ගීතාවලිය 141:1-10

  • ආරක්ෂාව ඉල්ලලා කරන යාච්ඤාවක්

    • ‘මගේ යාච්ඤා සුවඳ ද්‍රව්‍ය වගේ වේවා!’ (2)

    • ධර්මිෂ්ඨයා දෙන අවවාදය තෛලයක් වගේ (5)

    • දුෂ්ටයන් ඔවුන් එළපු දැල්වලටම අහු වෙයි (10)

දාවිත් රචනා කරපු ගීතයක්. 141  යෙහෝවා දෙවියනි, මම ඔබට කන්නලව් කරනවා.+ ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+ මං ඔබෙන් උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.+   මගේ යාච්ඤා, ඔබ ඉස්සරහා පිළියෙල කරපු+ සුවඳ ද්‍රව්‍ය වගේ වේවා!+මං අත් උස්සලා කරන කන්නලව් හවස ඔප්පු කරන ධාන්‍ය පූජාව වගේ වේවා!+   අනේ යෙහෝවා, මගේ කටට රැකවලෙක්ව පත් කරන්න.මගේ දෙතොල්වලට මුරකරුවෙක්ව පත් කරන්න.+   කිසිම නපුරු දේකට යොමු වෙන්න මගේ හිතට ඉඩ දෙන්න එපා.+දුෂ්ට දේවල් කරන අය එක්ක එකතු වෙලා පහත් දේවල් කරන්න මට ඉඩ දෙන්න එපා.ඔවුන් එක්ක එකතු වෙලා රස බොජුන් කන්න මට කොහොමටවත් ඕනෙ නැහැ!   ධර්මිෂ්ඨයා මට පහර දුන්නත්ඔහු ඒක කරන්නේ ඔහුට මං ගැන තියෙන නොසැලෙන ආදරේ නිසයි.+ඔහු මට අවවාද කළත් ඒක මගේ හිසට වක් කරන තෛලයක් වගේ.+මම ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.+ ඔවුන්ගේ විපතේදීත් මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා.   සෙනඟ ඔවුන්ගේ විනිශ්චයකරුවන්ව පර්වතයෙන් පහතට තල්ලු කරයි.ඒ වුණත් ඔවුන් මං කියන දේවල් අහලා ඒවා යහපත් කියලා තේරුම්ගනියි.   නගුලෙන් පස හාරද්දී පස සීසීකඩ යනවා වගේඅපේ ඇටකටුත් මිනී වළ අද්දර සීසීකඩ වැටිලා තියෙනවා.   ඒත් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,මම ඔබ දිහාම බලාගෙන ඉන්නවා.+ මම රැකවරණය පැතුවේ ඔබගෙන්. අනේ, මට මැරෙන්න දෙන්න එපා.   දුෂ්ටයන් මට අටවපු උගුලෙන් මාව ආරක්ෂා කරන්න.ඔවුන් එළපු දැල්වලින් මාව බේරගන්න. 10  දුෂ්ටයන් හැමෝම එකම වෙලාවේ ඔවුන් එළපු දැල්වලටම අහු වෙයි.+ඒත් මම ඒ හැම එකකින්ම බේරිලා යනවා.

පාදසටහන්