ගීතාවලිය 119:1-176

  • යෙහෝවාගේ වදන් ගැන තියෙන අගය

    • “තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?” (9)

    • “ඔබේ සිහිගැන්වීම්වලට මම හුඟක් ඇලුම් කරනවා” (24)

    • ‘මම බලාපොරොත්තු තියන්නේ ඔබේ වදන් ගැනයි’ (74, 81, 114)

    • “ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද!” (97)

    • ‘මගේ ගුරුවරුන් හැමෝටම වඩා වටහාගැනීමේ හැකියාවක් මට තියෙනවා‘ (99)

    • “ඔබේ වදන් මගේ පාදවලට පහනක්” (105)

    • “ඔබ පවසන හැම දේම සත්‍යයයි” (160)

    • දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය සමාදානය අද්දකිනවා (165)

א [ආලෙෆ්] 119  යෙහෝවාගේ නීතිය පිළිපදින,නිර්දෝෂ ජීවිතයක් ගත කරන* අය සන්තෝෂවත්.+  දෙවියන්ගේ සිහිගැන්වීම්වලට කීකරු වෙන,+මුළු හදවතින්ම ඔහුගේ මඟ පෙන්වීම් පතන අය සන්තෝෂවත්.+  ඔවුන් කිසිම අධර්මිෂ්ඨ දේකට හවුල් වෙන්නේ නැහැ.දෙවියන්ගේ මඟේ ඔවුන් ගමන් කරනවා.+  ඔබේ නියෝගඒ විදිහටම පිළිපදින්න කියලා ඔබ අණ කළා.+  මගේ එකම ආශාව දිගටම ඔබට විශ්වාසවන්තව ඉන්නයි.*+මට ඕනෙ හැමදාටම ඔබේ නියෝග පිළිපදින්නයි.  එතකොට ඔබේ හැම ආඥාවක් ගැනම හිතද්දීමම ලැජ්ජා වෙන්නේ නැහැ.+  ඔබේ ධර්මිෂ්ඨ තීන්දු ගැන ඉගෙනගද්දීඅවංක සිතින් ඔබට ප්‍රශංසා කරන්න මම පෙලඹෙනවා.  ඔබේ නියෝග මම දිගටම පිළිපදිනවා. අනේ දෙවියනි, මාව අත්හැරලා මාව තනි කරන්න එපා. ב [බේත්]  තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද? ඒ, ඔබේ වදන්වලට එකඟව ජීවත් වෙනවාද කියලා නිතරම හොයලා බලන එකෙන්.+ 10  මම මුළු හදවතින්ම ඔබේ මඟ පෙන්වීම් පතනවා. අනේ, ඔබේ ආඥාවලින් පිට පනින්න මට ඉඩ දෙන්න එපා.+ 11  ඔබේ වදන් නිධානයක් වගේ මම මගේ හිතේ රැකගන්නවා.+ඒ, ඔබට විරුද්ධව මගේ අතින් වරදක් සිද්ධ නොවෙන්නයි.+ 12  යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසාව ලැබේවා!ඔබේ නියෝග මට උගන්වන්න. 13  ඔබ දුන්න හැම තීන්දුවක් ගැනම මම ප්‍රකාශ කරනවා. 14  ඔබේ සිහිගැන්වීම්වලින් මට ලොකු සතුටක් ලැබෙනවා.+වෙන කිසිම වටිනා දේකින් මට ඒ වගේ සතුටක් ලැබෙන්නේ නැහැ.+ 15  ඔබේ අණපනත් ගැන මම ගැඹුරින් කල්පනා කරනවා.*+මගේ ඇස් ඔබේ මාර්ගයෙන් ඉවතට ගන්නේ නැහැ.+ 16  ඔබේ පනත්වලට මං ප්‍රිය කරනවා. ඔබේ වදන් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.+ ג [ගීමෙල්] 17  ඔබේ සේවකයා වන මට කරුණාවෙන් සලකන්න.එතකොට ජීවිතය රැකගෙන දිගටම ඔබේ වදන්වලට කීකරු වෙන්න මට පුළුවන්.+ 18  ඔබේ නීතියේ තියෙන වටිනා දේවල් පැහැදිලිව දැකගන්න මට උදව් කරන්න. 19  මං හරියට දේශයේ ඉන්න විදේශිකයෙක් වගේ.+ ඔබේ ආඥා මගෙන් හංගන්න එපා. 20  මම හැම වෙලාවෙම ඔබේ තීන්දු ගැනදැනගන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. 21  ඔබේ ආඥාවලට කීකරු වෙන්නේ නැති,ශාප ලත්, උඩඟු අයට ඔබ තරවටු කරනවා.