ගීතාවලිය 135:1-21

  • යාහ් ශ්‍රේෂ්ඨ නිසා ඔහුට ප්‍රශංසා කරන්න

    • ඊජිප්තුවේදී කරපු පුදුම දේවල් සහ පෙන්නපු ලකුණු (8, 9)

    • “ඔබේ නම සදාකල් පවතිනවා” (13)

    • පණ නැති රූප (15-18)

135  යාහ්ට ප්‍රශංසා කරන්න!* යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න.යෙහෝවා දෙවියන්ගේ සේවකයෙනි, ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+   යෙහෝවාගේ ගෘහයේ ඉන්න සියල්ලෙනි,අපේ දෙවියන්ගේ ගෘහයේ මළුවේ ඉන්න සියල්ලෙනි,+ඔහුට ප්‍රශංසා කරන්න!   යෙහෝවා දෙවියන් යහපත්.+ ඒ නිසා යාහ්ට ප්‍රශංසා කරන්න! ඔහුගේ නමට ප්‍රශංසා ගී ගයන්න.* මොකද ඒක ප්‍රසන්න දෙයක්.   යාහ් තෝරගත්තේ යාකොබ්වයි.තමන්ට අයිති විශේෂ සෙනඟක්* විදිහට ඔහු ඊශ්‍රායෙල්ව තෝරගත්තා.+   යෙහෝවා ශ්‍රේෂ්ඨයි කියලා මම හොඳින්ම දන්නවා.අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා අපේ ස්වාමීන් හුඟක් ශ්‍රේෂ්ඨයි!+   යෙහෝවා තමන් කැමති හැම දේම කරනවා.+ඔහු අහසෙත් පොළොවෙත් මුහුදෙත් ගැඹුරු තැන්වලත් තමන් කැමති දේ කරනවා.   ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*ඔහුගේ ගබඩාවලින් හුළං හමා එන්න සලස්වනවා.+   ඔහු ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ටත්කුලුඳුල් සතුන්ටත් පහර දුන්නා.+   ඔහු ඊජිප්තුවේදී පුදුම දේවල් කළා. ලකුණුත් පෙන්නුවා.+පාරාවෝටත් ඔහුගේ සියලු සේවකයන්ටත් විරුද්ධවයි ඒ හැම දේම කළේ.+ 10  ඔහු හුඟක් ජාතීන්ට පහර දුන්නා.+බලවත් රජවරුන්වත් විනාශ කළා.+ 11  අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්වත්+බාෂාන්වල රජ වුණ ඕග්වත්+කානාන්වල තිබුණ හැම රාජ්‍යයක්මත් ඔහු විනාශ කළා. 12  ඔවුන්ට අයිති දේශය ඔහු උරුමයක් විදිහටතමන්ගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා.+ 13  යෙහෝවා දෙවියනි, ඔබේ නම සදාකල් පවතිනවා. යෙහෝවා දෙවියනි, හැම පරම්පරාවකම අය ඔබ ගැන* කතා කරනවා.*+ 14  යෙහෝවා තමන්ගේ සෙනඟ වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+ඔහුගේ සේවකයන් ගැන ඔහුට ලොකු අනුකම්පාවක් දැනෙයි.+ 15  වෙනත් ජාතීන් නමස්කාර කරන දෙවිවරුන්ගේ රූප හදලා තියෙන්නේ රන් රිදීවලින්.මිනිසුන්මයි ඒවා හදලා තියෙන්නේ.+ 16  ඒවාට කටවල් තිබුණත් කතා කරන්න බැහැ.+ඇස් තිබුණත් පේන්නේ නැහැ. 17  ඒවාට කන් තිබුණත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. කටින් හුස්ම පිට කරන්නෙත් නැහැ.+ 18  ඒවා හදන අයත් ඒවා ගැන විශ්වාසය තියන අයත්+අන්තිමේදී ඒ රූප වගේම වෙනවා.+ 19  ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න! ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න! 20  ලෙවීගෙන් පැවතෙන්නෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!+ යෙහෝවා ගැන ගරුබියක් තියෙන සියල්ලෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න! 21  යෙරුසලමේ වාසය කරන යෙහෝවාට+සියොන් වැසියන්ගෙන් ප්‍රශංසාව ලැබේවා!+ යාහ්ට ප්‍රශංසා කරන්න!+

පාදසටහන්

හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
හෝ, “වටිනා වස්තුවක්.”
හෝ, “ජල වාෂ්ප.”
හෝ සමහරවිට, “වැස්ස ලබා දෙන්න ඔහු අහසේ කවුළු හදනවා.”
හෝ, “ඔබේ නම ගැන.”
මූ.අ., “ඔබව සිහි කරනවා.”