ගීතාවලිය 116:1-19

  • ස්තුති දීමේ ගීයක්

    • ‘යෙහෝවාට මම කොහොම ස්තුති කරන්නද?’ (12)

    • “ගැලවීම කියන කුසලානයෙන් මම පානය කරනවා” (13)

    • “මම යෙහෝවාට වුණ පොරොන්දු ඉටු කරනවා” (14, 18)

    • විශ්වාසවන්ත අයගේ මරණය දරාගන්න බැරි පාඩුවක් (15)

116  මම යෙහෝවාට ගොඩක් ආදරෙයි!මොකද ඔහු මට ඇහුම්කන් දෙනවා.*මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු මට සවන් දෙනවා.+   ඔහුගේ දෙසවන් මං දෙසට යොමු කරනවා.*+මගේ දිවි ඇති තුරා මං ඔහුට අයැදිනවා.   මරණයේ රැහැන් මං වටේ එතුණා.මිනී වළේ බැමි අතරේ මං හිර වෙලා හිටියා.+ දුක් කරදර සහ හිත් වේදනා නිසා මං වැටිලා හිටියා.+   ඒත් මං යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරනවා.+ “අනේ යෙහෝවා, මාව බේරගන්න” කියලා මං කියනවා.   යෙහෝවා අනුකම්පාව පෙන්වන ධර්මිෂ්ඨ කෙනෙක්.+අපේ දෙවියන් දයාවන්ත කෙනෙක්.+   යෙහෝවා අද්දැකීම් අඩු අයව ආරක්ෂා කරනවා.+ මං හොඳටම වැටිලයි හිටියේ. ඒත් ඔහු මාව බේරගත්තා.   දැන් මට* ආයෙත් සැනසිල්ලේ ඉන්න පුළුවන්.මොකද යෙහෝවා මට ආදරෙන් සැලකුවා.   ඔබ මාව මරණයෙන් බේරගත්තා. මගේ ඇස්වල කඳුළු පිස දැම්මා.මගේ පාද පැටලිලා වැටෙන්න ඔබ ඉඩ දුන්නේ නැහැ.+   මං ජීවත් වෙලා ඉන්න තාක් කල් යෙහෝවාට සේවය කරනවා.* 10  මම හුඟක් දුක් පීඩාවලට මුහුණ දුන්නා.ඒත් දෙවියන් ගැන මට විශ්වාසයක් තිබුණා.මං කතා කරන්න පෙලඹුණේ ඒ නිසයි.+ 11  මම කලබල වෙලා මෙහෙම කිව්වා. “හැමෝම බොරුකාරයෝ.”+ 12  යෙහෝවා දෙවියන් මං වෙනුවෙන් කරපු හැම දේකටමමම ඔහුට කොහොම ස්තුති කරන්නද? 13  ගැලවීම* කියන කුසලානයෙන් මම පානය කරනවා.යෙහෝවාගේ නම කියලා මම යාච්ඤා කරනවා. 14  මම යෙහෝවාට වුණ පොරොන්දු ඉටු කරනවා.ඔහුගේ මුළු සෙනඟ ඉස්සරහා මම ඒවා ඉටු කරනවා.+ 15  යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අයගේ මරණයඔහු සලකන්නේ දරන්න බැරි පාඩුවක් විදිහටයි.+ 16  යෙහෝවා දෙවියනි,ඔබට කන්නලව් කරන මම ඔබේ සේවකයා. ඔබේ සේවකයා වන මම ඔබේ දාසියගේ පුතා. මට දාලා තිබුණ විලංගුවලින් ඔබ මාව නිදහස් කළා.+ 17  මම ඔබට ස්තුති පූජාවක් ඔප්පු කරනවා.+යෙහෝවාගේ නම කියලා මම අයැදිනවා. 18  මම යෙහෝවාට වුණ පොරොන්දු ඉටු කරනවා.+ඔහුගේ මුළු සෙනඟ ඉස්සරහා මම ඒවා ඉටු කරනවා.+ 19  යෙහෝවාගේ ගෘහයේ මළුවේ ඉඳන්,+යෙරුසලමේ ඉඳන් මම ඒවා ඉටු කරනවා. යාහ්ට ප්‍රශංසා කරන්න!*+

පාදසටහන්

හෝ සමහරවිට, “යෙහෝවා මට ඇහුම්කන් දෙද්දී මගේ හිත ආදරෙන් පිරෙනවා.”
හෝ, “ඔහු පහතට නැමිලා මට සවන් දෙනවා.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “මං ජීවතුන්ගේ දේශයේ ඉද්දී යෙහෝවා ඉස්සරහා ගමන් කරනවා.”
හෝ, “ශ්‍රේෂ්ඨ ගැලවීම.”
හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.