* ගොදුරක් හොයමින් ගර්ජනා කරනවා.+දෙවියන්ගෙන් ගොදුරක් ලැබෙන කල් උන් බලන් ඉන්නවා.+ 22  හිරු උදා වෙද්දී උන් ගුහාවලට ගිහින් වැතිරිලා ඉන්නවා. 23  ඒත් මිනිස්සු ගෙදරින් පිටත් වෙලාහවස් වෙන කල්ම වැඩ කරනවා. 24  යෙහෝවා, ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!+ ඔබ ඒ හැම දේම හැදුවේ ඔබේ ප්‍රඥාවෙන්.+ පොළොව ඔබේ නිර්මාණවලින් පිරිලා. 25  ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේගණන් කරන්න බැරි තරම් ලොකු කුඩා ජීවීන් සැරිසරනවා.+ 26  මහ මුහුදේ නැව් යාත්‍රා කරනවා.ඒක ලෙවීයාතන්ට*+ ක්‍රීඩා පිටියක්. 27  ඔබ නියම වෙලාවට කෑම දෙන කල්+හැම ජීවියෙක්ම ඔබ දිහා බලන් ඉන්නවා. 28  ඔබ දෙන දේවල් ඔවුන් එකතු කරගෙන කෑමට ගන්නවා.+ ඔබේ දෑත් විහිදා දෙන යහපත් දේවල්වලින් ඔවුන් සතුටු වෙනවා.+ 29  ඔබ ඔබේ මුහුණ ඉවතට හරවගද්දී ඔවුන් කලබල වෙනවා. ඔබ ඔවුන්ගේ හුස්ම ඉවත් කළොත් ඔවුන් මිය ගිහින් ආයෙත් දූවිල්ලට හැරිලා යනවා.+ 30  ඔබේ බලය එවලා ඔබ ජීවීන්ව නිර්මාණය කරනවා.+පොළෝතලය අලුත් කරනවා. 31  යෙහෝවා දෙවියන්ගේ තේජස සදහටම පවතිනවා. තමන්ගේ නිර්මාණයන් ගැන යෙහෝවා ගොඩක් සතුටු වෙනවා.+ 32  ඔහු පොළොව දිහා බලද්දී ඒක දෙදරුම් කයි.ඔහු කඳුවලට අත තියද්දී ඒවායින් දුම් නඟියි.+ 33  ජීවිත කාලේ පුරාම මම යෙහෝවාට ගී ගයනවා.+දිවි ඇති තුරා මගේ දෙවියන්ට මම ප්‍රශංසා ගී ගයනවා.*+ 34  මගේ සිතුවිලි ඔහුට ප්‍රසන්න වේවා!* යෙහෝවා නිසා මගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා. 35  පව්කාරයෝ පොළොවෙන් තුරන් වෙලා යනවා.දුෂ්ටකම් කරන කිසිම කෙනෙක් පොළොවේ ඉතුරු වෙන්නේ නැහැ.+ මම යෙහෝවාට ප්‍රශංසා කරනවා. ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

මූ.අ., “කූඩාරමේ තිර රෙද්දක්.”
හෝ, “බලවත් අය.”
හෝ, “කඩන් වැටෙන්නේ නැති.”
මූ.අ., “ශක්තිමත්.”
හෝ, “කේශර සිංහයෝ.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
හෝ සමහරවිට, “මම ඔහු ගැන ගැඹුරින් කල්පනා කරද්දී ඒකෙන් මට සතුටක් ලැබේවා!”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.