ගීතාවලිය 130:1-8

  • “දුක් සාගරයක ගිලිලා ඉද්දී මම ඔබට කන්නලව් කළා”

    • “ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්” (3)

    • ඇත්තටම සමාව දෙන්නේ යෙහෝවා (4)

    • ‘යෙහෝවා මට උදව් කරන කල් ආශාවකින් බලාගෙන ඉන්නවා’ (6)

කන්ද නඟිද්දී ගයන ගීතයක්. 130  යෙහෝවා දෙවියනි, දුක් සාගරයක ගිලිලා ඉද්දී මම ඔබට කන්නලව් කළා.+   අනේ යෙහෝවා, මට ඇහුම්කන් දෙන්න. මම උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.   යාහ්* දෙවියනි, ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්,*ඔබ ඉස්සරහා ඉන්න පුළුවන් කාටද යෙහෝවා?+   ඇත්තටම සමාව දෙන්නේ ඔබයි.*+මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ ඒ නිසයි.+   මම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ යෙහෝවා ගැනයි.මම මුළු හදවතින්ම ඔහු ගැන බලාපොරොත්තු තියනවා.ඔහුගේ පොරොන්දු ඉටු වෙන කල් මම බලාගෙන ඉන්නවා.   එළිය වැටෙන කල් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+යෙහෝවා මට උදව් කරන කල් මම ඊටත් වඩා ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා.+   ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා උදව් කරන කල් බලාගෙන ඉන්න.මොකද යෙහෝවා පෙන්වන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+ගැලවීම ලබා දෙන්න ඔහුට මහත් බලයක් තියෙනවා.   ඊශ්‍රායෙල් සෙනඟගේ හැම වරදකින්ම දෙවියන් ඔවුන්ව මුදවගන්නවා.

පාදසටහන්

“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “එකින් එක ලියාගන්නවා නම්.”
මූ.අ., “සැබෑ සමාව තියෙන්නේ ඔබ ළඟයි.”