ගීතාවලිය 109:1-31

  • දුකින් ඉන්න කෙනෙක්ගේ යාච්ඤාවක්

    • “ඔහුට භාර දීලා තියෙන වගකීම වෙන කෙනෙක්ට භාර දෙන්න” (8)

    • දෙවියන් දුප්පත් කෙනාගේ පැත්තේ ඉන්නවා (31)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්. 109  මගේ ප්‍රශංසාව ලබන දෙවියනි,+ නිහඬව ඉන්න එපා.  දුෂ්ටයොත් අනුන්ව රවට්ටන අයත් මට විරුද්ධව කතා කරනවා. ඔවුන් මං ගැන බොරු කතා හදනවා.+   වෛරයෙන් පිරුණු ඔවුන් මාව වට කරගෙන දුෂ්ට කතා කියනවා.කිසිම හේතුවක් නැතුව ඔවුන් මට පහර දෙනවා.+   මං ඔවුන්ට ආදරේ පෙන්නුවත් ඔවුන් මට චෝදනා කරනවා.+ඒත් මම දිගටම ඔබට යාච්ඤා කරනවා.   මං ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට සලකන්නේ නපුරු විදිහට.+මං ඔවුන්ට ආදරේ කළත් ඔවුන් මට වෛර කරනවා.+   දෙවියනි, ඔහුට* විරුද්ධව දුෂ්ට පාලකයෙක්ව පත් කරන්න.ඔහුට විරුද්ධව වැඩ කරන කෙනෙක්ව* ඔහුගේ දකුණු පැත්තේ තියන්න.   ඔහුව විනිශ්චය කරද්දී ඔහුව වරදකරුවෙක්* විදිහට තීන්දු කරනු ලැබේවා!ඔහුගේ යාච්ඤාව පවා පාපයක් විදිහට සලකනු ලැබේවා!+   දෙවියනි, ඔහුට වැඩි කල් ජීවත් වෙන්න දෙන්න එපා.+ඔහුට භාර දීලා තියෙන වගකීම* වෙන කෙනෙක්ට භාර දෙන්න.+   ඔහුගේ දරුවන්ට* පියා අහිමි වේවා!ඔහුගේ බිරිඳ වැන්දඹුවක් වේවා! 10  ඔහුගේ දරුවන්ට* ඉබාගාතේ ඇවිදිමින් හිඟමනේ යන්න සිද්ධ වේවා!කැඩිලා බිඳිලා ගිය ඔවුන්ගේ ගෙවල්වල ඉඳන් කෑම හොයහොය යන්න ඔවුන්ට සිද්ධ වේවා! 11  ණයහිමියා* ඔහුට තියෙන හැම දේම පැහැරගනු ලැබේවා!ඔහුට අයිති දේවල් පිටස්තරයෝ ඇවිත් කොල්ල කනු ලැබේවා! 12  ඔහුට කිසිම කෙනෙක්ගෙන් කරුණාව* නොලැබේවා!ඔහු මිය ගියාට පස්සේ ඔහුගේ දරුවන්ටත් කාගෙන්වත් අනුකම්පාව නොලැබේවා! 13  ඔහුගේ පරම්පරාව අවසන් වේවා!+ඔහුගේ පරම්පරාවේ නම හැමදාටම අමතක වෙනු ලැබේවා! 14  ඔහුගේ මුතුන්මිත්තන් කරපු වැරදි යෙහෝවාගේ මතකයේ තිබේවා!+ඔහුගේ මව කරපු පාපය කිසිදා නොමැකේවා! 15  ඔවුන් කරපු හැම වරදක්ම යෙහෝවාගේ මතකයේ හැමදාටම රැඳේවා!දෙවියන් ඔවුන්ව මිනිසුන්ගේ මතකයෙන් අයින් කරනු ලැබේවා!+ 16  මොකද ඔහු කවදාවත් කිසි කෙනෙක්ට කරුණාව* පෙන්නුවේ නැහැ.+හිංසා පීඩා විඳින, දුප්පත්, හිත් වේදනාවෙන් ඉන්න අයව මරලා දාන්න හිතාගෙනඔහු ඔවුන් පස්සේ පන්නගෙන ගියා.