+ 22  මං ඔබේ සිහිගැන්වීම්වලට කීකරු වුණා.දෙවියනි, ඒ ගැන හිතලා මං අද්දකින නින්දා අපහාස අයින් කරලා දාන්න. 23  අධිපතීන් රැස් වෙලා මට විරුද්ධව කතා කළත්ඔබේ සේවකයා වන මම ඔබේ නියෝග ගැන ගැඹුරින් කල්පනා කරනවා.* 24  ඔබේ සිහිගැන්වීම්වලට මම හුඟක් ඇලුම් කරනවා.+ඒවා හරියට මගේ උපදේශකයන් වගේ.+ ד [දාලෙත්] 25  මම දූවිල්ලේ වැතිරිලා ඉන්නවා.+ ඔබ පොරොන්දු වුණ විදිහට මගේ ජීවිතය රැක දෙන්න.+ 26  මං කරන හැම දෙයක් ගැනම මම ඔබට කිව්වා.ඔබත් මට උත්තර දුන්නා.දෙවියනි, ඔබේ නියෝග ගැන මට උගන්වන්න.+ 27  ඔබේ අණපනත්* තේරුම්ගන්න මට උදව් කරන්න.ඔබේ පුදුම ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කරන්න* ඒක මට උදව් වෙයි.+ 28  නින්ද යන්නේ නැති තරමටම මං වේදනා විඳිනවා. ඔබ පොරොන්දු වුණ විදිහටම මාව ශක්තිමත් කරන්න. 29  වංචනික ජීවිතයක් ගත කරන්න මට ඉඩ දෙන්න එපා.+ඔබේ නීතිය උගන්වලා මට කරුණාව පෙන්වන්න. 30  ඔබට විශ්වාසවන්තව ඉන්න මං අදිටන් කරගත්තා.+ මොකද ඔබ දෙන තීන්දු සාධාරණයි කියලා මට තේරෙනවා. 31  මං ඔබේ සිහිගැන්වීම් අත්හරින්නේ නැතුව රැකගන්නවා.+ අනේ යෙහෝවා, මගේ බලාපොරොත්තු සුන් වෙන්න* දෙන්න එපා.+ 32  මම මුළු හදවතින්ම ඔබේ ආඥා පිළිපදිනවා.මොකද ඒවා තේරුම්ගන්න පුළුවන් හදවතක් ඔබ මට ලබා දුන්නා.* ה [හේ] 33  අනේ යෙහෝවා, ඔබේ නියෝග පිළිපදින්න මට උගන්වන්න.+දිවි ඇති තුරා මං ඒවාට කීකරු වෙනවා.+ 34  තේරුම්ගැනීමේ හැකියාව මට දෙන්න.මොකද මට ඕනෙ ඔබේ නීතිය හිතට අරන්මුළු හදවතින්ම ඒකට කීකරු වෙන්නයි. 35  ඔබේ ආඥාවලට එකඟව ජීවත් වෙන්න මට උදව් කරන්න.+ඒකෙන් මම ලොකු සතුටක් ලබනවා. 36  කෑදර විදිහට දේවල් රැස් කරගන්න ආශාවක්* ඇති කරගන්නවා වෙනුවට+ඔබේ සිහිගැන්වීම්වලට හිත යොමු කරන්න මට උදව් කරන්න. 37  වැදගැම්මකට නැති දේවලින් මගේ ඇස් ඉවතට ගන්න මට උදව් කරන්න.+ඔබේ මාවතේ මාව අරන් ගිහින් මගේ ජීවිතය රැක දෙන්න. 38  ඔබේ සේවකයාට ඔබ දුන්න පොරොන්දුව ඉටු කරන්න.ඒක දැකලා මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙයි.* 39  නින්දා අපහාස නිසා මගේ හිතට බයක් දැනෙනවා.අනේ, ඒවා මගෙන් අයින් කරන්න.ඔබ දෙන තීන්දු සාධාරණයි.+ 40  ඔබේ අණපනත් ලැබෙන කල් මම ආශාවෙන් බලන් ඉන්නවා. ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් නිසා මගේ ජීවිතය රැක දෙන්න. ו [වාව්] 41  අනේ යෙහෝවා, ඔබ පොරොන්දු වුණ විදිහටඔබේ නොසැලෙන ආදරේ මට පෙන්වන්න.+ඔබ පොරොන්දු වුණ විදිහට මාව ගලවගන්න.+ 42  එතකොට මට නින්දා කරන්නාට උත්තර දෙන්න මට පුළුවන්.මොකද මම ඔබේ වදන් විශ්වාස කළා. 43  ඔබේ සත්‍ය වදන් ගැන දිගටම කතා කරන්න මට උදව් කරන්න.මොකද ඔබේ තීන්දුව ලැබෙන කල් මම බලාගෙන ඉන්නවා. 44  මම නිතරම ඔබේ නීතිය පිළිපදින්නම්.සදාකාලයෙන් සදාකාලයටම මම ඒකට එකඟව ජීවත් වෙන්නම්.+ 45  ඔබේ අණපනත් ගැන මම හොඳට හොයලා බලනවා.