ගීතාවලිය 14:1-7

  • අඥානයා වැඩ කරන විදිහ

    • “යෙහෝවා නැහැ” (1)

    • “යහපත කරන කිසිම කෙනෙක් නැහැ” (3)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 14  අඥානයා වැඩ කරන්නේ ‘යෙහෝවා නැහැ’ කියලා හිතාගෙනයි.+ ඔවුන්ගේ ක්‍රියා දුෂ්ටයි. ඔවුන් හැසිරෙන්නේ හරිම පහත් විදිහට.යහපත් දේ කරන කිසිම කෙනෙක් නැහැ.+   යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉඳන් මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා.යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ඉන්නවාද කියලා ඔහු හොයලා බලනවා.+   ඒත් යහපත කරන කිසිම කෙනෙක් නැහැ.එක් කෙනෙක්වත් නැහැ. හැම කෙනෙක්ම දුෂ්ටයි.ඔවුන් හරි දේ කරන එක අත්හැරලා දාලා.+   ඒ එක් කෙනෙක්ටවත් කිසිම අවබෝධයක් නැද්ද? ඔවුන් රොටි කනවා වගේ මගේ සෙනඟව කාලා දානවා. ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්නේ නැහැ.   ඒත් ඔවුන්ගේ හිත් බයෙන් සලිත වෙයි.+මොකද යෙහෝවා දෙවියන් ඉන්නේ ධර්මිෂ්ඨයන්ගේ පැත්තේ.*   දුෂ්ටයෙනි, ඔබ අසරණයන්ගේ සැලසුම් කඩාකප්පල් කරන්න හදනවා.ඒත් ඔවුන්ගේ රක්ෂස්ථානය යෙහෝවායි.+   ඊශ්‍රායෙලයේ ගැලවීම සියොන් වෙතින් ලැබෙන්න කියලා මමපතනවා!+ වහලුන් වෙලා ඉන්න තමන්ගේ සෙනඟව යෙහෝවා ආයෙත් එකතු කරද්දී,යාකොබ් සතුටු වෙන්න! ඊශ්‍රායෙල් ප්‍රීතියෙන් ඉපිල යන්න!

පාදසටහන්

මූ.අ., “ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව එක්ක.”