ගීතාවලිය 123:1-4

  • යෙහෝවාගේ කරුණාව ලැබෙන කල් ඔහු දිහා බලන් ඉන්න

    • ‘සේවකයන් වගේ අපි යෙහෝවා දිහා බලාගෙන ඉන්නවා’ (2)

    • “ඉහටත් උඩින් නින්දා අපහාස විඳින්න වෙලා” (3)

කන්ද නඟිද්දී ගයන ගීයක්. 123  ස්වර්ගයේ සිංහාසනයේ ඉන්න තැනැත්තාණෙනි,මගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කරනවා.+   සේවකයන් තමන්ගේ ස්වාමියා දිහාත්සේවිකාවන් තමන්ගේ ස්වාමිදුව දිහාත් බලාගෙන ඉන්නවා වගේඅපිත් අපේ දෙවි වන යෙහෝවා දිහා බලාගෙන ඉන්නවා.+ඔහුගේ කරුණාව ලැබෙන කල් අපි ඔහු දිහාම බලාගෙන ඉන්නවා.+   අනේ යෙහෝවා, අපිට අනුකම්පා කරන්න. අපිට කරුණාවෙන් සලකන්න.මොකද අපිට ඉහටත් උඩින් නින්දා අපහාස විඳින්න වෙලා.+   අනුන්ව පහත් කරලා සලකන අය මදි නොකියන්න අපිට සමච්චල් කරනවා.අහංකාර අය අපි දිහා බලන්නේ පිළිකුලෙන්.

පාදසටහන්