ඒ නිසා මම කොහේ ගියත් සුරක්ෂිතව* කල් ගෙවනවා.+ 46  මම රජවරුන් ඉස්සරහත් ඔබේ සිහිගැන්වීම් ගැන කතා කරනවා.එහෙම කරද්දී මම ලැජ්ජා වෙන්නේ නැහැ.+ 47  මම ඔබේ ආඥාවලට ප්‍රිය කරනවා.ඒවා ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ආදරයක්.+ 48  මගේ දෑත් ඔසවලා ඔබේ ආඥාවලට මම කොච්චර ආදරේ කරනවාද කියලා ඔබට කියනවා.+ඔබේ නියෝග ගැන මම ගැඹුරින් කල්පනා* කරනවා.+ ז [ෂායින්] 49  ඔබේ සේවකයාට ඔබ වුණ පොරොන්දුව සිහි කරන්න.ඒ පොරොන්දුවෙන් ඔබ මට බලාපොරොත්තුවක් දුන්නා.* 50  දුකේදී මගේ එකම සැනසීම ඒකයි.+මොකද ඔබේ වදන් නිසා මගේ ජීවිතය ආරක්ෂා වුණා. 51  අහංකාර අය මාව හෙළා දකිනවා.ඒත් ඔබේ නීතියෙන් මම කවදාවත් පිට පනින්නේ නැහැ.+ 52  යෙහෝවා දෙවියනි, ඔබ ඈත අතීතයේ දුන්න තීන්දු මම මතක් කරගන්නවා.+ඒවායින් මට ලොකු සහනයක් ලැබෙනවා.+ 53  ඔබේ නීතිය කඩ කරන දුෂ්ටයන් නිසා+මගේ හිත කේන්තියෙන් දැවෙනවා. 54  මං කොහේ ජීවත් වුණත්*ඔබේ නියෝග ගැන මම ගී ගයනවා. 55  යෙහෝවා දෙවියනි, රාත්‍රියේදීත් මම ඔබේ නම සිහි කරනවා.+ඔබේ නීතියට කීකරු වෙන්නයි මට ඕනේ. 56  මම ඔබේ අණපනත් හිතට ගත්තා.ඒ නිසා මම පුරුද්දක් විදිහට ඔබේ නීතියට කීකරු වෙනවා. ח [හෙත්] 57  මගේ උරුමය යෙහෝවායි.+දෙවියනි, ඔබේ වදන් පිළිපදින්න මම පොරොන්දු වුණා.+ 58  ඔබ පොරොන්දු වුණ විදිහටම මට කරුණාව පෙන්වන්න+ කියලාමම මුළු හදවතින්ම ඔබෙන් අයැදිනවා.*+ 59  ජීවත් වෙන විදිහ ගැන මම හොඳට හිතලා බැලුවා.මොකද මට ඕනෙ ආයෙත් ඔබේ සිහිගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්නයි.+ 60  මම කල් දාන්නේ නැතුව,ඉක්මනින්ම ඔබේ ආඥා පිළිපදිනවා.+ 61  දුෂ්ටයන්ගේ රැහැන් මාව වෙළාගෙන.ඒත් මම ඔබේ නීතිය අමතක කරන්නේ නැහැ.+ 62  මැදියම් රැයෙත් මම අවදි වෙලාඔබේ ධර්මිෂ්ඨ තීන්දු ගැන ඔබට ස්තුති කරනවා.+ 63  ඔබ ගැන ගරුබියක් තියෙන,ඔබේ අණපනත් පිළිපදින හැමෝම මගේ මිතුරන්.+ 64  යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරේ පොළොව පුරාම දකින්න තියෙනවා.+දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න. ט [ටේත්] 65  යෙහෝවා දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටමඔබේ සේවකයාට ඔබ හොඳින් සැලකුවා. 66  සිහිබුද්ධියත් දැනුමත් මට ලබා දෙන්න.+මොකද ඔබේ ආඥා ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. 67  කලින් මම හුඟක් දුක් පීඩා අද්දැක්කා. වැරදි මාර්ගයක ගියා.*ඒත් දැන් මම ඔබේ වදන්වලට කීකරුව ඉන්නවා.+ 68  ඔබ යහපත්.+ ඔබ කරන දේවලුත් යහපත්. දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+ 69  අහංකාර අය බොරු කියලා මගේ නමට අපහාස කරනවා.ඒත් මම මුළු හදවතින්ම ඔබේ අණපනත්වලට කීකරු වෙනවා. 70  ඔවුන්ගේ හිත් හංවඩු ගැහිලා.*+ඒත් මම නම් ඔබේ නීතියට ඇලුම් කරනවා.+ 71  දුක් පීඩා අද්දකින්න වුණ එකෙන් මට වුණේ යහපතක්.