ගීතාවලිය 127:1-5

  • දෙවියන්ගේ ආශීර්වාදය නැත්නම් කිසිම දේකින් වැඩක් නැහැ

    • “යෙහෝවා නිවස ගොඩනඟන්නේ නැත්නම්” (1)

    • දූපුතුන් දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් (3)

සලමොන් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්. 127  යෙහෝවා නිවස ගොඩනඟන්නේ නැත්නම්ගොඩනඟන අය කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ.+යෙහෝවා නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+මුරකරු අවදි වෙලා හිටියාට කිසිම පලක් නැහැ.   දෙවියන්ගේ ආශීර්වාදය නැත්නම්කෑම හොයාගන්න ඔබ උදෙන්ම අවදි වෙලාරෑ වෙන කල් මහන්සි වෙලා වැඩ කළත් කිසිම වැඩක් නැහැ.ඒත් දෙවියන් ඔහුගේ ආදරය දිනාගත්ත අයටඅවශ්‍ය දේවල් වගේම සැපවත් නින්දක් ලබා දෙනවා.+   දරුවෝ* යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්.+දූපුතුන්* ඔහුගෙන් ලැබෙන තෑග්ගක්.+   තරුණ වයසේදී ලැබෙන දරුවන්බලවත් මිනිසෙක්ගේ අතේ තියෙන ඊතල වගේ.+   තමන්ගේ ඊකොපුව ඊතලවලින් පුරවගත්ත මිනිසා ඉන්නේ සතුටින්.+ඔවුන්* ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.මොකද ඔවුන්* නුවරේ දොරටු ළඟදී සතුරන්ට විරුද්ධව කතා කරනවා.

පාදසටහන්

හෝ, “පුතුන්.”
මූ.අ., “කුසේ පලය.”
මෙතන කතා කරන්නේ පියවරුන් ගැන වෙන්න පුළුවන්.
මෙතන කතා කරන්නේ දරුවන් ගැන වෙන්න පුළුවන්.