ගීතාවලිය 106:1-48

  • ඊශ්‍රායෙල්වරු කිසි අගයක් නැති සෙනඟක්

    • දෙවියන් කරපු දේවල් ඔවුන් ඉක්මනින්ම අමතක කළා (13)

    • තේජවත් දෙවියන්ට දෙන්න ඕනෙ ගෞරවය ඔවුන් වස්සෙක්ගේ රූපයකට දුන්නා (19, 20)

    • දෙවියන් දීපු පොරොන්දුව ගැන ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැහැ (24)

    • ඔවුන් බාල්ට නමස්කාර කළා (28)

    • ඔවුන් දරුවන්ව භූතයන්ට ඔප්පු කළා (37)

106  ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!* යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+   යෙහෝවා කරලා තියෙන බලවත් ක්‍රියා මොන තරම්ද!ප්‍රශංසාව ලබන්න වටින ඔහුගේ ක්‍රියා කියලා නිම කරන්න බැහැ.ඒ හැම එකක්ම කියලා ඉවර කරන්න කාටවත් බැහැ.+   හැම වෙලාවෙම හරි දේ කරන,යුක්තිගරුකව වැඩ කරන අය සන්තෝෂවත්.+   යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට කරුණාව පෙන්වද්දී මාව අමතක කරන්න එපා.+ මට ගැලවීම ලබා දීලා මාව රැකබලා ගන්න.   එතකොට ඔබ තෝරගත්ත සෙනඟ වෙනුවෙන් ඔබ කරන යහපත් දේවල් මටත් අද්දකින්න පුළුවන්.+ඔබේ සෙනඟ එක්ක සතුටු වෙන්නත්ඔබේ සෙනඟ* එක්ක එකතු වෙලා ඔබ ගැන ආඩම්බරයෙන් ප්‍රශංසා කරන්නත් මට පුළුවන්.   අපේ මුතුන්මිත්තන් වගේ අපිත් පව් කළා.+අපි හුඟක් වැරදි කරලා තියෙනවා. දුෂ්ට විදිහට වැඩ කරලා තියෙනවා.+   ඊජිප්තුවේ හිටපු අපේ මුතුන්මිත්තන්ඔබ කරපු පුදුම දේවල් අගය කළේ* නැහැ. නිමක් නැති ඔබේ නොසැලෙන ආදරේ ඔවුන් අමතක කළා.රතු මුහුද ළඟදීත් ඔවුන් ඔබට විරුද්ධව කැරලිගැහුවා.+   ඒත් ඔබ ඔවුන්ව ගලවගත්තා.ඔබ එහෙම කළේ ඔබේ නම ගෞරවයට පත් කරන්නයි.+ඔබේ අතිමහත් බලය හැමෝටම දකින්න සලස්වන්නයි.+   දෙවියන් රතු මුහුදට අණ කළාම ඒක මැදින් වියළි පාරක් හැදුණා.කාන්තාරයක්* මැදින් අරන් යනවා වගේ ඔහු ඔවුන්ව ගැඹුරු මුහුද මැදින් අරන් ගියා.+ 10  ඔවුන්ට වෛර කරන තැනැත්තාගේ අතින්දෙවියන් ඔවුන්ව බේරගත්තා.+සතුරාගෙන් ඔවුන්ව මුදවගත්තා.+ 11  මහා ජල කඳ ඔවුන්ගේ සතුරන්ව යට කරලා දැම්මා.එක් කෙනෙක්වත් බේරුණේ නැහැ.+ 12  ඊටපස්සේ ඔහුගේ පොරොන්දුව ගැන ඔවුන්ට විශ්වාසයක් ඇති වුණා.+ඔවුන් දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න පටන්ගත්තා.+ 13  ඒත් ඔහු කරපු දේවල් ඉක්මනින්ම ඔවුන්ට අමතක වුණා.+ඔහුගෙන් මඟ පෙන්වීම් ලැබෙන කල් ඔවුන් බලාගෙන හිටියේ නැහැ. 14  පාළුකරයේදී ඔවුන් තමන්ගේ ආත්මාර්ථකාමී ආශාවන්ට ඔවුන්ව පාලනය කරන්න ඉඩ දුන්නා.+කාන්තාරයේදී ඔවුන් දෙවියන්ව සැක කළා.දෙවියන් ඔවුන්ව බලාගනියිද නැද්ද කියලා ඔවුන් පරීක්ෂා කළා.*+ 15  ඔවුන් ඉල්ලපු දේ ඔහු ඔවුන්ට දුන්නා.