ගීතාවලිය 110:1-7

  • මෙල්කිසදෙක් වගේ රජෙක් සහ පූජකයෙක්

    • ‘ඔබේ සතුරන් අතරට ගිහින් ඔවුන්ව පාලනය කරන්න’ (2)

    • කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන තරුණයෝ පිනි බිඳු වගේ (3)

දාවිත් රචනා කරපු ගීතයක්. 110  යෙහෝවා දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මම ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව විදිහට තියන කල්+මගේ දකුණු පැත්තේ ඉඳගන්න.”+   යෙහෝවා ඔබේ රාජ යෂ්ටිය දිගු කර සියොන්වල ඉඳන් ඔබේ පාලන බලය පතුරුවයි. ඒ අතරේ ඔහු මෙහෙම කියයි. “ඔබේ සතුරන් අතරට ගිහින් ඔවුන්ව යටත් කරගන්න.”*+   ඔබේ හමුදාවත් එක්ක ඔබ යුද්ධයට යන* දවසේදී ඔබේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි. හිමිදිරි උදෑසන වැටෙන පිනි බිඳු වගේ ඔබේ තරුණයෝ ඔබ වෙතට එයි.ශුද්ධකමින් සැරසිලා ඉන්න ඔවුන් ඇත්තෙන්ම අලංකාරයි.   “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා”+ කියලායෙහෝවා දිවුරලා පොරොන්දු වුණා. ඒ තීරණය ඔහු කවදාවත් වෙනස් කරන්නේ නැහැ.*   යෙහෝවා ඔබේ දකුණු පැත්තේ ඉන්න යනවා.+ඔහු තමන්ගේ කෝපය පිට කරන දවසේදී රජවරුන්ව සුනුවිසුනු කරයි.+   ඔහු ජාතීන්ව විනිශ්චය කරයි.+ඔහු මුළු දේශයම මළ කඳන්වලින් පුරවයි.+ විශාල දේශයක* පාලකයාව* ඔහු පොඩි කරලා දායි.   ඔහු* තමන් යන මඟේ තියෙන දිය පහරකින් පානය කරයි. ඔහු ජය අත් කරගන්නේ ඒ නිසයි.

පාදසටහන්

හෝ, “පාලනය කරන්න.”
හෝ, “ඔබේ හමුදාව යුද්දෙට සූදානම් වෙන.”
හෝ, “ඔහු ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ.”
හෝ, “මුළු පොළොවේම.”
මූ.අ., “හිස.”
මෙතන කතා කරන්නේ 1වෙනි පදයේ “මගේ ස්වාමීන්” කියලා හඳුන්වපු කෙනා ගැනයි.