ගීතාවලිය 13:1-6

  • යෙහෝවා ගැලවීම දෙන කල් බලන් ඉන්නවා

    • “තව කොච්චර දවසක් මේ දුක ඉවසන්නද?” (1, 2)

    • යෙහෝවා හුඟක් යහපත් දේවල් කරනවා (6)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 13  අනේ යෙහෝවා, ඔබ තව කොච්චර කාලයක් මාව අමතක කරලා ඉන්නවාද?ඔබ සදහටම මාව අමතක කරලා දානවාද? තව කොච්චර දවසක් ඔබේ මුහුණ මගෙන් ඉවතට හරවගෙන ඉන්නවාද?+   මං තව කොච්චර කාලයක් මගේ ප්‍රශ්න එක්ක පොරබදින්නද?තව කොච්චර දවසක් මේ දුක ඉවසන්නද? මගේ සතුරා තව කොච්චර කාලයක් මාව පාගගෙන ඉඳියිද?+   අනේ යෙහෝවා මගේ දෙවියනි, මං දිහා බලලා මට උත්තර දෙන්න. මට මරණ නින්දට වැටෙන්න නොදී මගේ විඩාබර දෙනෙත් ප්‍රාණවත් කරන්න.   එතකොට “මම ඔහුව පරාජය කළා” කියලා මගේ සතුරන්ට කියන්න බැරි වෙයි.අනේ, මං වැටෙද්දී මගේ විරුද්ධකරුවන්ට සතුටු වෙන්න ඉඩ දෙන්න එපා.+   ඔබට මං ගැන තියෙන්නේ නොසැලෙන ආදරයක් කියලා මට විශ්වාසයි.+ඔබ මාව බේරගන්න කරන දේවල් නිසා මගේ හිත සතුටින් උතුරලා යනවා.+   යෙහෝවා දෙවියනි, ඔබ මං වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කරලා තියෙනවා.+ඒ නිසා මං ඔබට ප්‍රශංසා ගී ගයනවා.

පාදසටහන්