ඒත් පස්සේ ඔහු ඔවුන්ට දරුණු රෝගයකින් පහර දුන්නා.ඒ රෝගය නිසා ඔවුන් දුර්වල වෙලා මැරිලා ගියා.+ 16  කඳවුරේ ඉද්දී ඔවුන්ට මෝසෙස් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා.යෙහෝවා පත් කරපු ශුද්ධ තැනැත්තා+ වුණ ආරොන්ටත් ඔවුන් ඊර්ෂ්‍යා කළා.+ 17  පොළොව කට ඇරලා දාතාන්ව ගිලගත්තා.අබිරාම්ගේ පැත්තේ හිටිය හැම කෙනෙක්වමත් පොළොව වහගත්තා.+ 18  ඒ අය අතරේ ගින්නක් ඇවිළුණා.ඒ ගින්න දුෂ්ටයන්ව විනාශ කරලා දැම්මා.+ 19  හොරෙබ්වලදී ඔවුන් වස්සෙක්ගේ රූපයක් හදාගත්තා.ලෝහවලින්* හදපු රූපයක් ඉස්සරහා ඔවුන් වැඳ වැටුණා.+ 20  තේජවත් දෙවියන් වන මට ගෞරව කරනවා වෙනුවටඔවුන් ගෞරවය දුන්නේ තණකොළ කන වස්සෙක්ගේ රූපයකට!+ 21  ඊජිප්තුවේදී ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරලා+තමන්ව ගලවගත්ත දෙවියන්ව ඔවුන් අමතක කළා.+ 22  හාම්ගේ දේශයේදී පුදුම දේවල් කරපු,+රතු මුහුදේදී ගරුබිය උපදවන දේවල් කරපු+ දෙවියන්ව ඔවුන් අමතක කළා. 23  දෙවියන් ඔවුන්ව විනාශ කරන්න කියලා අණ කරන්න හදද්දීමඔහු තෝරගත්ත තැනැත්තා වුණ මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වුණා.*දිගටම කේන්තියෙන් ඉඳලා ඔවුන්ව විනාශ කරන්න එපා කියලා මෝසෙස් කන්නලව් කළා.+ 24  ඔවුන් සරුසාර දේශය හෙළා දැක්කා.+දෙවියන් දුන්න පොරොන්දුව ගැන ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැහැ.+ 25  ඔවුන් තමන්ගේ කූඩාරම්වලට වෙලා මැසිවිලි නැඟුවා.+යෙහෝවා දෙවියන් කියපු දේට අකීකරු වුණා.+ 26  ඒ නිසා ඔවුන්ව පාළුකරයේදීම විනාශ කරනවා කියලා+දෙවියන් තමන්ගේ අත ඔසවලා දිවුරලා කිව්වා. 27  ඔවුන්ගෙන් පැවතෙන අයව වෙනත් දේශවලට විසුරුවාහරිනවා කියලත්+ඔවුන් ඒ ජාතීන් අතින් මැරුම් කනවා කියලත් ඔහු දිවුරලා කිව්වා. 28  ඔවුන් පෙයෝර්වල බාල් දෙවියාට නමස්කාර කළා.*+මිය ගිය අයට* ඔප්පු කරපු පූජා කෑමට ගත්තා. 29  ඔවුන්ගේ හැසිරීම නිසා දෙවියන්ගේ කෝපය ඇවිළුණා.+ඒ නිසා ඔවුන් අතරේ වසංගතයක් පැතිරිලා ගියා.+ 30  ඒත් පිනෙහාස් ඉස්සරහට ඇවිත්අවශ්‍ය පියවර ගත්ත නිසා වසංගතය නතර වුණා.+ 31  ඔහු කරපු දේ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.පරම්පරාවක් පරම්පරාවක් ගාණේ සදහටම දෙවියන් ඔහුව ඒ විදිහට සලකනවා.+ 32  මෙරිබා* දිය පහර ළඟදී ඔවුන් දෙවියන්ව කේන්ති ගැස්සුවා.ඔවුන් නිසා මෝසෙසුත් කරදරේ වැටුණා.+ 33  සෙනඟ මෝසෙස්ව කේන්ති ගැස්සුව නිසාඔහු හිතන්නේ බලන්නේ නැතුව අනුවණ විදිහට කතා කළා.+ 34  යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට+ඔවුන් ඒ දේශයේ හිටපු ජාතීන්ව පන්නලා දැම්මේ නැහැ.+ 35  ඔවුන් ඒ සෙනඟ එක්ක ඇසුරු කරලා+ඒ අය කරපු දේවල්ම කරන්න පටන්ගත්තා.