ගීතාවලිය 137:1-9

  • බැබිලෝනියේ ගංඉවුරුවල

    • සියොන්වල ගීත ගායනා කළේ නැහැ (3, 4)

    • බැබිලෝනිය විනාශ වෙන්න නියමිතයි (8)

137  බැබිලෝනියේ ගංඉවුරුවල+ වාඩි වෙලා සියොන් ගැන මතක් කරකර අපි ඇඬුවා.+   එහේ* තිබුණ ගස්වල*අපි අපේ වීණා එල්ලලා තිබ්බා.+   අපිව වහලුන් කරගත්ත අය අපිට ගීයක් ගයන්න කිව්වා.+අපිට සමච්චල් කරන අය ඔවුන්ගේ විනෝදය වෙනුවෙන් “සියොන්වල ගීයක් ගයන්න” කියලා අපිට කිව්වා.   යෙහෝවාට ගයන ගීයක් වෙනත් දේශයක ඉඳන්අපි කොහොම ගයන්නද!   අනේ යෙරුසලම, මට ඔබව අමතක වුණොත්මගේ දකුණතින් කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න ඕනේ!*+   යෙරුසලම, මට ඔබව සිහි වෙන්නේ නැත්නම්,මම ඔබව මගේ ජීවිතේ ලොකුම සතුට+ කරගත්තේ නැත්නම්මගේ දිව උඩු තල්ලේ ඇලෙන්න ඕනේ!   අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා. “ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+   ඉක්මනින්ම විනාශ වෙන්න යන බැබිලෝනිය දියණියනි,+ඔබ අපිට සලකපු විදිහටම ඔබටත් සලකන+තැනැත්තා සන්තෝෂවත්.   ඔබේ දරුවන්ව පැහැරගෙනඔවුන්ව ගලේ ගහලා මරලා දාන තැනැත්තා සන්තෝෂවත්.+

පාදසටහන්

ඒ කියන්නේ බැබිලෝනියේ.
හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ මැදපෙරදිග රටවල ගංඉවුරුවල සාමාන්‍යයෙන් වැඩෙන ගහක්. ඉංග්‍රීසියෙන් පොප්ලර්.
හෝ සමහරවිට, “දකුණත පණ නැති වෙන්න ඕනේ!”