ගීතාවලිය 122:1-9

  • යෙරුසලමට සාමය පතලා කරන යාච්ඤාවක්

    • යෙහෝවාගේ ගෘහයට යද්දී දැනෙන සතුට (1)

    • ළඟ ළඟ ගෙවල් තියෙන, එකට බැඳුණ නුවරක් (3)

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්. 122  “යෙහෝවාගේ ගෘහයට අපි යමු” කියලා ඔවුන් මට කිව්වාම මට ලොකු සතුටක් දැනුණා.+   යෙරුසලම් නුවර,අපි දැන් ඔබේ දොරටුවලින් ඇතුල් වුණා.+   යෙරුසලම හොඳින් ගොඩනඟපු නුවරක්.ළඟ ළඟ ගෙවල් තියෙන, එකට බැඳුණ නුවරක්.+   යාහ්ට* අයිති ගෝත්‍රවල අය ඒ නුවරට නැඟ ගිහින්.ඒ අය, ඊශ්‍රායෙල් සෙනඟට දුන්න සිහිගැන්වීමට කීකරු වෙලා,යෙහෝවාගේ නමට ස්තුති ප්‍රශංසා කරන්න ඒ නුවරට ගිහින්.+   විනිශ්චය ආසන එහේ තියලා තියෙනවා.+ඒවා දාවිත්ගේ පෙළපතට අයිති අයගේ සිංහාසන.+   ජනයෙනි, යෙරුසලමට සාමය ඉල්ලලා යාච්ඤා කරන්න.+ යෙරුසලම, ඔබට ආදරේ කරන අයට සුරක්ෂිතව ඉන්න ලැබෙනවා.   ඔබේ පවුරු ඇතුළේ හැමදාම සමාදානය තිබේවා!ඔබේ බලකොටු ඇතුළේ ඉන්න හැමෝටම සුරක්ෂිතව ඉන්න ලැබේවා!   මගේ සහෝදරයන් සහ මිතුරන් වෙනුවෙන් මම මෙහෙම ඉල්ලනවා. “යෙරුසලම, ඔබ තුළ හැමදාම සමාදානය තිබේවා!”   අපේ දෙවි යෙහෝවාගේ ගෘහයට මම හුඟක් ආදරෙයි.+ඒ නිසා ඔබට යහපතක් වෙන්න කියලා මම යාච්ඤා කරනවා.

පාදසටහන්

“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.