ගීතාවලිය 111:1-10

  • යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න

    • දෙවියන්ගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි (9)

    • ප්‍රඥාව ලබාගන්න මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ (10)

111  ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*+ א [ආලෙෆ්] මගේ මුළු හදවතින්ම මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+ב [බේත්]අවංක අය රැස් වෙලා ඉන්න තැනත් සභාව මැදත් මම ඔහුට ප්‍රශංසා කරනවා. ג [ගීමෙල්]   යෙහෝවාගේ ක්‍රියා ශ්‍රේෂ්ඨයි.+ד [දාලෙත්]ඒ ක්‍රියාවලින් සතුටක් ලබන හැමෝම ඒවා හොඳින් හොයලා බලනවා.+ ה [හේ]   ඔහුගේ ක්‍රියාවලින් ඔහුගේ තේජසත් අලංකාරයත් හොඳින්ම පැහැදිලි වෙනවා.ו [වාව්]ඔහුගේ ධර්මිෂ්ඨකම හැමදාටම පවතිනවා.+ ז [ෂායින්]   ඔහුගේ ක්‍රියා පුදුමාකාරයි!ඒවා මිනිසුන්ගේ මතකයේ හැමදාටම රැඳෙනවා.+ ח [හෙත්] යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාන්විත කෙනෙක්.+ ט [ටේත්]   ඔහු තමන් ගැන ගරුබියක් තියෙන අයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.+ י [යෝද්] ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ כ [කෆ්]   ඔහු තමන්ගේ බලවත් ක්‍රියා තම සෙනඟට දකින්න සැලැස්සුවා.ל [ලාමෙද්]ඔහු එහෙම කළේ වෙනත් ජාතීන්ට අයිති උරුමය ඔවුන්ට ලබා දීලයි.+ מ [මෙම්]   ඔහු කරන හැම දේම අවංකයි. සාධාරණයි.+נ [නුන්]ඔහුගේ අණපනත් සියල්ල විශ්වාසවන්තයි.+ ס [සාමෙක්]   ඒවා ගැන දැනුත් සදහටමත් විශ්වාසය තියන්න පුළුවන්.*ע [ආයින්]ඒවා හදලා තියෙන්නේ අවංකකම සහ ධර්මිෂ්ඨකම පදනම් කරගෙනයි.+ פ [පේ]   ඔහු තමන්ගේ සෙනඟව මුදවගත්තා.+ צ [ට්සාධේ] තමන් ඇති කරගත්ත ගිවිසුම සදහටම පවතින්න කියලා ඔහු අණ කළා. ק [කෝෆ්] ඔහුගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි.+ ר [රේෂ්] 10  ප්‍රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ.+ ש [සින්] ඔහුගේ අණපනත් පිළිපදින හැමෝම හොඳ අවබෝධයකින් වැඩ කරනවා.+ ת [ටාව්] ඔහු සදහටම ප්‍රශංසාව ලබන්න වටිනවා.

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “ස්ථිරව පිහිටුවලා තියෙනවා.”