ගීතාවලිය 108:1-13

  • සතුරන්ව පරද්දන්න උදව් ඉල්ලයි

    • මිනිසුන් ගැලවීම දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵලයි (12)

    • “අපිට ශක්තිය ලබා දෙන්නේ අපේ දෙවියන්” (13)

දාවිත් රචනා කරපු ගීතයක්. 108  දෙවියනි, ඔබ ගැන මගේ හිතේ තියෙන විශ්වාසයපොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මම මුළු හදවතින්ම ඔබට ගී ගයමින් සංගීතය වාදනය කරනවා.+   මම මගේ තත් භාණ්ඩයෙත් වීණාවෙත් හඬ අවදි කරනවා.+ මගේ ගී තනුවලින් අරුණාලෝකයත් අවදි කරනවා.   යෙහෝවා දෙවියනි, මම සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරනවා.ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී ගයනවා.*   මොකද ඔබේ නොසැලෙන ආදරේට නිමක් නැහැ.ඒක ස්වර්ගය දක්වාම නැඟ යනවා.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදිලා යනවා.   දෙවියනි, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලාස්වර්ගය පුරාම දකින්න සලස්වන්න! ඔබේ තේජස පොළොව පුරාම විහිදුවන්න!+   එතකොට ඔබ ආදරේ කරන අයට බේරෙන්න පුළුවන් වෙයි.දෙවියනි, මට උත්තර දීලා ඔබේ දකුණතින් අපිව ගලවගන්න.+   ශුද්ධ දෙවියන්* මෙහෙම කිව්වා. “මම හරිම සතුටින් සෙනඟට ෂීකෙම් නුවර+ උරුමයක් විදිහට දෙනවා.සුක්කොත් නිම්නය* බෙදලා දෙනවා.+   මනස්සේ වගේම ගිලියද්+ අයිතිත් මටයි.එෆ්‍රායිම් මගේ හිස්වැස්මයි.*+යූදා මගේ රාජ යෂ්ටියයි.+   මෝවබ් මං අත පය හෝදගන්න භාජනයයි.+ මං මගේ පාවහන් ගලවලා ඒදොම් දෙසට වීසි කරනවා.+ පිලිස්තිවරුන්ව පරද්දලා ජය ඝෝෂා නඟනවා.”+ 10  බලකොටුවලින් වට වුණ නුවර අල්ලගන්න මට උදව් කරන්නේ කවුද? ඒදොම් වෙන කල්ම මාව අරගෙන යන්නේ කවුද?+ 11  අපේ දෙවියනි, ඒ දේ කරන්නේ ඔබයි.ඒත් ඔබ දැන් අපිව අත්හැරලා දාලා.කලින් වගේ ඔබ අපේ හමුදාවට උදව් කරන්න එන්නෙත් නැහැ.+ 12  අනේ දෙවියනි, විපත්ති කාලේදී අපිට උදව් කරන්න.+මොකද මිනිසුන් අපිට ගැලවීම ලබා දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵල දෙයක්.+ 13  අපිට ශක්තිය ලබා දෙන්නේ අපේ දෙවියන්.+ඔහු අපේ සතුරන්ව පාගලා දානවා.+

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
හෝ සමහරවිට, “දෙවියන් ඔහුගේ ශුද්ධස්ථානයේ ඉඳන්.”
හෝ, “තැනිතලාව.”
මූ.අ., “බලකොටුවයි.”