ගීතාවලිය 125:1-5

  • යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා

    • “යෙරුසලම කඳුවලින් වට වෙලා තියෙනවා වගේ” (2)

    • “ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා” (5)

කන්ද නඟිද්දී ගයන ගීතයක්. 125  යෙහෝවා ගැන විශ්වාසය තියන අය+කවදාවත් සොලවන්න බැරි,හැමදාටම පවතින සියොන් කන්ද වගේ.+   යෙරුසලම කඳුවලින් වට වෙලා තියෙනවා වගේ+යෙහෝවා තමන්ගේ සෙනඟව වට කරගෙන ඉන්නවා.+දැනුත් සදහටමත් ඔහු ඔවුන්ව ආරක්ෂා කරනවා.   දුෂ්ටයන්ගේ රාජ යෂ්ටියට,ධර්මිෂ්ඨයන්ට උරුම වුණ දේශය හැමදාටම යටත් කරගන්න ලැබෙන්නේ නැහැ.+මොකද එහෙම වුණොත් ධර්මිෂ්ඨයන් වැරදි දේ කරන්න පෙලඹෙයි.+   අනේ යෙහෝවා, අවංක හදවත් තියෙන,+ යහපත් අයටයහපතක් වෙන්න සලස්වන්න.+   හරි මඟෙන් අයින් වෙලා වංක මඟක යන අයව නම්,යෙහෝවා දුෂ්ටයන් එක්කම විනාශ කරනවා.+ ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා!

පාදසටහන්