+ඒ නිසා ඔබේ නියෝග තේරුම්ගන්න මට පුළුවන් වුණා. 72  ඔබ කියලා දුන්න නීතිය මට හුඟක් ප්‍රයෝජනවත්.+රන්, රිදී ෂෙකෙල් දහසකටත් වඩා ඒක මට වටිනවා.+ י [යෝද්] 73  ඔබ ඔබේම දෑතින් මාව අඹලා මාව හැදුවා. දෙවියනි, මට තේරුම්ගැනීමේ හැකියාව දෙන්න.මට ඕනෙ ඔබේ ආඥා ගැන ඉගෙනගන්න.+ 74  ඔබ ගැන ගරුබියක් තියෙන අය මාව දැකලා සතුටු වෙයි.මොකද මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.*+ 75  යෙහෝවා දෙවියනි, ඔබේ තීන්දු ධර්මිෂ්ඨයි කියලත්+ඔබ මට හික්මවීමක් දුන්නේ ඔබේ විශ්වාසවන්තකම නිසයි කියලත් මම දන්නවා.+ 76  අනේ, ඔබේ නොසැලෙන ආදරේ+ පෙන්වලා මාව සනසන්න.ඔබ පොරොන්දු වුණ විදිහටම ඔබේ සේවකයාව සනසන්න. 77  මට දයාව පෙන්වලා මගේ ජීවිතය රැක දෙන්න.+මොකද ඔබේ නීතියට මම ඇලුම් කරනවා.+ 78  අහංකාර අයව ලැජ්ජාවට පත් කරන්න.ඔවුන් කිසි හේතුවක් නැතුව මට නපුරුකම් කරනවා.* ඒත් මම ඔබේ අණපනත් ගැන හොඳින් කල්පනා* කරනවා.+ 79  ඔබේ සිහිගැන්වීම් ගැන දන්න,ඔබ ගැන ගරුබියක් තියෙන අය ආයෙත් මං ළඟට එයි කියලා මං පතනවා. 80  මගේ මුළු හිතින්ම ඔබේ නියෝග පිළිපදින්න මට උදව් කරන්න.+එතකොට මම කවදාවත් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.+ כ [කෆ්] 81  ඔබ මාව බේරගන්න කල් මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.*+මොකද මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.* 82  ඔබේ පොරොන්දුව ඉටු වෙන කල් බලන් ඉන්න අතරේ+“ඔබ මාව සනසන්නේ කවදාද” කියලා මං හිතනවා.+ 83  මං හරියට දුම් වැදිලා, ඇකිළිලා ගිය සම් භාජනයක් වගේ.ඒත් ඔබේ නියෝග මට අමතක වෙලා නැහැ.+ 84  ඔබේ සේවකයා තව කොච්චර කල් බලන් ඉන්නද? මට පීඩා කරන අයට ඔබ දඬුවම් කරන්නේ කවදාද?+ 85  ඔබේ නීතිය ප්‍රතික්ෂේප කරන, උඩඟු අයමාව අහු කරගන්න උගුල් අටවනවා. 86  ඔවුන් කිසි හේතුවක් නැතුව මට පීඩා කරනවා.+අනේ දෙවියනි, මට උදව් කරන්න. ඔබ දෙන හැම ආඥාවක්ම විශ්වාසවන්තයි. 87  තව පොඩ්ඩෙන් ඔවුන් මාව මරලා දානවා.ඒත් මම ඔබේ අණපනත්වලින් ඈත් වුණේ නැහැ. 88  ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මගේ දිවි රැක දෙන්න.එතකොට ඔබ දුන්න සිහිගැන්වීම්වලට කීකරු වෙන්න මට පුළුවන්. ל [ලාමෙද්] 89  යෙහෝවා දෙවියනි, ඔබේ වචනය ස්ථිරයි.ඒක අහස වගේ සදහටම පවතිනවා.+ 90  ඔබේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+ ඔබ පොළොව ස්ථිරව පිහිටෙව්වා. ඒක හැමදාටම නොසෙල්වී තියෙනවා.+ 91  ඒ හැම දේම* අද වෙන කල් පවතින්නේ ඔබ දුන්න නියෝග නිසයි.මොකද ඒ හැම එකක්ම ඔබේ සේවකයෝ. 92  ඔබේ නීතියට මං ඇලුම් කළේ නැත්නම්,මං විඳපු දුක් කරදර නිසා මේ වෙද්දී මං මැරිලා ගිහින්.+ 93  මම කවදාවත් ඔබේ අණපනත් අමතක කරන්නේ නැහැ.මගේ දිවි රැකුණේ ඒවා නිසයි.+ 94  දෙවියනි, මං අයිති ඔබටයි. අනේ, මාව බේරගන්න.+මොකද ඔබේ අණපනත් ගැන මං හොඳට හොයලා බැලුවා.