ගීතාවලිය 129:1-8

  • විරුද්ධවාදිකම් කළත් පරද්දන්න බැරි වුණා

    • සියොන්ට වෛර කරන හැමෝම ලැජ්ජාවට පත් වෙලා (5)

කන්ද නඟිද්දී ගයන ගීයක්. 129  “මගේ යොවුන් වියේ ඉඳන්ම ඔවුන් දිගින් දිගටම මට විරුද්ධවාදිකම් කරනවා.”+ (ඊශ්‍රායෙල් සෙනඟෙනි, දැන් ඔබත් මෙහෙම කියන්න.)   “මගේ යොවුන් වියේ ඉඳන්ම ඔවුන් දිගින් දිගටම මට විරුද්ධවාදිකම් කරනවා.+ඒත් ඔවුන්ට මාව පරද්දන්න බැරි වුණා.+   කෙතක් හානවා වගේ ඔවුන් මගේ පිට හාරගෙන ගියා.+ඔවුන් හාරපු පාරවල් මගේ පිට පුරාම තියෙනවා.”*   ඒත් යෙහෝවා ධර්මිෂ්ඨයි.+දුෂ්ටයන් බැඳපු කඹ ඔහු කපලා දැම්මා.+   සියොන්ට වෛර කරන හැමෝටමලැජ්ජාවට පත් වෙලා පලා යන්න වෙයි.+   ඔවුන් උගුල්ලන්නත් කලින් වේළිලා යන,වහලේ* උඩ වැවෙන තණකොළ වගේ වෙයි.   අස්වැන්න නෙළන අයට ඒවායින් එක මිටක් අතට ගන්නවත්මිටි එකතු කරන්නාට ඒවායින් එක මිටක් එකතු කරගන්නවත් ලැබෙන්නේ නැහැ.   ඔවුන්ව පහු කරගෙන යන කවුරුවත් කවදාවත් මෙහෙම කියන්නේ නැහැ. “යෙහෝවාගේ ආශීර්වාදය ඔබට ලැබේවා!යෙහෝවාගේ නමින් අපි ඔබට ආශීර්වාද කරනවා!”

පාදසටහන්

පේන විදිහට මෙතන කතා කරන්නේ සතුරන් දරුණු විදිහට කරපු හිංසා පීඩා ගැන.
හෝ, “පැතලි වහලේ.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.