ගීතාවලිය 107:1-43
107 යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+
2 යෙහෝවා දෙවියන් බේරගත්ත* ජනයෙනි,දෙවියන් සතුරාගේ අතින්* බේරගත්ත සියල්ලෙනි,+ඔහුගේ ආදරේ ගැන කියලා ඔහුට ප්රශංසා කරන්න.
3 ඔහු ඔබව වෙනත් දේශවලින් පිටතට අරන් ඇවිත් එකට එකතු කළා.+නැඟෙනහිරෙන්, බස්නාහිරෙන්,*උතුරෙන් සහ දකුණෙන් ඔහු ඔබව එකතු කරගත්තා.+
4 ඔවුන් පාළුකරයේ ඒ මේ අත ඇවිද්දා.ජීවත් වෙන්න නුවරක් හොයාගන්න බැරුව අතරමං වෙලා හිටියා.
5 ඔවුන් බඩගින්නේ හිටියා. තිබහෙන් හිටියා.ක්ලාන්ත වෙන තරමටම හෙම්බත් වුණා.
6 ඔවුන්ගේ දුකේදී ඔවුන් දිගටම යෙහෝවාට හඬගැසුවා.+එතකොට දෙවියන් ඔවුන්ව දුක් කරදරවලින් බේරගත්තා.+
7 ඔහු ඔවුන්ට යන්න ඕනෙ පාර පෙන්වලා දීලා+ජීවත් වෙන්න පුළුවන් නුවරකට ඔවුන්ව අරන් ගියා.+
8 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.+මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.+
9 පිපාසයෙන් හිටපු කෙනාගේ පිපාසය ඔහු නිවලා දැම්මා.බඩගින්නේ හිටපු කෙනාට ඔහු හොඳම කෑම දීලා තෘප්තිමත් කළා.+
10 සමහරු ගන අඳුරේ හිටියා.විලංගු දාපු හිරකරුවන් විදිහට ඔවුන්ට වධ විඳින්න වුණා.
11 මොකද ඔවුන් දෙවියන්ගේ වචනයට විරුද්ධව කැරලිගැහුවා.උසස්ම දෙවියන්ගේ මඟ පෙන්වීම් නොසලකාහැරියා.+
12 ඒ නිසා දෙවියන් ඔවුන්ට දුක් විඳින්න ඉඩහැරලා නිහතමානී වෙන්න ඉගැන්නුවා.+ඔවුන් වැටුණා. ඒත් ඔවුන්ට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ.
13 ඔවුන්ගේ දුකේදී ඔවුන්ව බේරගන්න කියලා ඔවුන් යෙහෝවාට හඬගැසුවා.දුක් කරදරවලින් දෙවියන් ඔවුන්ව බේරගත්තා.
14 ඔහු ඔවුන්ව ගන අඳුරෙන් පිටතට ගෙනාවා.ඔවුන්ගේ විලංගු බිඳලා දැම්මා.+
15 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.+මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.
16 ඔහු තඹ දොරටු බිඳලා දැම්මා.යකඩ පොලු කපලා දැම්මා.+
17 මෝඩ විදිහට වැඩ කරපු නිසා ඔවුන්ට දුක් විඳින්න වුණා.+ඔවුන්ගේ අකීකරුකම් සහ වැරදි නිසා ඔවුන් දුක් වින්දා.+
18 කිසිම කෑමක් කන්න ඔවුන්ට ආසාවක් තිබුණේ නැහැ.*ඔවුන් මරණයේ දොරටු ළඟටම ආවා.
19 ඔවුන්ගේ දුකේදී ඔවුන්ව බේරගන්න කියලා ඔවුන් යෙහෝවාට හඬගැසුවා.ඒ නිසා දෙවියන් ඔවුන්ව දුක් කරදරවලින් බේරගත්තා.
20 දෙවියන් අණ කළාම ඔවුන්ට සුවය ලැබුණා.+ඔවුන් වැටිලා හිටපු වළවල්වලින් ඔහු ඔවුන්ව ගොඩට ගත්තා.
21 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.
22 ජනයෙනි, දෙවියන්ට ස්තුති පූජා ඔප්පු කරන්න.+ප්රීති ඝෝෂා නඟමින් ඔහු කරපු දේවල් ගැන හැමෝටම කියන්න.
23 නැව්වල යාත්රා කරන අය,මහ මුහුද හරහා ගිහින් වෙළඳාම් කරන අය+
24 යෙහෝවා දෙවියන් කරලා තියෙන දේවල් දැකලා තියෙනවා.මහ සයුරේදී ඔහුගේ පුදුමාකාර ක්රියා ඔවුන්ගේ නෙත ගැටිලා තියෙනවා.+
25 ඔහු අණ දෙද්දී දරුණු කුණාටුවක් ඇති වෙලා,+රළ පහර ඉහළට නැඟ එන විදිහ ඔවුන් දකිනවා.
