ගීතාවලිය 120:1-7
කන්ද නඟිද්දී ගයන ගීයක්.*
120 මගේ විපතේදී මම යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා.+ඔහු මට උත්තර දුන්නා.+
2 අනේ යෙහෝවා, බොරුකාරයන්ගෙනුත්රැවටිලිකාරයන්ගෙනුත් මාව බේරගන්න.
3 රැවටිලිකාරයෙනි, ඔහු ඔබට මොනවා කරයිද?ඔහු ඔබට කොහොම දඬුවම් කරයිද?+
4 බලවන්තයෙක්ගේ තියුණු ඊ පහරවලිනුත්+දැවෙන ගිනි අඟුරුවලිනුත්*+ ඔහු ඔබට දඬුවම් කරයි.
5 අනේ, මං විඳින්නේ මොන තරම් දුකක්ද!
මෙෂෙක්වල+ විදේශිකයෙක් විදිහටත්කේදාර්වල+ කූඩාරම් ගහගත්ත අය ළඟත් මට ජීවත් වෙන්නවෙලා.
6 සාමයට පොඩ්ඩක්වත් කැමති නැති අය එක්ක+මං ජීවත් වුණා දැන් හොඳටම ඇති!
7 මට ඕනෙ ඔවුන් එක්ක සමාදාන වෙන්න.ඒත් සමාදාන වෙන්න යද්දී ඔවුන් මාත් එක්ක සටනට එනවා.
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ මූ.අ., “රොතෙම් දැවවල ගිනි අඟුරුවලිනුත්.” රොතෙම් කියන්නේ වියළි පළාත්වල වැඩෙන මිටි ගහක්.