+ 95  දුෂ්ටයෝ මාව විනාශ කරන්න බලාගෙන ඉන්නවා.ඒත් ඔබේ සිහිගැන්වීම් ගැන මම හොඳට හිතලා බලනවා. 96  අංග සම්පූර්ණයි වගේ පේන හැම දේකටම සීමාවක් තියෙනවා.ඒත් ඔබේ ආඥාවලට සීමාවක් නැහැ.* מ [මෙම්] 97  ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද!+ දවස තිස්සේම මං ඒ ගැන කල්පනා* කරනවා.+ 98  ඔබේ ආඥා නිසා මං මගේ සතුරන්ට වඩා ප්‍රඥාවන්තව වැඩ කරනවා.+මොකද ඒවා හැමදාටම මට මඟ පෙන්වනවා. 99  මගේ ගුරුවරුන් හැමෝටම වඩා මට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා.+මොකද ඔබේ සිහිගැන්වීම් ගැන මම නිතරම කල්පනා* කරනවා. 100  වයසින් වැඩි අයට වඩා මම අවබෝධයෙන් වැඩ කරනවා.මොකද ඔබේ අණපනත්වලට මම කීකරු වෙනවා. 101  දුෂ්ට මාර්ගයක යන්න මං කොහොමටවත් කැමති නැහැ.+මට ඕනෙ ඔබේ වදන්වලට කීකරු වෙන්නයි. 102  ඔබ දුන්න තීන්දු මම නොසලකාහරින්නේ නැහැ.මොකද ඒවා මට ඉගැන්නුවේ ඔබයි. 103  ඔබේ වදන් මගේ දිවට කොයි තරම් මිහිරිද!ඒවා මට මීපැණිවලටත් වඩා මිහිරියි!+ 104  ඔබේ අණපනත් හොඳ අවබෝධයකින් වැඩ කරන්න මට උදව් වෙනවා.+ හැම වැරදි මාර්ගයක්ම මං පිළිකුල් කරන්නේ ඒ නිසයි.+ נ [නුන්] 105  ඔබේ වදන් මගේ පාදවලට පහනක්.මං යන මාවතට එළියක්.+ 106  ඔබේ ධර්මිෂ්ඨ තීන්දුවලට කීකරු වෙන්න මම දිවුරලා පොරොන්දු වුණා.මම ඒක ඒ විදිහටම ඉටු කරනවා. 107  මම හුඟක් දුක් පීඩාවලට මුහුණ දුන්නා.+ අනේ යෙහෝවා, ඔබ කියපු විදිහටම මගේ දිවි රැක දෙන්න.+ 108  යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා* කරනවා.මං කැමැත්තෙන්ම කරන ඒ පූජා සතුටින් පිළිගන්න.+ඔබේ තීන්දු ගැන මට උගන්වන්න.+ 109  මගේ ජීවිතය නිතරම තියෙන්නේ අනතුරේ.ඒත් ඔබේ නීතිය මම අමතක කළේ නැහැ.+ 110  දුෂ්ටයෝ මට උගුලක් අටවලා.ඒත් ඔබේ අණපනත්වලින් මම පිට පැන්නේ නැහැ.+ 111  ඔබේ සිහිගැන්වීම් මම හැමදාමත් හිතේ තියාගන්නවා.*ඒවා නිසා මගේ හිත සතුටින් පිරිලා යනවා.+ 112  ජීවත් වෙන තාක් කල් හැම වෙලාවකමඔබේ නියෝගවලට කීකරු වෙන්න මං අදිටන් කරගත්තා. ס [සාමෙක්] 113  ඔබට මුළු හිතින්ම ආදරේ කරන්නේ නැති අය* මට පිළිකුලක්.+ඒත් ඔබේ නීතියට මම හුඟක් ආදරේ කරනවා.+ 114  මගේ ආරක්ෂිත ස්ථානයත් පලිහත් ඔබයි.+මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.*+ 115  දුෂ්ටයෙනි, මගෙන් ඈත් වෙලා ඉන්න.+මට ඕනෙ මගේ දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙන්නයි. 116  දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම මට උදව් කරන්න.+එතකොට දිගටම ජීවත් වෙන්න මට පුළුවන්.මගේ බලාපොරොත්තු කඩ වෙන්න* දෙන්න එපා.+ 117  මට උදව් කරලා මාව බේරගන්න.+එතකොට හැමදාම ඔබේ නියෝගවලට හිත යොමු කරන්න මට පුළුවන්.+ 118  ඔබේ නියෝගවලට පිටු පාන හැමෝවම ඔබ ප්‍රතික්ෂේප කරනවා.+මොකද ඔවුන් බොරුකාරයෝ. රැවටිලිකාරයෝ. 119  අහක දාන බොර* වගේ ඔබ දුෂ්ටයන් හැමෝවම පොළොවෙන් අයින් කරලා දානවා.