ගීතාවලිය 138:1-8

  • මොන තරම් උසස් වුණත් දෙවියන් මිනිසුන් ගැන සැලකිලිමත්

    • “ඔබ මට උත්තර දුන්නා” (3)

    • “අනතුරු මැදින් මට යන්න වුණත් ඔබ මගේ ජීවිතය රැක දෙනවා” (7)

දාවිත් රචනා කරපු ගීතයක්. 138  මගේ මුළු හදවතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.+ වෙනත් දෙවිවරුන් ඉස්සරහා මම ඔබට ප්‍රශංසා ගී ගයනවා.*   ඔබ පෙන්වන නොසැලෙන ආදරේ නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත්මම ඔබේ ශුද්ධ මාලිගාව* දිහාවට හැරිලා වැඳ වැටෙනවා.+ඔබේ නමට ප්‍රශංසා කරනවා.+ මොකද ඔබේ නමත් ඔබේ පොරොන්දුත්අනිත් හැම දේටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඔබ පෙන්වලා තියෙනවා.*   මම ඔබෙන් උදව් ඉල්ලපු දවසේම ඔබ මට උත්තර දුන්නා.+මාව ශක්තිමත් කරලා, නිර්භීතව වැඩ කරන්න මට උදව් කළා.+   යෙහෝවා දෙවියනි, පොළොවේ රජවරු හැමෝම ඔබට ප්‍රශංසා කරයි.+මොකද ඔබේ පොරොන්දු ගැන ඔවුන්ට අහන්න ලැබෙයි.   ඔවුන් යෙහෝවාගේ මාර්ග ගැන ගී කියයි.මොකද යෙහෝවාගේ තේජස හුඟක් ශ්‍රේෂ්ඨයි.+   යෙහෝවා කොයි තරම් උසස් වුණත්නිහතමානී අය ගැන ඔහු සැලකිලිමත් වෙනවා.+ඒත් උඩඟු අයගෙන් ඔහු ඈත් වෙලා ඉන්නවා.+   අනතුරු මැදින් මට යන්න වුණත් ඔබ මගේ ජීවිතය රැක දෙනවා.+ කේන්තියෙන් ඉන්න මගේ සතුරන්ට විරුද්ධව ඔබ ඔබේ අත දිගු කරනවා.ඔබේ දකුණතින් ඔබ මාව ගලවගන්නවා.   මං වෙනුවෙන් අරමුණු කරපු හැම දේම යෙහෝවා ඉටු කරනවා. යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+ඔබේම දෑතින් නිර්මාණය කරපු දේ* අත්හරින්න එපා දෙවියනි!+

පාදසටහන්

හෝ සමහරවිට, “අනිත් දෙවිවරුන්ට විරුද්ධ වෙමින් මම ඔබ වෙනුවෙන් සංගීතය වාදනය කරකර ගායනා කරනවා.”
හෝ, “ශුද්ධස්ථානය.”
හෝ සමහරවිට, “ඔබේ පොරොන්දු ඔබේ නමටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඔබ පෙන්වලා තියෙනවා.”
මූ.අ., “දෑතේ ක්‍රියා.”