ගීතාවලිය 124:1-8

  • “යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්”

    • කඩලා දාපු දැලෙන් බේරිලා ගියා (7)

    • ‘අපිට උදව් ලැබෙන්නේ යෙහෝවා කියන නමින් හඳුන්වන දෙවියන්ගෙන්’ (8)

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්. 124  “යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්,”+ (ඊශ්‍රායෙල් සෙනඟෙනි, දැන් ඔබත් මෙහෙම කියන්න.)   “මිනිසුන් අපිට විරුද්ධව එද්දී+යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්,+   ඔවුන්ට අපි ගැන තිබුණ දැවෙන කෝපය නිසා+ඔවුන් අපිව පණපිටින්ම ගිලලා දාන්න ඉඩ තිබුණා.+   විශාල දිය පහරට අපිව ගහගෙන යන්නත්ජල ධාරාවට අපිව යට වෙලා යන්නත් ඉඩ තිබුණා.+   සැඩ පහරට අහු වෙලා ගිලෙන්නත් ඉඩ තිබුණා.   යෙහෝවාට ප්‍රශංසා වේවා!මොකද ඔහු අපිව ඔවුන්ගේ ගොදුරක් වෙන්න ඉඩ දුන්නේ නැහැ.   අපි හරියට දඩයක්කරුගේ දැලෙන්බේරිලා ගිය කුරුල්ලන් වගේ.+දැල කඩලා දැම්මා!අපි බේරිලා ගියා.+   අපිට උදව් ලැබෙන්නේ යෙහෝවා කියන නමින් හඳුන්වන,+අහසත් පොළොවත් හදපු දෙවියන්ගෙන්.”

පාදසටහන්