ගීතාවලිය 12:1-8

  • යෙහෝවා පියවර ගන්නවා

    • යෙහෝවාගේ වදන් පවිත්‍රයි (6)

සංගීත අධ්‍යක්ෂක වෙත. සංගීත භාණ්ඩය ෂෙමිනිත්වලට* මාරු කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්. 12  අනේ යෙහෝවා, මාව ගලවගන්න.මොකද ඔබට පක්ෂපාත කිසි කෙනෙක් ඉතුරු වෙලා නැහැ.විශ්වාසවන්තව ඉන්න එක් කෙනෙක්වත් හොයාගන්න නැහැ.   ඔවුන් එකිනෙකාට බොරු කියාගන්නවා.හිතේ එකක් තියාගෙන චාටු බස් දොඩනවා.+   යෙහෝවා චාටු කතා කියන අයව නිහඬ කරනවා.පුරසාරම් දොඩන අයගේ දිව කපලා දානවා.+   “කතාවෙන් අපිට ඕනෙම දෙයක් ජය ගන්න පුළුවන්. අපි කැමති ඕනෙම දෙයක් කියන්න අපිට අයිතිය තියෙනවා.අපිව පාලනය කරන්න කාටවත් බැහැ” කියලා ඒ අය කියයි.+   ඒත් යෙහෝවා මෙහෙම කියනවා. “දුෂ්ටයන් දුක් විඳින අයව පාගලා දාන හැටි මම දකිනවා.දුප්පතුන්ගේ දුක් ගැනවිලි මට ඇහෙනවා.+ ඔවුන්ව බේරගන්න මම පියවර ගන්නවා.ඔවුන්ට පහත් විදිහට සලකන අයගෙන් මම ඔවුන්ව ආරක්ෂා කරනවා.”   යෙහෝවාගේ වදන් පවිත්‍රයි.+ඒවා මැටි උදුනක රත් කරලා හත් වතාවක් පිරිසිදු කරපු රිදී වගේ පවිත්‍රයි.   යෙහෝවා දෙවියනි, ඔබ ඔවුන්ව බේරගන්නවා.+ඔබ ඒ එක් එක් කෙනාව මේ දුෂ්ට පරම්පරාවෙන් හැමදාටම ආරක්ෂා කරනවා.   දුෂ්ටයන් නිදැල්ලේ සැරිසරන්නේමිනිසුන් ඔවුන්ගේ පහත් ක්‍රියාවලට උල්පන්දම් දෙන නිසයි.+

පාදසටහන්