ගීතාවලිය 118:1-29

  • ජය අත් කරගත්ත යෙහෝවාට ස්තුති කරයි

    • ‘මම යාහ්ට කතා කළා. ඔහු මට සවන් දුන්නා’ (5)

    • “යෙහෝවා මගේ පැත්තේ” (6, 7)

    • ඉවතට දාපු ගල ප්‍රධාන ගල වෙයි (22)

    • “යෙහෝවාගේ නමින් එන තැනැත්තා” (26)

118  යෙහෝවාට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.   ඊශ්‍රායෙල්, මෙහෙම කියන්න. “ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”   ආරොන්ගෙන් පැවතෙන්නෙනි, මෙහෙම කියන්න. “ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”   යෙහෝවාට ගරුබිය දක්වන සෙනඟෙනි, මෙහෙම කියන්න. “ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”   මම දුකෙන් ඉද්දී යාහ්ට* කතා කළා.යාහ් මට සවන් දීලා මාව ආරක්ෂිත තැනකට* ගෙනාවා.+   යෙහෝවා මගේ පැත්තේ ඉන්න නිසා මම කිසිම දේකට බය වෙන්නේ නැහැ.+ මිනිසුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?+   යෙහෝවා මගේ පැත්තේ ඉඳන් මට උදව් කරන්න බලාගෙන ඉන්නවා.*+මට වෛර කරන අය වැටෙද්දී මම ඒක ඇස් දෙකෙන්ම දකිනවා.+   මිනිසුන් ගැන විශ්වාසය තියනවාට වඩායෙහෝවාගෙන් ආරක්ෂාව පතන එක හොඳයි.+   අධිපතීන් ගැන විශ්වාසය තියනවාට වඩායෙහෝවාගෙන් ආරක්ෂාව පතන එක හොඳයි.+ 10  සියලු ජාතීන් මාව වට කළා.ඒත් මම යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියලා ඔවුන්ව පරාජය කළා.+ 11  ඔවුන් මාව වට කළා. හතර වටෙන්ම මාව වට කරගත්තා.ඒත් මම යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියලා ඔවුන්ව පරාජය කළා. 12  මීමැසි රංචුවක් වගේ ඔවුන් මාව වට කරගත්තා.ඒත් කටු පඳුරු ගින්නට පිච්චිලා යනවා වගේ ඔවුන් ඉක්මනින්ම විනාශ වෙලා ගියා. මම යෙහෝවාගේ නම ගැන විශ්වාසය තියලා ඔවුන්ව පරාජය කළා.+ 13  මාව වට්ටලා දාන්න හිතාගෙන ඔවුන්* මාව තල්ලු කළා.ඒත් යෙහෝවා මට උදව් කළා. 14  යාහ් මගේ රැකවරණයයි. මගේ ශක්තියයි.මගේ ගැලවුම්කරුත් ඔහුයි.+ 15  ගැලවීම ලබාගත්ත* අයගේ ප්‍රීති ඝෝෂා හඬධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලින් ඇහෙනවා. මොකද යෙහෝවා තමන්ගේ දකුණතින් බලවත් දේවල් කරලා තියෙනවා.+ 16  යෙහෝවා ජය අත් කරගෙන තම දකුණත ඉහළට ඔසවනවා.යෙහෝවා තමන්ගේ දකුණතින් බලවත් දේවල් කරනවා.+ 17  මං මැරෙන්නේ නැහැ.යාහ් කරන දේවල් ගැන කියන්න මම දිගටම ජීවත් වෙනවා.+ 18  යාහ් මට තදින් හික්මවීමක් දුන්නා.+ඒත් ඔහු මට මැරෙන්න ඉඩ දුන්නේ නැහැ.+ 19  ධර්මිෂ්ඨකමේ දොරටු මට විවෘත කරලා දෙන්න.+මම එතනින් ඇතුල් වෙලා යාහ්ට ප්‍රශංසා කරන්නම්. 20  ඒ දොරටුව අයිති යෙහෝවාටයි. ධර්මිෂ්ඨයන් ඒ දොරටුවෙන් ඇතුල් වෙයි.+ 21  දෙවියනි, ඔබ මට උත්තර දීලා මාව ගලවගත්ත නිසාමම ඔබට ප්‍රශංසා කරනවා.+ 22  ඉදි කරන්නන් ඉවතට දාපු ගලදැන් ප්‍රධාන ගල* වෙලා!+ 23  ඒ දේ කළේ යෙහෝවායි.+ඒක අපේ ඇස්වලට අදහාගන්න බැරි පුදුම දෙයක්!+ 24  මේ දවස උදා කළේ යෙහෝවා දෙවියන්.ඒ නිසා අද අපි සතුටින් ප්‍රීති ඝෝෂා නඟනවා! 25  අනේ යෙහෝවා, අපිව බේරගන්න. යෙහෝවා දෙවියනි, අපිට ජය අත් කරලා දෙන්න. 26  යෙහෝවාගේ නමින් එන තැනැත්තා හුඟක් ආශීර්වාද ලත් කෙනෙක්.+යෙහෝවාගේ ගෘහයේ ඉඳන් අපි ඔබට ආශීර්වාද කරනවා. 27  අපේ දෙවියන් යෙහෝවායි.අපිට ආලෝකය දෙන්නේ ඔහුයි.+ කොළ අතු අතට අරන් උත්සවයට යන පෙරහැරට එකතු වෙන්න.+අං සවි කරලා තියෙන පූජාසනය දක්වාම යන්න.+ 28  ඔබයි මගේ දෙවියන්. මම ඔබට ප්‍රශංසා කරනවා.මගේ දෙවියනි, මම ඔබව ගෞරවයට පත් කරනවා.+ 29  යෙහෝවාට ස්තුති කරන්න.+ මොකද ඔහු යහපත්.ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+

පාදසටහන්

හෝ, “නොසැලෙන ආදරේ.”
“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “හොඳට ඉඩ තියෙන තැනකට.”
හෝ සමහරවිට, “යෙහෝවා මට උදව් කරන අය අතරේ ඉන්නවා.”
හෝ සමහරවිට, “ඔබ.”
හෝ, “ජය අත් කරගත්ත.”
මූ.අ., “ඉහළින්ම තියෙන ප්‍රධාන ගල.”