ගීතාවලිය 136:1-26
136 යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්.+ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+
2 දෙවිවරුන්ගෙත් දෙවියන්ට ස්තුති කරන්න.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
3 ස්වාමිවරුන්ගෙත් ස්වාමීන්ට ස්තුති කරන්න.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
4 පුදුමසහගත දේවල් කරන්නේ ඔහු විතරයි.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+
5 ඔහු හරිම දක්ෂ විදිහට* අහස නිර්මාණය කළා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
6 ඔහු මුහුදට ඉහළින් පොළොව පිහිටෙව්වා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
7 ඔහු ප්‍රධාන ආලෝක වස්තූන් නිර්මාණය කළා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
8 ඔහු දවාලට එළිය ලබා දෙන්න* සූර්යයාව නිර්මාණය කළා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
9 ඔහු රාත්‍රියට එළිය ලබා දෙන්න* සඳත් තරුත් හැදුවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
10 ඔහු ඊජිප්තුවේ කුලුඳුලන්ට පහර දුන්නා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
11 ඔහු ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
12 ඔහුගේ අත දික් කරලා ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව බේරගත්තා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
13 ඔහු රතු මුහුදේ වතුර දෙබෑ කළා.*+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
14 ඔහු ඊශ්‍රායෙල් ජාතියව ඒ මැදින් අරන් ගියා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
15 ඔහු පාරාවෝවත් ඔහුගේ හමුදාවත් රතු මුහුදට ගහගෙන යන්න සැලැස්සුවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
16 ඔහු පාළුකරයේදී තමන්ගේ සෙනඟට මඟ පෙන්නුවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
17 ඔහු බලවත් රජවරුන්ට පහර දුන්නා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
18 තේජවත් රජවරුන්ව ඔහු විනාශ කරලා දැම්මා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
19 ඔහු අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ව+ විනාශ කළා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
20 බාෂාන්වල ඕග් රජවත්+ ඔහු විනාශ කළා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
21 ඔවුන්ට අයිති දේශය ඔහු තමන්ගේ සෙනඟට උරුමයක් විදිහට දුන්නා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
22 තමන්ගේ සේවකයා වුණ ඊශ්‍රායෙල්ට ඔහු ඒ දේශය උරුම කරලා දුන්නා.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
23 අපි අධෛර්යය වෙලා ඉද්දී ඔහු අපිව අමතක කළේ නැහැ.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+
24 දිගින් දිගටම අපේ සතුරන්ගේ අතින් ඔහු අපිව බේරගත්තා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
25 හැම ජීවියෙක්ටම ඔහු ආහාර ලබා දෙනවා.+මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
26 ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ස්තුති කරන්න.මොකද ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
පාදසටහන්
^ හෝ, “නොසැලෙන ආදරේ.”
^ හෝ, “ප්‍රඥාවෙන්.”
^ මූ.අ., “දවාල පාලනය කරන්න.”
^ මූ.අ., “රාත්‍රිය පාලනය කරන්න.”
^ මූ.අ., “කොටස්වලට වෙන් කළා.”