ගීතාවලිය 126:1-6

  • සෙනඟ ආයෙත් සතුටින් සියොන්වලට යයි

    • ‘යෙහෝවා ඇත්තටම පුදුමාකාර දේවල් කළා’ (3)

    • කඳුළු සලමින් හිටපු අය ප්‍රීති ඝෝෂා නඟයි (5, 6)

කන්ද නඟිද්දී ගයන ගීයක්. 126  වහලුන් වෙලා හිටිය සියොන් වැසියන්ව යෙහෝවා ආයෙත් ඔවුන්ගේ දේශයට ගෙනාවාම+අපිට ඒක දැනුණේ හරියට හීනයක් වගේ!   ඒ කාලේ අපේ හිත් සතුටින් පිරිලා ගියා.අපි සිනාසෙමින් සතුටින් කෑගැහුවා.+ එතකොට වෙනත් ජාතීන් මෙහෙම කතා වුණා. “යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් පුදුම දේවල් කරලා!”+   යෙහෝවා ඇත්තටම අපි වෙනුවෙන් පුදුමාකාර දේවල් කළා.+ඒ නිසා අපිට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!   නෙගෙබ්වල දිය පහරවල්* වැහි වතුරෙන් පිරිලා යනවා වගේයෙහෝවා දෙවියනි, වහලුන් වෙලා ඉන්න අපේ සෙනඟව ආයෙත් එකතු කරන්න.   කඳුළු සලමින් වපුරන අයප්‍රීති ඝෝෂා නඟමින් නෙළාගන්නවා.   කඳුළු සලමින් බීජ මල්ලක් අරගෙන පිටත්ව යන කෙනාආයෙත් එන්නේ ධාන්‍ය මිටි අරගෙන, ප්‍රීති ඝෝෂා නඟමිනුයි.+

පාදසටහන්

හෝ, “දකුණු දිශාවේ තියෙන නිම්න.”