ගීතාවලිය 105:1-45

  • යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් විශ්වාසවන්තව කරපු දේවල්

    • දෙවියන් තමන් ඇති කරගත්ත ගිවිසුම අමතක කරන්නේ නැහැ (8-10)

    • “මං අභිෂේක කරපු අයට අත තියන්න එපා” (15)

    • වහලෙක් විදිහට හිටපු යෝසෙප්ව දෙවියන් ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරයි (17-22)

    • ඊජිප්තුවේදී දෙවියන් කරපු ආශ්චර්යයන් (23-36)

    • ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට යයි (37-39)

    • තමන් ආබ්‍රහම්ට වුණ පොරොන්දුව දෙවියන් සිහි කරයි (42)

105  යෙහෝවාට ස්තුති කරන්න.+ඔහුගේ නම කියලා ඔහුට කන්නලව් කරන්න.ඔහු කරන දේවල් ගැන හැමෝටම කියන්න.+   ඔහුට ගී ගයන්න. ඔහුට ප්‍රශංසා ගී ගයන්න.*ඔහු කරපු පුදුම දේවල් ගැන හොඳින් කල්පනා කරන්න.*+   ඔහුගේ ශුද්ධ නම ගැන ආඩම්බරයෙන් කතා කරන්න.+ යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන හැමෝගෙම සිත් සතුටින් පිරී ඉතිරේවා!+   යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්න.+ ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න. නිතරම ඔහුගෙන් උපකාර ඉල්ලන්න.*   ඔහු කරපු පුදුම දේවල් මතක් කරගන්න.ඔහු කරපු ආශ්චර්යයනුත් ඔහු දුන්න ධර්මිෂ්ඨ තීන්දුත් සිහි කරන්න.+   ඔහුගේ සේවකයා වුණ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+යාකොබ්ගේ දරුවෙනි, ඔහු තෝරගත්ත සෙනඟෙනි,+ ඒ දේවල් සිහි කරන්න.   අපේ දෙවි යෙහෝවා ඔහුයි.+ ඔහු මුළු පොළොවම විනිශ්චය කරයි.+   ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+පරම්පරා දාහක් ගියත් ඔහු දුන්න පොරොන්දුව ඔහු අමතක කරන්නේ නැහැ.+   ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුමත්+ඊසාක්ට දිවුරලා වුණ පොරොන්දුවත් ඔහු සිහි කරනවා.+ 10  ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ කියලා ඔහු යාකොබ්ට සහතික වුණා.ඔහු හැමදාටම ඊශ්‍රායෙල් එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුමට විශ්වාසවන්තව ඉන්නවා. 11  ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි. “ඔයාගේ උරුමය විදිහට,+මම කානාන් දේශය ඔයාට දෙනවා.”+ 12  ඔහු එහෙම කියද්දී ඔවුන් කුඩා පිරිසක්.+ඒ දේශයේ විදේශිකයන් විදිහට හිටපු ඔවුන් ඇත්තටම කුඩා පිරිසක්.+ 13  ඔවුන් රටින් රටට ඇවිද්දා.එක රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ගියා.+ 14  ඔවුන්ට හිරිහැර කරන්න ඔහු කාටවත් ඉඩ දුන්නේ නැහැ.+ඔවුන් නිසා ඔහු රජවරුන්ට අවවාද කළා.+ 15  “මං අභිෂේක කරපු අයට අත තියන්න එපා.මගේ අනාගතවක්තෘවරුන්ට කිසිම නපුරක් කරන්න එපා” කියලා ඔහු ඔවුන්ට කිව්වා.+ 16  ඔහු සාගතයක් ගෙනාවා.+ඔවුන්ගේ ආහාර* ගබඩාවන්* විනාශ කරලා දැම්මා. 17  ඔවුන් දේශයට යන්න කලින්වහලෙක් විදිහට විකුණපු යෝසෙප්ව ඔහු එහෙට යැව්වා.+ 18  එහේ හිටපු අය ඔහුගේ කකුල්වලට විලංගු දැම්මා.+ඔහුගේ බෙල්ල* දම්වැල්වලින් හිර කළා. 19  යෙහෝවා දෙවියන් දුන්න පොරොන්දුව ඉටු වෙන කල්+දෙවියන් ඔහු කියපු දේවලින්* යෝසෙප්ව පවිත්‍ර කළා. 20  ඔහුව මුදාහරින්න කියලා රජ නියෝග කළා.+දේශයේ පාලකයා ඔහුව නිදහස් කළා. 21  රජ තමන්ගේ නිවස බලාගන්න වගකීම ඔහුට භාර දුන්නා.රජ තමන්ට අයිති හැම දේකම පාලකයා විදිහට ඔහුව පත් කළා.+ 22  රජ තමන්ගේ අධිපතීන්ව සම්පූර්ණයෙන්ම ඔහුට යටත් කරලා දුන්නා.තමන්ගේ වැඩිමහල්ලන්ට දැනමුතුකම් දෙන්නත් ඔහුව පත් කළා.+ 23  ඊටපස්සේ ඊශ්‍රායෙල්, ඊජිප්තුවට ආවා.+යාකොබ් හාම්ගේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වුණා. 