+ ඔබේ සිහිගැන්වීම්වලට මම ප්‍රිය කරන්නේ ඒ නිසයි. 120  ඔබ ගැන මට තියෙන බය නිසා මගේ මුළු ඇඟම වෙවුලනවා.ඔබේ තීන්දු ගැන මට තියෙන්නේ ලොකු බයක්. ע [ආයින්] 121  මම සාධාරණව වැඩ කළා. හරි දේ කළා. අනේ, මට හිරිහැර කරන අයගේ අතට මාව භාර දෙන්න එපා. 122  ඔබේ සේවකයාට යහපත කරනවා කියලා සහතිකයක් දෙන්න.මට පීඩා කරන්න අහංකාර අයට ඉඩ දෙන්න එපා. 123  ඔබේ ධර්මිෂ්ඨ වදන් ඉටු වෙන කල්,+ඔබ ගැලවීම ලබා දෙන කල් මම බලාගෙන ඉන්නවා.ඔබ දිහා බලන් ඉඳලාම මගේ දෙනෙත් විඩාබර වෙලා.+ 124  ඔබේ සේවකයාට ඔබේ නොසැලෙන ආදරේ පෙන්වන්න.+ඔබේ නියෝග මට උගන්වන්න.+ 125  මම ඔබේ සේවකයා. ඔබේ සිහිගැන්වීම් තේරුම්ගන්නමට උදව් කරන්න.+ 126  යෙහෝවා දෙවියනි, ඔබට පියවර ගන්න දැන් කාලය ඇවිත්.+මොකද ඔවුන් ඔබේ නීතිය කඩ කළා. 127  මම ඔබේ ආඥාවලට හුඟක් ආදරේ කරනවා.මට ඒවා රන්වලටත් වඩා, පවිත්‍ර රන්වලටත් වඩා වටිනවා!+ 128  ඔබ දෙන හැම මඟ පෙන්වීමක්ම* නිවැරදියි කියලා මම පිළිගන්නවා.+හැම වැරදි මාර්ගයක්ම මං පිළිකුල් කරන්නේ ඒ නිසයි.+ פ [පේ] 129  ඔබ දෙන සිහිගැන්වීම් කොයි තරම් ශ්‍රේෂ්ඨද! මම ඒවා පිළිපදින්නේ ඒ නිසයි. 130  ඔබේ වදන්වල තේරුම පැහැදිලි කරද්දී ආලෝකය ලැබෙනවා.+අද්දැකීම් අඩු අයට අවබෝධය ලැබෙනවා.+ 131  ඔබේ ආඥාවන් දැනගන්න මම ඉන්නේ ලොකු පිපාසයකින්.*ඒවා දැනගන්න මම නොඉවසිල්ලෙන් ඉන්නවා.+ 132  මං දිහා බලලා මට කරුණාව පෙන්වන්න.+ඔබේ නමට ආදරේ කරන අයට ඔබ යුක්තිය ඉටු කරනවා වගේ මටත් යුක්තිය ඉටු කරන්න.+ 133  ඔබේ වදන්වලින් මට මඟ පෙන්වලා සුරක්ෂිත මඟක මාව අරන් යන්න.*කිසිම දුෂ්ට දේකට මාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.+ 134  අනුන්ට හිංසා පීඩා කරන අයගෙන් මාව බේරගන්න.මම දිගටම ඔබේ අණපනත් පිළිපදින්නම්. 135  ඔබේ සේවකයා ගැන ඔබ සතුටු වෙනවා කියලා පෙන්වන්න.*+දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න. 136  මිනිසුන් ඔබේ නීතිය කඩන නිසාමගේ ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා.+ צ [ට්සාධේ] 137  යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයි.+ඔබ දෙන තීන්දු සාධාරණයි.+ 138  ඔබ දෙන සිහිගැන්වීම් ධර්මිෂ්ඨයි.ඒවා හැම අතින්ම විශ්වාසවන්තයි. 139  මට තියෙන උද්‍යෝගය ඇවිළෙන ගින්නක් වගේ.+මොකද මගේ සතුරන්ට ඔබේ වදන් අමතක වෙලා. 140  ඔබේ වදන් හැම අතින්ම පවිත්‍රයි.+ඔබේ සේවකයා ඒවාට හුඟක් ප්‍රිය කරනවා.+ 141  මාව සලකන්නේ කිසි වැදගැම්මකට නැති, පහත් කෙනෙක් විදිහටයි.+ඒත් ඔබේ අණපනත් මට අමතක වෙලා නැහැ. 142  ඔබේ ධර්මිෂ්ඨකම සදහටම පවතිනවා.+ඔබේ නීතියේ තියෙන්නේ සත්‍ය වදන්.+ 143  දුක් වේදනා, දුෂ්කරතා අද්දැක්කත්ඔබේ ආඥාවලට මම දිගටම ඇලුම් කරනවා. 144  ඔබේ සිහිගැන්වීම් හැමදාටම ධර්මිෂ්ඨයි! ඒවා තේරුම්ගන්න මට උදව් කරන්න.