ගීතාවලිය 139:1-24

  • දෙවියන් ඔහුගේ සේවකයන් ගැන හොඳින්ම දන්නවා

    • දෙවියන්ගේ බලයෙන් බේරිලා යන්න පුළුවන් තැනක් නැහැ (7)

    • “මාව හදලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර විදිහටද!” (14)

    • “මං කලලයක් වෙලා ඉද්දීත් ඔබට මාව පෙනුණා” (16)

    • “සදාකාලෙටම තියෙන මාර්ගයේ මාව අරන් යන්න” (24)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 139  යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කරලා බලලා මාව හොඳින් හඳුනගත්තා.+   මම ඉඳගත්තත් හිටගත්තත් ඔබ ඒක දන්නවා.+ දුර ඈතක හිටියත් මං හිතන දේ ඔබ දන්නවා.+   මම ගමනක් ගියත් විවේක ගත්තත් ඔබ ඒ ගැන අවධානයෙන් ඉන්නවා.මං කරන හැම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නවා.+   යෙහෝවා දෙවියනි, මගේ කටින් වචනයක් පිට වෙන්නත් කලින්මං කියන්න යන දේ ඔබ දන්නවා.+   ඔබ හැම පැත්තකම ඉඳන් මාව ආරක්ෂා කරනවා.ඔබේ අතින් මාව අල්ලගන්නවා.   ඔබට මං ගැන තියෙන අවබෝධය හිතාගන්නවත් බැරි තරම්. මට ඒක තේරුම්ගන්න බැරි තරම් ගැඹුරුයි.+   මට ඔබේ බලයෙන් බේරිලා යන්න පුළුවන් තැනක් තියෙනවාද?ඔබෙන් පලා ගිහින් හැංගිලා ඉන්න පුළුවන් තැනක් තියෙනවාද?+   මං ස්වර්ගයට ගියත් ඔබ එතන ඉන්නවා.මං මිනී වළේ සැතපිලා හිටියත් ඔබට මාව පේනවා.+   මං අරුණාලෝකයේ පියාපත් මත නැඟලාසාගරයේ දුර ඈත තැනකට පියාඹලා ගියත් 10  එහෙදීත් ඔබේ අතින් ඔබ මට මඟ පෙන්වයි.ඔබේ දකුණතින් මාව තදින් අල්ලගනියි.+ 11  “අන්ධකාරය මාව වෙළාගනියි” කියලා මං කිව්වොත් රාත්‍රිය වුණත් ආලෝකයට හැරෙයි. 12  මොකද අඳුර ඇත්තටම ඔබට අඳුරක් නෙවෙයි.එතකොට රාත්‍රිය ඔබට මහ දවාල වගේ පෙනෙයි.+ඔබට අඳුරත් එළිය වගේ පෙනෙයි.+ 13  මගේ වකුගඩු හැදුවෙත් ඔබයි.මව්කුසේදී ඔබ මාව හංගලා තිබ්බා.*+ 14  දෙවියනි, ඔබ මාව හදලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර විදිහටද!+ ඒ ගැන හිතද්දී මගේ හිතේ ඔබ ගැන ඇති වෙන්නේ ලොකු ගරුබියක්.ඒ නිසා මම මුළු හිතින්ම ඔබට ප්‍රශංසා කරනවා.ඔබේ ක්‍රියා ඇත්තටම පුදුමාකාරයි!+ ඒක මම හොඳින්ම දන්නවා. 15  කාටත් නොපෙනෙන්න මං වැඩෙද්දී,මව්කුසේ මම ටිකෙන් ටික වැඩෙද්දී*+මගේ ඇටකටුත් ඔබෙන් සැඟවිලා තිබුණේ නැහැ. 16  මං කලලයක් වෙලා ඉද්දීත් ඔබට මාව පෙනුණා.ඒකේ හැම අවයවයක්ම හැදෙන්නත් කලින්ඒ එක එක අවයවය ගැනත් ඒවා හැදෙන අවස්ථාව ගැනත්ඔබේ පොතේ ලියලා තිබුණා. 17  දෙවියනි, ඔබේ අදහස් මට කොයි තරම් වටිනවාද!+ ඒවා ගණන් කරන්න බැරි තරම්!+ 18  මං ඒවා එකින් එක ගණන් කරන්න හැදුවත් ඒවා වැලි කැටවලටත් වඩා වැඩියි!+ උදෑසන අවදි වෙද්දීත් මට ඒවා ගණන් කරලා ඉවර කරන්න බැරි වෙයි.*+ 19  අනේ දෙවියනි, ඔබ දුෂ්ටයන්ව විනාශ කරලා දැම්මොත්+ මං වටේ ඉන්න දාමරිකයොත්* නැති වෙලා යයි. 20  ඔවුන් නරක චේතනාවෙන්* ඔබට විරුද්ධව කතා කරනවා.ඔබට අගෞරවයක් වෙන විදිහට ඔබේ නම පාවිච්චි කරන ඔවුන් ඔබේ සතුරෝ!+ 21  යෙහෝවා දෙවියනි, ඔබට වෛර කරන අයට මමත් වෛර කරනවා.+ඔබට විරුද්ධව කැරලිගහන අය මට පිළිකුලක්.+ 22  මට ඔවුන් ගැන තියෙන්නේ වෛරයක් විතරමයි.+මම ඔවුන්ව සලකන්නේ මගේ සතුරන් විදිහට. 23  අනේ දෙවියනි, මාව සෝදිසි කරලා මගේ හදවතේ තියෙන දේ දැනගන්න.+ මං ගැන හොයලා බලලා මගේ හිතට වධ දෙන සිතුවිලි දැනගන්න.+ 24  මාව වැරදි මඟක යවන දෙයක් මං තුළ තියෙනවාද කියලා බලලා+සදාකාලෙටම තියෙන මාර්ගයේ මාව අරන් යන්න.+

පාදසටහන්

හෝ සමහරවිට, “මව්කුසේදී ඔබ මාව එකට ගොතලා නිර්මාණය කළා.”
මූ.අ., “පොළොවේ ගැඹුරුම තැන මාව ගොතලා නිර්මාණය කරද්දී.”
මූ.අ., “මං තවමත් ඔබ එක්කමයි.”
හෝ, “මිනීමරුවෝ.”
හෝ, “තමන්ගෙම අදහස්වලට අනුව.”