26 නැවියෝ අහස දිහාවට වීසි වෙයි.ඔවුන් මුහුදු පතුලටම ගිලෙයි.
අනතුර දැකලා ඔවුන් බයෙන් වෙවුලයි.
27 ඔවුන් වෙරි මතින් ඉන්න අය වගේ ඒ මේ අත වීසි වෙයි.ඔවුන් කොයි තරම් දක්ෂ වුණත් දිවි රැකගන්න ඔවුන්ට බැහැ.+
28 ඔවුන්ගේ දුකේදී ඔවුන් උදව් ඉල්ලලා යෙහෝවාට හඬගසනවා.+ඒ විපතින් දෙවියන් ඔවුන්ව බේරගන්නවා.
29 ඔහු කුණාටුව නතර කරලාමුහුද නිශ්චල කරනවා.+
30 සන්සුන් වුණ සයුර දැකලා ඔවුන් සතුටින් කෑගහනවා.ඔවුන් යන්න හිතන් ඉන්න නැව් තොටට දෙවියන් ඔවුන්ව අරන් යනවා.
31 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.+
32 රැස් වෙලා ඉන්න සෙනඟ මැද ඔවුන් දෙවියන්ට ගෞරව කරනු ලැබේවා!+වැඩිමහල්ලන් අතරට ගිහින් ඔහුට ප්රශංසා කරනු ලැබේවා!
33 ඔහු ගංගාවන් කාන්තාර වෙන්න සලස්වයි.දිය උනන උල්පත් වියළී යන්නත්+
34 සාරවත් බිම් ලුණු කතරක් වෙන්නත් සලස්වයි.+ඔහු එහෙම කරන්නේ ඒ ප්රදේශවල ඉන්න අයගේ දුෂ්ටකම් නිසයි.
35 ඔහු කාන්තාර දිය පොකුණුවලට හරවයි.වියළී ගිය දේශය දිය උල්පත්වලින් පුරවයි.+
36 බඩගින්නේ ඉන්න අයව ඔහු එහේ පදිංචි කරවයි.+ඔහු එහෙම කරන්නේ ඔවුන්ට ජීවත් වෙන්න නුවරක් හදාගන්න පුළුවන් වෙන්නයි.+
37 ඔවුන් කෙත්වල බීජ වපුරයි. මිදිවතු වවයි.+ඒවාවලින් හොඳ පලදාවක් ලබාගනියි.+
38 දෙවියන් ආශීර්වාද කරන නිසා ඔවුන්ගේ සෙනඟ එන්න එන්නම වැඩි වෙයි.ඔහු ඔවුන්ට සත්ව සම්පතින් කිසිම හිඟයක් වෙන්න දෙන්නේ නැහැ.+
39 ඒත් හිංසා පීඩා, විපත්ති සහ වියෝදුක නිසාආයෙත් ඔවුන්ගේ ගාණ අඩු වෙලා යයි. ඔවුන් ලැජ්ජාවට පත් වෙයි.
40 දෙවියන් වංශවත් අයව නින්දාවට ලක් කරයි.පාළු ස්ථානයක ඔවුන්ව අතරමං කරයි.+
41 ඒත් ඔහු දුප්පත් අයව ඔවුන්ට පීඩා කරන අයගෙන් ආරක්ෂා කරනවා.*+බැටළු රැළක් වගේ ඔවුන්ගේ පවුල් ගණනින් වැඩි කරනවා.
42 ධර්මිෂ්ඨයෝ ඒක දැකලා සතුටු වෙයි.+ඒත් අධර්මිෂ්ඨ හැමෝගෙම කටවල් වැහෙයි.+
43 ප්රඥාවන්තයෙක් මේ හැම දෙයක් ගැනම හොඳින් සිතා බලයි.+යෙහෝවා නොසැලෙන ආදරෙන් පෙලඹිලා කරන හැම දෙයක් ගැනම ඔහු ගැඹුරින් කල්පනා කරයි.+
පාදසටහන්
^ හෝ, “නොසැලෙන ආදරේ.”
^ හෝ, “මුදවගත්ත.”
^ හෝ, “බලයෙන්.”
^ හෝ, “හිරු නැඟ එන පැත්තෙනුත් බැස යන පැත්තෙනුත්.”
^ හෝ, “ඔවුන් කෑම පිළිකුල් කළා.”
^ හෝ, “උස් තැනකට අරන් යනවා.” ඒ කියන්නේ අල්ලගන්න බැරි තැනකට අරන් යයි.