ගීතාවලිය 132:1-18

  • දාවිත්වත් සියොන්වත් තෝරගනියි

    • “ඔබේ අභිෂේක ලත් තැනැත්තාව ප්‍රතික්ෂේප කරන්න එපා” (10)

    • සියොන්වල ඉන්න පූජකයන්ව ගැලවීම කියන ඇඳුමෙන් සරසයි (16)

කන්ද නඟිද්දී ගයන ගීයක්. 132  යෙහෝවා දෙවියනි, දාවිත්ව සිහි කරන්න.ඔහු අද්දැක්ක හැම පීඩාවක්ම මතක් කරගන්න.+   ඔහු යෙහෝවාට දිවුරලා කියපු දේ සිහි කරන්න.ඔහු යාකොබ්ගේ බලවත් දෙවියන්ට වුණ මේ පොරොන්දුව මතක් කරගන්න.+   “මගේ කූඩාරමට, මගේ නිවසට මම ඇතුල් වෙන්නේ නැහැ.+ මගේ ඇඳට ගිහින් හාන්සි වෙන්නේ නැහැ.   මං මගේ ඇස් පියාගන්නේ නැහැ.නින්දට මගේ ඇස් ළඟටවත් එන්න දෙන්නේ නැහැ.   යෙහෝවා වෙනුවෙන් තැනක් වෙන් කරන කල්,යාකොබ්ගේ බලවත් දෙවියන් වෙනුවෙන් අලංකාර ගෘහයක්* හදන්න තැනක් වෙන් කරන කල්මම ඒ විදිහට ඉන්නවා.”+   අපිට ඒක* ගැන එෆ්‍රාතාවලදී+ ආරංචි වුණා.කැලෑ ප්‍රදේශයක තියෙන තණබිම්වලදී ඒක අපිට හම්බ වුණා.+   අපි දෙවියන්ගේ ගෘහයට* ඇතුල් වෙමු.+ඔහුගේ පා පුටුව ඉස්සරහා වැඳ වැටෙමු.+   යෙහෝවා දෙවියනි, නැඟිටලා ඔබේ වාසස්ථානයට එන්න.+ඔබේ බලය නියෝජනය කරන ගිවිසුම් පෙට්ටිය එක්ක ඔබත් එන්න.+   ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම කියන ඇඳුමෙන් සැරසී සිටීවා!ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා! 10  ඔබේ සේවක දාවිත්ට දුන්න පොරොන්දුව නිසාඔබේ අභිෂේක ලත් තැනැත්තාව ප්‍රතික්ෂේප කරන්න එපා.+ 11  යෙහෝවා දාවිත්ට දිවුරලා පොරොන්දුවක් වුණා.ඔහු ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ. ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි.“ඔබෙන් පැවතෙන කෙනෙක්ව මම ඔබේ සිංහාසනයේ ඉන්දවනවා.+ 12  ඔබේ පුතුන් මගේ ගිවිසුම රකිනවා නම්මං දෙන සිහිගැන්වීම්වලට කීකරු වෙනවා නම්,+ඔවුන්ගේ පුතුන්ටත් සදහටමඔබේ සිංහාසනයේ ඉඳගන්න ලැබෙනවා.”+ 13  යෙහෝවා සියොන් තෝරගත්තා.+ඒක තමන්ගේ නිවහන කරගන්න ඔහු ආශාවෙන් ඉන්නවා.+ 14  “ඒක සදහටම මගේ නිවහන වෙනවා.මගේ ආශාව හැමදාටම එහේ වාසය කරන්නයි.+ 15  ඕන කරන හැම දේම දීලා මං ඒ නගරෙට නොඅඩුව ආශීර්වාද කරනවා.එහේ ඉන්න දුප්පතුන්ට ආහාර දීලා ඔවුන්ව තෘප්තිමත් කරනවා.+ 16  ඒකේ ඉන්න පූජකයන්ව මම ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+එහේ ඉන්න මගේ විශ්වාසවන්ත සේවකයෝ සතුටින් කෑගහයි.+ 17  දාවිත්ගේ ශක්තිය* මම තව තවත් වැඩි වෙන්න සලස්වනවා. මගේ අභිෂේක ලත් තැනැත්තා වෙනුවෙන් මම පහනක් සූදානම් කරලා තියෙනවා.*+ 18  මම ඔහුගේ සතුරන්ට ලැජ්ජාව කියන ඇඳුම අන්දවනවා.ඒත් ඔහුගේ පාලනය* නම් තව තවත් සාර්ථක වෙයි.”+

පාදසටහන්

හෝ, “තේජවත් කූඩාරමක්.”
පේන විදිහට මෙතන කතා කරන්නේ ගිවිසුම් පෙට්ටිය ගැනයි.
හෝ, “තේජවත් කූඩාරමට.”
මූ.අ., “අඟ.”
හෝ, “මගේ අභිෂේක ලත් තැනැත්තාගේ පෙළපත සුරකින්න මම පියවර ගත්තා.”
මූ.අ., “ඔටුන්න.”