ගීතාවලිය 114:1-8

  • ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවගනියි

    • මුහුද පලා ගියා (5)

    • කඳු, බැටළුවන් වගේ දුව පැන ගියා (6)

    • කලු ගල් පර්වතය දිය උල්පතකට හරවයි (8)

114  ඊශ්‍රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා.+යාකොබ්ගෙන් පැවතෙන්නන් වෙනත් භාෂාවක් කතා කරන සෙනඟක් අතරින් පිට වෙලා ගියා.   ඊටපස්සේ යූදා දෙවියන්ගේ ශුද්ධස්ථානය වුණා.ඊශ්‍රායෙල් ඔහුගේ රාජධානිය වුණා.+   ඒක දැකලා මුහුද පලා ගියා.+යොර්දාන් ගඟ ආපස්සට ගියා.+   කඳු, බැටළුවන් වගෙත්හෙල්, බැටළු පැටවුන් වගෙත් දුව පැන ගියා.+   මුහුද, ඇයි ඔබ පලා ගියේ?+ යොර්දාන් ගඟ, ඇයි ඔබ ආපස්සට ගියේ?+   කඳු, ඔබ බැටළුවන් වගේ දුව පැන ගියේ ඇයි?හෙල්, ඔබ බැටළු පැටවුන් වගේ පැන දිව්වේ ඇයි?   පොළොව, අපේ ස්වාමීන් නිසා බයෙන් වෙවුලන්න.යාකොබ්ගේ දෙවියන් නිසා බයෙන් ගැහෙන්න.+   පර්වතය දිය පොකුණකටත්කලු ගල් පර්වතය දිය උල්පතකටත් හරවන+ දෙවියන්ට ගරුබිය දක්වන්න.

පාදසටහන්