+ 17  ඔහු ලොකු ආශාවකින් අනිත් අයට ශාප කළා.ඒ නිසා ඒ ශාප ඔහු පිටටම ආවා.කාටවත් ආශීර්වාද කරන්න ඔහු කැමති වුණේ නැහැ.ඒ නිසා ඔහුටත් කිසි ආශීර්වාදයක් ලැබුණේ නැහැ. 18  ඔහු ඇඳුමක් ඇඳගන්නවා වගේ ශාප ඔහු පිටටම දාගත්තා. ශරීරයට වතුර උරාගන්නවා වගෙත්ඇටකටුවලට තෙල් ඇදගන්නවා වගෙත් ඒ ශාප ඔහු පිටට ආවා. 19  ඔහු ඇඳගෙන ඉන්න ඇඳුම වගෙත්ඔහු බැඳගෙන ඉන්න ඉණපටිය වගෙත් ශාප ඔහුටම ඇලී තිබේවා!+ 20  මට විරුද්ධ වෙන කෙනාටත්මං ගැන දුෂ්ට දේ කියන කෙනාටත් යෙහෝවාගෙන් ලැබෙන කුලිය ඒකයි.+ 21  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,ඔබේ නම ගැන හිතලා මං වෙනුවෙන් පියවර ගන්න.+ ඔබේ නොසැලෙන ආදරය පෙන්නලා මාව බේරගන්න.+ඒ ආදරේ මට හුඟක් වටිනවා. 22  මම අසරණ දුප්පතෙක් වෙලා හිටියා.+හදවත පසාරු කරගෙන යනවා වගේ වේදනාවක් මට දැනෙනවා.+ 23  නොපෙනී යන සෙවණැල්ලක් වගේ මගේ ජීවිතෙත් නැති වෙලා යනවා.පළඟැටියෙක්ව ගසලා දානවා වගේ මාවත් අහක් කරලා දාලා. 24  නොකා නොබී ඉඳලා මගේ දණිස් පණ නැති වෙලා.මගේ ඇඟ වැහැරිලා ගිහින්. මං එන්න එන්නම දුර්වල වෙනවා. 25  මම ඔවුන්ගේ නින්දාවට ලක් වෙලා.+ මාව දැක්කාම ඔවුන් ඔළුව වනවන සමච්චල් කරනවා.+ 26  යෙහෝවා, මගේ දෙවියනි, මට උදව් කරන්න.ඔබේ නොසැලෙන ආදරය පෙන්නලා මාව බේරගන්න. 27  යෙහෝවා දෙවියනි, මට ගැලවීම දුන්නේ ඔබයි කියලාඑතකොට ඔවුන් දැනගනියි. 28  ඔවුන් මට ශාප කරපුදෙන්. ඒත් ඔබ මට ආශීර්වාද කරන්න. ඔවුන් මට විරුද්ධව එද්දී ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න.ඒත් ඔබේ සේවකයාගේ හිත සතුටින් පුරවන්න. 29  මට විරුද්ධ වෙන අයට නින්දාව කියන ඇඳුම අන්දවන්න.ලැජ්ජාව කියන වස්ත්‍රයෙන්* ඔවුන්ව ඔතන්න.+ 30  හද පිරි සතුටින් මම යෙහෝවාව පසසනවා.විශාල සෙනඟක් ඉස්සරහා මම ඔහුට ප්‍රශංසා කරනවා.+ 31  මොකද දෙවියන් දුප්පත් කෙනාගේ දකුණු පැත්තේ ඉඳලාඔහුට චෝදනා කරන අයගෙන් ඔහුව බේරගන්නවා.

පාදසටහන්

හෝ, “මගේ සතුරාට.”
හෝ, “චෝදනා කරන කෙනෙක්ව.”
හෝ, “දුෂ්ටයෙක්.”
ඒ කියන්නේ අනිත් අයව බලාගන්න දීලා තියෙන වගකීම.
මූ.අ., “පුතුන්ට.”
මූ.අ., “පුතුන්ට.”
හෝ, “ගිනි පොලී අය කරන අය උගුල් අටවලා.”
හෝ, “නොසැලෙන ආදරේ.”
හෝ, “නොසැලෙන ආදරේ.”
හෝ, “අත් නැති ඇඳුමෙන්.”