24  දෙවියන් ඔහුගේ සෙනඟගේ ගාණ එන්න එන්නම වැඩි වෙන්න සැලැස්සුවා.+ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන්ව බලවත් කළා.+ 25  තම සෙනඟට වෛර කරන්නත්ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නත් දෙවියන් ඒ අයටඉඩහැරියා.+ 26  ඔහු තමන්ගේ සේවකයා වුණ මෝසෙස්වත්+මෝසෙස්ට උදව් කරන්න තෝරගත්ත ආරොන්වත්+ ඔවුන් ළඟට යැව්වා. 27  ඒ දෙන්නා දෙවියන් දුන්න ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්නුවා.හාම්ගේ දේශයේදී ඔවුන් දෙවියන්ගේ බලයෙන් ආශ්චර්යයන් කළා.+ 28  ඒ දෙන්නා දෙවියන් කියපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.දෙවියන් මුළු දේශයම අන්ධකාරයෙන් වැහිලා යන්න සැලැස්සුවා.+ 29  ඔහු ඊජිප්තුවරුන්ගේ ගංගාවල වතුර ලේවලට හැරෙව්වා.ඒවාවල හිටපු මසුන්ව විනාශ කළා.+ 30  ඔවුන්ගේ දේශය ගෙම්බන්ගෙන් පිරිලා ගියා.+රජගේ කාමර ඇතුළටත් උන් ගියා. 31  ඔහු අණ කළාම ගඩු මැස්සෝ රංචු පිටින් ඇවිත් දේශය වහගත්තා.ඔවුන්ගේ හැම පළාතක්ම වැලි මැක්කන්ගෙන් පිරිලා ගියා.+ 32  වැස්ස වෙනුවට ඔහු ඔවුන්ගේ දේශයටහිම කැට වර්ෂාවක් ඇද හැලෙන්න සැලැස්සුවා.අකුණු සැරවලින්* ඔවුන්ගේ දේශයට පහර දුන්නා.+ 33  ඔවුන්ගේ මිදිවැල්, අත්තික්කා ගස් විනාශ කළා.ඔවුන්ගේ දේශයේ තිබුණ හැම ගහක්ම නැති කරලා දැම්මා. 34  ඔහු පළඟැටියන්ට රංචු පිටින් දේශයට එන්න අණ කළා.පළඟැටි පැටවුන් සේනාවක් මුළු දේශයම වහගත්තා.+ 35  උන් ඔවුන්ගේ වගාබිම් නැති නාස්ති කළා.ගස් වැල්වල පලදාව කාලා දැම්මා. 36  අන්තිමේදී දෙවියන් ඔවුන්ගේ හැම කුලුඳුලෙක්ටම පහර දුන්නා.+ඔවුන්ගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය නැති කරලා දැම්මා. 37  ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවා.ඔවුන් පිටතට ආවේ රන් රිදී අරගෙනයි.+ඔවුන්ගේ ගෝත්‍රවල කිසිම කෙනෙක් දුර්වල වෙලා ඇද වැටුණේ නැහැ. 38  ඔවුන් පිටත් වෙලා යද්දී ඊජිප්තුවරු හුඟක් සතුටු වුණා.මොකද ඊශ්‍රායෙල්වරු නිසා ඔවුන්ට දැනුණේ පුදුම බයක්.+ 39  ඊශ්‍රායෙල්වරුන්ව සතුරන්ගෙන් වෙන් කරන්න ඔහු ඒ දෙගොල්ලෝ අතරේ වලාකුළක් තිබ්බා.+ රාත්‍රියේදී ගින්නක් මාර්ගයෙන් ඔහු ඔවුන්ට එළිය ලබා දුන්නා.+ 40  ඔවුන් මස් ඉල්ලද්දී ඔහු ඔවුන්ට වටුවන් එව්වා.+ස්වර්ගයෙන් කෑම ලබා දීලා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළා.+ 41  ඔහු පර්වතයක් දෙබෑ කරලා ඒකෙන් වතුර ගලාගෙන එන්න සැලැස්සුවා.+ඒ වතුර කාන්තාරය හරහා ගඟක් වගේ ගලාගෙන ගියා.+ 42  ඔහු ඒ දේවල් කළේ තමන්ගේ සේවකයා වුණ ආබ්‍රහම්ට දුන්න ශුද්ධ පොරොන්දුව සිහි කරලයි.+ 43  ඔහු තමන්ගේ සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවා.ඔවුන් සතුටින් හඬ නඟමින් දේශයෙන් පිටත් වුණා.+ඔහු තෝරගත්ත අය ප්‍රීති ඝෝෂා නඟමින් පිටතට ආවා. 44  වෙනත් ජාතීන්ට අයිති ප්‍රදේශ ඔහු ඔවුන්ට අයිති කරලා දුන්නා.+වෙනත් අය වෙහෙස මහන්සියෙන් උපයගත්ත දේවල් ඔවුන්ට උරුම වුණා.+ 45  ඔවුන් තමන්ගේ අණපනත් පිළිපදියි කියලත්+තමන්ගේ නීතිවලට කීකරු වෙයි කියලත් දෙවියන් බලාපොරොත්තු වුණා. ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
හෝ සමහරවිට, “කතා කරන්න.”
මූ.අ., “ඔහුගේ මුහුණ දකින්න නිතරම උත්සාහ කරන්න.”
හෝ, “රොටි.”
මූ.අ., “රොටි එල්ලලා තියන ඔවුන්ගේ හැම ලීයක්ම.” මෙතන කතා කරන්නේ රොටි එල්ලලා තියන්න පාවිච්චි කරන ලී ගැන වෙන්න පුළුවන්.
හෝ, “ඔහුව.”
මූ.අ., “ඔහුගේ වදන්වලින්.”
හෝ, “ගිනිදැල්වලින්.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.