ගීතාවලිය 11:1-7

  • ආරක්ෂාව හොයාගෙන යෙහෝවා ළඟට යන්න

    • “යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා” (4)

    • ප්‍රචණ්ඩ දේවලට කැමති අය දෙවියන්ට පිළිකුලක් (5)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 11  මං ආරක්ෂාව හොයාගෙන යන්නේ යෙහෝවා දෙවියන් ළඟටයි.+ එහෙනම් මිනිසුනි “කුරුල්ලෙක් වගේ ඔබේ කන්දට පලා යන්න” කියලා ඔබ මට කියන්නේ ඇයි?   “බලන්න! දුෂ්ටයෝ දුන්න අතට ගන්නවා.ඊතල සූදානම් කරගන්නවා.අඳුරු තැනක හැංගිලා ඉඳන් අවංක අයට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.   අත්තිවාරම්* බිඳලා දාද්දීධර්මිෂ්ඨයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද?”   ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+ යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+ ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+   යෙහෝවා ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් සෝදිසි කරනවා.+ප්‍රචණ්ඩ දේවලට කැමැත්තක් දක්වන අයව ඔහු පිළිකුල් කරනවා.+   ඔහු වැස්සක් වගේ දුෂ්ටයා පිටට විපත්ති* ඇද හැලෙන්න සලස්වනවා.ඔවුන්ට උරුම වෙන්නේ ගින්දර, ගෙන්දගම්+ සහ ගිනිමය සුළං විතරයි.   යෙහෝවා දෙවියන් ධර්මිෂ්ඨයි.+ ඔහු ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරනවා.+ හරි දේ කරන අයට ඔහුගේ මූණ දකින්න ලැබෙනවා.*+

පාදසටහන්

හෝ, “යුක්තිය කියන අත්තිවාරම්.”
මූ.අ., “දැල්.” හෝ සමහරවිට, “ඇවිළෙන ගිනි අඟුරු.”
හෝ, “ඔහුගේ අනුමැතිය ලැබෙනවා.”