ගීතාවලිය 140:1-13

  • යෙහෝවා බලවත් ගැලවුම්කරුවෙක්

    • දුෂ්ටයෝ හරියට සර්පයන් වගේ (3)

    • දාමරිකයන්ව විනාශ කරයි (11)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 140  අනේ යෙහෝවා, දුෂ්ටයන්ගෙන් මාව බේරගන්න.දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.+   ඔවුන් සිතින් දුෂ්ට දේවල් සැලසුම් කරනවා.+දවස තිස්සේම ආරවුල් ඇති කරනවා.   ඔවුන්ගේ දිව සර්ප දිවක් වගේ තියුණුයි.+ඔවුන්ගේ කටින් පිට වෙන වචන පොළොං විෂ වගේ මාරාන්තිකයි.+ (සීලාහ්)   අනේ යෙහෝවා, දුෂ්ටයාගේ අතින් මාව බේරගන්න.+දාමරිකයන්ගෙන් මාව ආරක්ෂා කරන්න.මාව වට්ටන්න ඔවුන් කුමන්ත්‍රණය කරනවා.   උඩඟු මිනිස්සු මට උගුලක් ඇටෙව්වා.මං යන එන පාරේ ඔවුන් දැලක් එළලා තිබ්බා.+ මාව අහු කරගන්න ඔවුන් මර උගුල් අටවනවා.+ (සීලාහ්)   “අනේ යෙහෝවා, මගේ දෙවියන් ඔබයි. මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී මට සවන් දෙන්න”+ කියලා මම යෙහෝවාට කිව්වා.   ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මගේ බලවත් ගැලවුම්කරු ඔබයි.යුද්ධ කරන දවසේදී ඔබ මගේ හිස ආරක්ෂා කරනවා.+   යෙහෝවා දෙවියනි, දුෂ්ටයන්ට ඔවුන්ගේ ආශාවන් ඉටු කරගන්න දෙන්න එපා. ඔවුන්ගේ උපායන් සාර්ථක වෙන්න ඉඩ දෙන්න එපා.එහෙම වුණොත් ඔවුන් තව තවත් උඩඟු වෙයි. (සීලාහ්)+   මාව වට කරගෙන ඉන්න සතුරන් කියන දුෂ්ට දේවල්ඔවුන් පිටටම පැමිණේවා!+ 10  ගිනි අඟුරු ඔවුන් පිටට වැටේවා!+ ඔවුන්ව ගිනි ගොඩකට ඇද දමනු ලැබේවා!ආයෙත් ගොඩ එන්න බැරි වෙන්නම ගැඹුරු වළකට* දමනු ලැබේවා!+ 11  අනුන්ට නින්දා කරන අදහසින් බොරු පතුරුවන අයට පොළොවේ ඉන්න තැනක් නොලැබේවා!+ විපත්ති, දාමරිකයන් පස්සේ පන්නගෙන ගිහින් ඔවුන්ව විනාශ කරනු ලැබේවා! 12  යෙහෝවා අසරණයා වෙනුවෙන් නැඟී ඉන්නවා කියලත්දුප්පතාට යුක්තිය ඉටු කරලා දෙනවා කියලත් මං දන්නවා.+ 13  ඒ නිසා ධර්මිෂ්ඨයෝ අනිවාර්යයෙන්ම ඔබේ නමට ස්තුති කරයි.අවංක අය ඔබ ඉස්සරහා හැමදාටම ජීවත් වෙයි.+

පාදසටහන්

හෝ, “වතුර වළකට.”