+එතකොට දිගටම ජීවත් වෙන්න මට පුළුවන්. ק [කෝෆ්] 145  යෙහෝවා දෙවියනි, මුළු හිතින්ම මම ඔබට කන්නලව් කරනවා. මට උත්තර දෙන්න. ඔබේ නියෝග මම දිගටම පිළිපදින්නම්. 146  මම ඔබට හඬගසනවා. අනේ, මාව බේරගන්න. ඔබේ සිහිගැන්වීම්වලට මම දිගටම කීකරු වෙන්නම්. 147  ඔබෙන් උදව් ඉල්ලන්න මම හිමිදිරියේම අවදි වෙනවා.+මම බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේ වදන් ගැනයි.* 148  ඔබේ වදන් ගැන කල්පනා* කරන්නරෑ පුරාම* මම අවදි වෙලා ඉන්නවා.+ 149  යෙහෝවා, ඔබ නොසැලෙන ආදරයක් පෙන්වන දෙවි කෙනෙක්.ඒ නිසා මට සවන් දෙන්න.+ ඔබ ධර්මිෂ්ඨව විනිශ්චය කරනවා.ඒ නිසා මගේ දිවි රැක දෙන්න. 150  නින්දිත දේවල් කරන අය මං ළඟටම ඇවිත්.ඔවුන් ඔබේ නීතිය ප්‍රතික්ෂේප කරලා. 151  යෙහෝවා දෙවියනි, ඔබ මං ළඟින්ම ඉන්නවා.+ඔබේ හැම ආඥාවක්ම පදනම් වෙන්නේ සත්‍යය මතයි.+ 152  අතීතයේ ඉඳන්ම ඔබේ සිහිගැන්වීම් ගැන මම ඉගෙනගත්තා.ඔබ ඒවා පිහිටෙව්වේ සදහටම පවතින්නයි.+ ר [රේෂ්] 153  දෙවියනි, මං විඳින දුක දිහා බලලා මාව බේරගන්න.+මොකද මම ඔබේ නීතිය අමතක කළේ නැහැ. 154  මං වෙනුවෙන් පෙනී ඉඳලා* මාව බේරගන්න.+ඔබ පොරොන්දු වුණ විදිහට මගේ ජීවිතය ආරක්ෂා කරන්න. 155  දුෂ්ටයන්ට කොහොමටවත් ගැලවීම ලැබෙන්නේ නැහැ.මොකද ඔවුන් ඔබේ අණපනත් ගැන හොයලා බලන්නේ නැහැ.+ 156  යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන දයාව මොන තරම්ද!+ ඔබ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක් නිසා මගේ ජීවිතය රැක දෙන්න. 157  ගණන් කරන්න බැරි තරම් සතුරන් මට පීඩා කරනවා.+ඒත් මම ඔබේ සිහිගැන්වීම්වලින් පිට පැන්නේ නැහැ. 158  ද්‍රෝහිකම් කරන්නන් ඔබේ වදන්වලට අකීකරු වෙනවා.ඒ නිසා ඔවුන් මට පිළිකුලක්.+ 159  ඔබේ අණපනත්වලට මම කොච්චර ප්‍රිය කරනවාද කියලා සිහි කරන්න. යෙහෝවා, ඔබ නොසැලෙන ආදරයක් පෙන්වන දෙවි කෙනෙක්.ඒ නිසා මගේ දිවි රැක දෙන්න.+ 160  ඔබ පවසන හැම දේම සත්‍යයයි.+ඔබ දෙන හැම ධර්මිෂ්ඨ තීන්දුවක්ම සදාකල් පවතිනවා. ש [සින්] හෝ [ෂින්] 161  කිසිම හේතුවක් නැතුව අධිපතීන් මට පීඩා කරනවා.+ඒත් ඔබේ වදන් ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්.+ 162  වටිනා වස්තුවක් හොයාගත්ත කෙනෙක් වගේමම ඔබේ වදන් ගැන සතුටු වෙනවා.+ 163  බොරුව, වංචාව මම හෙළා දකිනවා. ඒවා මට පිළිකුලක්.+ඒත් ඔබේ නීතියට මම හුඟක් ආදරේ කරනවා.+ 164  ඔබේ තීන්දු ධර්මිෂ්ඨ නිසාදවසට හත් වතාවක්ම මම ඔබට ප්‍රශංසා කරනවා. 165  ඔබේ නීතියට ප්‍රිය කරන අය නිමක් නැති සමාදානයක් අද්දකිනවා.+කිසිම දෙයක් නිසා ඔවුන් පය පැටලිලා වැටෙන්නේ නැහැ. 166  අනේ යෙහෝවා, ඔබ මාව බේරගන්න කල් මම බලන් ඉන්නවා.ඔබේ ආඥා මම පිළිපදිනවා. 167  ඔබේ සිහිගැන්වීම්වලට මම කීකරු වෙනවා.ඒවා ගැන මට තියෙන්නේ ලොකු අගයක්.+ 168  ඔබේ අණපනත් සහ සිහිගැන්වීම් මම පිළිපදිනවා.මං කරන හැම පුංචි දෙයක් ගැනම ඔබ දන්නවා.+ ת [ටාව්] 169  අනේ යෙහෝවා, මං උදව් ඉල්ලලා අඬද්දී මට සවන් දෙන්න.