ගීතාවලිය 121:1-8

  • යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා

    • ‘මට උදව් කරන්නේ යෙහෝවා’ (2)

    • යෙහෝවා කවදාවත් නිදාගන්නේ නැහැ (3, 4)

කන්ද නඟිද්දී ගයන ගීයක්. 121  මම කඳු වෙතට මගේ දෙනෙත් යොමු කළා.+ මට උදව් කරන්නේ කවුද කියලා මම කල්පනා කළා.   මට උදව් කරන්නේ+අහසත් පොළොවත් හදපු යෙහෝවා දෙවියන්.   ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+ ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.   ඊශ්‍රායෙල්ව ආරක්ෂා කරන තැනැත්තාකවදාවත් නිදිකිරා වැටෙන්නෙවත් නින්දට යන්නෙවත් නැහැ.+   යෙහෝවා ඔබව ආරක්ෂා කරනවා. යෙහෝවා ඔබේ සෙවණයි.+ ඔබේ දකුණු පැත්තේ ඉඳන් ඔබව ආරක්ෂා කරන්නේ ඔහුයි.+   දහවල් කාලයේදී හිරු රශ්මියෙන්වත්+රාත්‍රියේදී සඳ එළියෙන්වත් ඔබට හානියක් වෙන්නේ නැහැ.+   යෙහෝවා හැම විපතකින්ම ඔබව ආරක්ෂා කරනවා.+ ඔහු ඔබේ ජීවිතය රැක දෙනවා.+   යෙහෝවා දැනුත් සදාකාලයටමත් ඔබව රැකබලා ගන්නවා.ඔබ කරන හැම දේකදීම* ඔහු ඔබව ආරක්ෂා කරනවා.

පාදසටහන්

මූ.අ., “යන එන හැම තැනකදීම.”