*+ 36  ඒ අය නමස්කාර කරපු රූපවලට නමස්කාර කළා.+ඒක ඔවුන්ව අහු කරගන්න දැලක් වගේ වුණා.+ 37  ඔවුන් තමන්ගේ දූපුතුන්ව භූතයන්ට ඔප්පු කළා.+ 38  අහිංසක දරුවන්ව ඔවුන් මරලා දැම්මා.+ඔවුන්ගෙම දූපුතුන්ව මරලා කානාන් දෙවිවරුන්ගේ රූප ඉස්සරහා පූජා කළා.+ඔවුන් හලපු ලේ නිසා මුළු දේශයම අපවිත්‍ර වුණා. 39  ඔවුන් කරපු දේවල් නිසා ඔවුනුත් අපවිත්‍ර වුණා.පිළිකුල්සහගත දේවල් කරමින් ඔවුන් දෙවියන්ට ද්‍රෝහි වුණා.*+ 40  යෙහෝවාගේ කෝපය ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවිළුණා.ඔහු තමන්ගේ උරුමය වුණ ඔවුන්ව පිළිකුල් කරන්න පටන්ගත්තා. 41  ඒ නිසා දෙවියන් ඔවුන්ව වෙනත් ජාතීන්ගේ අතට නිතර නිතර හසු කරලා දුන්නා.+එහෙම කරලා ඔවුන්ගේ සතුරන්ට ඔවුන්ව පාලනය කරන්න ඉඩ දුන්නා.+ 42  ඔවුන්ගේ සතුරන් ඔවුන්ව යටත් කරගෙන හිංසා පීඩා කළා. 43  හුඟක් අවස්ථාවලදී දෙවියන් ඔවුන්ව බේරගත්තත්+ඔවුන් දිගටම ඔහුට අකීකරු වෙලා ඔහුට විරුද්ධව කැරලිගැහුවා.+ඔවුන් කරපු වැරදි නිසා දෙවියන් ඔවුන්ව නින්දාවට පත් කළා.+ 44  ඒත් ඔවුන් විඳින දුක් පීඩා ඔහු දැක්කා.+ඔවුන් අඬඅඬ උදව් ඉල්ලද්දී ඔහු ඔවුන්ට සවන් දුන්නා.+ 45  ඔවුන්ගේ යහපත ගැන හිතලාඔහු ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කළා.නිමක් නැති ඔහුගේ නොසැලෙන ආදරය නිසාඔවුන් ගැන ඔහුට ලොකු අනුකම්පාවක් දැනුණා.+ 46  ඔවුන්ට අනුකම්පාවෙන් සලකන්න ඔවුන්ව වහල්කමට අරන් ගිය අයගේ සිත් ඔහු පෙලඹුවා.+ 47  යෙහෝවා, අපේ දෙවියනි, අපිව බේරගන්න.+විවිධ ජාතීන් අතරට විසුරුවාහැරපු අපිව ආයෙත් එකතු කරන්න.+එතකොට ඔබේ ශුද්ධ නමට ප්‍රශංසා කරන්නත්සතුටින් ඔබව පසසන්නත්* අපිට පුළුවන්.+ 48  ඊශ්‍රායෙලයේ දෙවි යෙහෝවාටසදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!+ සියලුදෙනාම “ආමෙන්”* කියලා කියනු ලැබේවා! ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
මූ.අ., “උරුමය.”
හෝ, “තේරුම්ගත්තේ.”
හෝ, “පාළුකරයක්.”
හෝ, “දෙවියන් ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කළා.”
හෝ, “ලෝහ උණු කරලා.”
හෝ, “දෙවියන් ඔවුන්ට පහර දෙන්න හදද්දීම මෝසෙස් ඒ දෙගොල්ලෝ අතරට ආවා.”
හෝ, “බාල් දෙවියාට බැඳිලා හිටියා.”
ඒ කියන්නේ පණ නැති දෙවිවරුන්ට නැත්නම් මැරුණු අයට.
තේරුම, “රණ්ඩුව.”
හෝ, “පුරුදු වුණා.”
මෙතන කතා කරන්නේ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන එක ගැනයි. ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.
හෝ, “ප්‍රශංසා කරලා සතුටක් ලබන්නත්.”
හෝ, “එසේම වේවා!”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.