+ ඔබේ වචනය මාර්ගයෙන් මට තේරුම්ගැනීමේ හැකියාව ලබා දෙන්න.+ 170  කරුණාව ඉල්ලලා මං කරන යාච්ඤාවට සවන් දෙන්න. ඔබ පොරොන්දු වුණ විදිහටම මාව බේරගන්න. 171  මගේ මුවින් නොනවත්වාම ඔබට ප්‍රශංසා ලැබේවා!+මොකද ඔබේ නියෝග ගැන ඔබ මට උගන්වනවා. 172  මගේ දෙතොල් ඔබේ වදන් ගැන ගී ගයනු ලැබේවා!+මොකද ඔබේ හැම ආඥාවක්ම ධර්මිෂ්ඨයි. 173  අනේ දෙවියනි, මට උදව් කරන්න සූදානමින් ඉන්න.*+ඔබේ අණපනත්වලට කීකරු වෙන්න මම තීරණය කරලයි තියෙන්නේ.+ 174  අනේ යෙහෝවා, ඔබ මාව බේරගන්න කල් මම ආශාවෙන් බලන් ඉන්නවා.ඔබේ නීතියට මම ප්‍රිය කරනවා.+ 175  මගේ දිවි රැක දෙන්න. එතකොට හැමදාටම ඔබට ප්‍රශංසා කරන්න මට පුළුවන්.+ඔබ ගන්න තීන්දු මට උදව්වක් වේවා කියලා මං පතනවා. 176  මම නැති වුණ බැටළුවෙක් වගේ මංමුළා වෙලා.+අනේ, ඔබේ සේවකයාව හොයාගෙන එන්න.මොකද මට ඔබේ ආඥා අමතක වෙලා නැහැ.+

පාදසටහන්

හෝ, “දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න.”
මූ.අ., “ස්ථිරව ඉන්නයි.”
හෝ, “අධ්‍යයනය කරනවා.”
හෝ, “අධ්‍යයනය කරනවා.”
හෝ, “ඔබේ අණපනත්වලින් දෙන මඟ පෙන්වීම්.”
හෝ, “අධ්‍යයනය කරන්න.”
හෝ, “මාව ලැජ්ජාවට පත් වෙන්න.”
හෝ සමහරවිට, “ඔබ මගේ හිතට ධෛර්යය දුන්නා.”
හෝ, “ලාභ ලබාගැනීමේ ආශාවක්.”
හෝ සමහරවිට, “ඒවා දීලා තියෙන්නේ ඔබ ගැන ගරුබියක් තියෙන අයටයි.”
හෝ, “හොඳට ඉඩ තියෙන තැනක.”
හෝ, “අධ්‍යයනය.”
හෝ, “ඒක ඉටු වෙන කල් මට බලන් ඉන්න වෙනවා.”
හෝ, “මම වෙනත් දේශයක ජීවත් වුණත්.”
හෝ, “ඔබේ අනුමැතිය දිනාගන්න (ඔබේ මූණට හිනාවක් ගේන්න) මම උත්සාහ කරනවා.”
හෝ, “නොදැනුවත්ව පව් කළා.”
මූ.අ., “මිදුණු තෙල් වගේ. ඒවාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ.”
හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”
හෝ සමහරවිට, “මං ගැන බොරු කියනවා.”
හෝ, “අධ්‍යයනය.”
හෝ, “බලන් ඉඳලාම මං වෙහෙසට පත් වෙලා.”
හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”
ඒ කියන්නේ දෙවියන්ගේ හැම නිර්මාණයක්ම.
මූ.අ., “ආඥා ගොඩක් පුළුල්.” හෝ, “ඔබේ ආඥා හැම අතින්ම අංග සම්පූර්ණයි.”
හෝ, “අධ්‍යයනය.”
හෝ, “අධ්‍යයනය.”
මූ.අ., “මුවින් කරන පූජා ඔප්පු.”
හෝ, “මගේ උරුමය විදිහට මම සදහටම තියාගන්නවා.”
හෝ, “බෙදුණ සිත් තියෙන අය.”
හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”
හෝ, “මට ලැජ්ජා වෙන්න.”
ඒ කියන්නේ රිදී, රත්තරන් පිරිසිදු කරද්දී ඉතුරු වෙන අපද්‍රව්‍ය.
හෝ, “ඔබේ අණපනත්.”
මුල් භාෂාවේ හති දාගෙන බලන් ඉන්නවා කියන අදහස තියෙනවා.
හෝ, “මගේ පියවර ස්ථිර කරන්න.”
මූ.අ., “මං දිහා සිනාමුසු මුහුණකින් බලන්න.”
හෝ, “ඔබේ වදන් ඉටු වෙන කල් මං බලන් ඉන්නවා.”
හෝ, “අධ්‍යයනය.”
මූ.අ., “රෑ වැඩ මුරවලට කලින්.”
හෝ, “මට විරුද්ධව තියෙන නඩුවේදී මං වෙනුවෙන් කතා කරලා.”
මූ.අ., “ඔබේ අත සූදානම් කරගෙන ඉන්න.”