ගීතාවලිය 115:1-18

  • ගෞරවය ලබන්න වටින්නේ දෙවියන් විතරයි

    • පණ නැති රූප (4-8)

    • පොළොව දුන්නේ මිනිසුන්ටයි (16)

    • “මිය ගිය අය යාහ්ට ප්‍රශංසා කරන්නේ නැහැ” (17)

115  යෙහෝවා දෙවියනි, ගෞරවය ලැබෙන්න ඕනෙ අපිට නෙවෙයි ඔබටයි!ඒ නිසා ඔබේ නම ගෞරවයට පත් කරන්න.+ඔබේ නොසැලෙන ආදරේ නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත් එහෙම කරන්න.+   “කෝ ඔවුන්ගේ දෙවියන්” කියලා අහන්න ඔබ වෙනත් ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+   අපේ දෙවියන් ඉන්නේ ස්වර්ගයේ.ඔහු තමන් කැමති ඕනෙම දෙයක් කරනවා.   ඒත් ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප හදලා තියෙන්නේ රන් රිදීවලින්.මිනිසුන්මයි ඒවා හදලා තියෙන්නේ.+   ඒවාට කටවල් තිබුණත් කතා කරන්න බැහැ.+ඇස් තිබුණත් පේන්නේ නැහැ.   ඒවාට කන් තිබුණත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.නහයක් තිබුණත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ.   ඒවාට අත් තියෙනවා. ඒත් කිසි දෙයක් අල්ලන්න බැහැ.කකුල් තියෙනවා. ඒත් ඇවිදින්න බැහැ.+උගුරෙන් කිසිම හඬක් පිට වෙන්නෙත් නැහැ.+   ඒවා හදන අයත් ඒවා ගැන විශ්වාසය තියන අයත්+අන්තිමේදී ඒ රූප වගේම වෙනවා.+   ඊශ්‍රායෙල්, යෙහෝවාව විශ්වාස කරන්න.+ඔබේ උදව්වට එන්නේ ඔහුයි. ඔබේ පලිහත් ඔහුයි.+ 10  ආරොන්ගෙන් පැවතෙන්නෙනි,+ යෙහෝවාව විශ්වාස කරන්න.ඔබේ උදව්වට එන්නේ ඔහුයි. ඔබේ පලිහත් ඔහුයි. 11  යෙහෝවා ගැන ගරුබියක් තියෙන තැනැත්තෙනි, යෙහෝවාව විශ්වාස කරන්න.+ඔබේ උදව්වට එන්නේ ඔහුයි. ඔබේ පලිහත් ඔහුයි.+ 12  යෙහෝවාට අපිව මතකයි. ඔහු අපිට ආශීර්වාද කරනවා.ඔහු ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරනවා.+ආරොන්ගෙන් පැවතෙන්නන්ටත් ආශීර්වාද කරනවා. 13  යෙහෝවා ඔහු ගැන ගරුබියක් තියෙනලොකු කුඩා හැමෝටම ආශීර්වාද කරනවා. 14  යෙහෝවා ඔබටත් ඔබේ දරුවන්ටත්*දරු සම්පතින් ආශීර්වාද කරලා ඔබේ ගණන වැඩි කරනවා.+ 15  අහසත් පොළොවත් නිර්මාණය කරපු+යෙහෝවාගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!+ 16  ස්වර්ගය අයිති යෙහෝවාටයි.+ඒත් ඔහු පොළොව දුන්නේ මිනිසුන්ටයි.+ 17  මිය ගිය අය යාහ්ට ප්‍රශංසා කරන්නේ නැහැ.+මරණ නින්දේ ඉන්න අයට* ඔහුට ප්‍රශංසා කරන්න බැහැ.+ 18  ඒත් අපි යාහ්ට ප්‍රශංසා කරනවා.දැනුත් සදහටමත් අපි ඔහුට ප්‍රශංසා කරනවා. ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*

පාදසටහන්

මූ.අ., “පුතුන්ටත්.”
මූ.අ., “මරණ නින්දේ නිහඬව ඉන්න අයට.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.