ගීතාවලිය 131:1-3

  • කිරි වැරූ දරුවෙක් වගේ මම සෑහීමට පත් වෙනවා

    • ලබාගන්න බැරි දේවල් පස්සේ යන්න එපා (1)

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්. 131  යෙහෝවා දෙවියනි, මගේ හිත අහංකාර නැහැ.මගේ ඇස්වලින් මම උඩඟු විදිහට බලන්නෙත් නැහැ.+මට ලබාගන්න බැරි දේවල් පස්සෙවත්ලොකු ලොකු දේවල් පස්සෙවත් මම හඹා ගියේ නැහැ.+   කිරි වැරූ දරුවෙක් මව් තුරුලේ සන්සුන්ව ඉන්නවා වගේමගේ හිත* මම සන්සුන් කරගෙන නිහඬව ඉන්නවා.+කිරි වැරූ දරුවෙක් වගේ මම සෑහීමට පත් වෙනවා.   ඊශ්‍රායෙල්, දැනුත් සදහටමත්යෙහෝවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.+

පාදසටහන්

හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.